මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් අද (07) සහ සඳුදා (08) දෙදින උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවලද නිරීක්ෂණ චාරිකාවක නිරත වන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සෙයිද් රාද් අල් හුසේන් කුමරු යාපනයේ හා ත‍්‍රිකුණාමලයේ සංචාරය කරන අතර එම සංචාරවලදී හෙතෙම උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් සහ නැගෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහමඩ් ද රජයේ නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය. මීට අමතරව සිය උතුරු හා නැගෙනහිර ගැටුම් වලින් පීඩාවට පත්වූ වැසියන් හමුවීමට ද ඔහු යනු ඇත.
මානව හිමිකම් මහ කොමසාරිස්වරයා විදේශ අමාත්‍ය මංගල සමරවීර සමග රටේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කළේය. ඉන් පසුව සෙයිද් රාද් අල් හුසේන් තුන්මුල්ලේ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේදී මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක උනා මැකේලි සහ එක්සත් ජාතීන්ගේ ආයතන ප‍්‍රධානීන් මුණ ගැසුණේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුංමුල්ලේ විමලේ ප්‍රධාන කරගෙනගෙන ඔහුගේ ඇම්බැට්ටයන් ඒ පළාතේ විරෝධතා කරන්න ගියේ නැත්තේ මොකොද ? බස් එකක්වත් පුරෝගන්න අනුගාමිකයන් හොයාගන්න බැරි වුනාද ? (බ)