"සුදු ගින්දර", "අගස් මාලය" ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ රිහාන් රවින්ද්‍රගේ නවතම ටෙලි නාට්‍යය වන "හස්ති රාජ මන්ත්‍රය" මාර්තු 19 වැනිදා සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7.30ට TNL නාළිකාව ඔස්සේ විකාශය වීමට නියමිතව ඇත. පුජන දන්දෙණිය, චාපා නිමන්ති, දිලිප් මනෝහර, කුමාරි සේනාරත්න, උදයශාන්ත ලියනගේ මෙහි රංගනයෙන් දායක වන අතර, සංගීත අධ්‍යක්ෂණයෙන් විශාරද සෝමසිරි බෝපිට, සංස්කරණයෙන් නෙවිල් රාමනායකද දායකව සිටිති. මෙහි නිෂ්පාදන බරපැණ දරා ඇත්තේ චාන්දනි ප්‍රියංකා විසිනි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd