කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී හසිත මඩවල 2013 ජනවාරියේ දී වෙඩි තබා ඝාතනය කළ රංගන කුමාර පෙරේරාට මරණ දඬුවම නියම කළ ගම්පහ මහාධිකරණ විනිසුරු එස් ඩී අර්පා තාසිම් මහත්මිය එම ඝාතනයට ආධාරණ අනුබල දුන් ඩබ්ලිව් අශේන් චතුරංගට වසර පහක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළාය.
අධිකරණයේ වසර 23ක සේවා කාලයක් සම්පූර්ණ කළ විනිසුරු තාසිම් මහත්මියගේ අවසන් නඩු තීන්දුව මෙය බවත්, ඉන් පසු විශ්‍රාම යන බවත් ඇය අධිකරණයේ දී කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ගැන අපිට හරි ආඩම්බරයි අපේ රටට අවැසි ඔබ වෙනි විනිසුරුවන් ඔබට සුබ අනාගතයක් (අ)
ආඩම්බර වෙන්න ඕනෑ රටේ නීතිය යළි ස්ථාපිත කළ ජනාධිපතිතුමයි අගමැතිතුමයි. මොකද ජනවාරි 08 වෙනිදාට කලින් රටේ නීතියක් තිබුනාද නැද්ද කියන එක මුළු රටම දන්නවා. (නි)
ඕක තමයි වෙන්නේ. ඕඩර් එක දුන් කෙනා ගෙදර. මෝඩ කමට පැනල වැඩේ කරපු කෙනා හිරගෙදර. තාජුදීන්ගේ එකටත් වෙන්නේ ඕකමයි.(නදී)
මැඩම්,ඔබට ජයශ්‍රී (නදී)
විනිසුරු මැතිනියනි, විනිශ්චයකාර තනතුරේ ගෞරවය ආරක්ෂා කිරීම ගැන අපි සතුටුවෙමු. ඔබතුමියට දීර්ඝායු වේවා! (නි)
හොඳ තීරණයක් (නි)
සාධාරණ තීන්දුවක් (නි)