නැසී ගිය ගායක එම්.එස්. ප්‍රනාන්දුගේ ගීත අවසරයකින් තොරව ගායනා කර මුදල් ඉපැයීයැයි චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කළ ගායන ශිල්පී එම්.ජී.ධනුෂ්ක රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (9) නියෝග කළේය.
එම්.එස්.ප්‍රනාන්දු මහතාගේ පුත් සරත් ප්‍රනාන්දු කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසියේ වාණිජ අපරාධ අංශයෙන් පැමිණිල්ල ගොනු කර තිබිණි.
එම්.ජී.ධනුෂ්ක දෙරණ රූපවාහිනී නාලිකාවේ රියලිටි වැඩසටහනකින් ගායන ක්ෂේත්‍රයට පිවිසියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ සින්දුවක් කියන් ආවනම් ඉවරනේ. මේ වගේ අයව පුම්බන හොඳ නෑ (ම)
ඔය ස්ටාර් කිරුල දිනාගෙන තමන්ගේ ගීත නිර්මාණ ගායනා නොකර මේ රටේ ජනප්‍රිය ගායකයෝ ඉතාමත් මහන්සියෙන් හදාගත්ත නිර්මාණ තමන්ගේ නිර්මාණ වගේ ගායනා කරමින් සල්ලි හොයන එක හරිම අසික්කිත වැඩක් මේ ස්ටාර් ගායකයෝ එක කවද තේරුම් ගනීද (අ)
අනුන්ගේ ආලෝකය විහිදවන්නේ ග්‍රහලෝක මිසක් තරු නෙවි! (අ)
හොඳ වැඩේ අනෙක් අයටත් පාඩමක් වෙන්න. ඔහොම අවසරයකින් තොරව අනුන්ගේ සින්දු කියන එක වැරදියි (නි)
ඔහු කළ වැඩේ වැරදියි කියායි මමත් කියන්නේ (නි)
ඒ වුණාට නිතර ඇහෙන්නෙ නැති සමහර ගීත ජනප්‍රිය වුණේ රියැලටි වැඩසටහන් නිසා. එම් එස් ගේ අනෙත් ගීත ජනප්‍රිය වුණාට හිස් ටින් එකක් ගීතයට වැඩි ප්‍රසාදයක් හිමි වුණේ ධනුෂ්ක ඒක කියපු නිසා කියලයි මම නම් හිතන්නේ. හැබැයි එයා කළ වැඩේ නම් වැරදියි.... (නි)
ස්වතන්ත්‍ර නිර්මාණයක් නොකර අනුන්ගේ පානෙන් එළිය බලන අයගේ කාලය හරිම කෙටියි. දක්ෂතාවය පෙන්නන්න ඕනෑ තමන්ගේම නිර්මාණයකින් (නි)
එම්.ජී. ටත් පොඩ්ඩක් හිතන්න තිබුණනේ අනුන්ගේ ගීත ගයන්න කලින් (නි)
නව නිර්මාණ වලින් පමණක් රියලිටි වැඩසටහන් පටන් ගැනීමයි මෙයට ඇති හොඳම විසඳුම.එයින් යහපත් තත්වයේ ගායක ගායිකාවෝද බුද්ධිමත් රසික පරපුරක්ද බිහිවනු ඇති. (නි)
ඉංග්‍රීසි සින්දු කොපිකරලා සින්දු කියන ගායකයෝත් ඉන්නවා අපේ රටේ.තමන්ගේ වගේ ගායනා කරනවා. (නි)
දැන් ඉන්න කට්ටියගේ අලුත් නිර්මාණ නැහැ. පරණ සින්දු කියලා ටික කාලයක් පිම්බිලා ඉන්නවා. (නි)
දැන් ඉතින් මොනවා කරන්නද? (නි)
හිස් ටින් එකට වෙන්ඩ බැහැ එක වෙන තුන් දෙනෙක්ගේ, අයිතියත් චිත්‍රපට නිෂ්පදකටයි. (ම)
ඕවා ඔහොම තමයි (නි)
අපි නම් දන්නේ ධනුෂ්ක ගායනා කරාට පස්සේ තමයි එම්.එස්. ප්‍රනාන්දු මේ වගේ ගිතයක් ගායනා කරලා තියෙනවා කියලා.(ම)
ධනුෂ්කට දැන් ඔය ලක්ෂ 5 ලොකු දෙයක් නොවෙන්න පුලුවන්. ඒක කොහොම වුණත් ඔය රියලිටි වැඩසටහන් වලදී අනුන්ගේ ගීත ගායනය කිරීම තහනම් නැති නිසානේ එයාලා කරන්නේ.ඇරත් කියන හැම ගීතයකටම උරුමක්කාරයන්ගෙන් අවසර ගතහැකිද? ඔහු ගයන ගී මධුර මනෝහරය. මම නම් කියන්නේ ඒවා රසවිඳිනු විනා ඔහුගේමද අනුන්ගේද කියන එක නොසළකා හරිමු (නි)
මේ අයව ජනප්‍රිය කරන රූපවාහිනී නාලිකා වලින් නීති දාන්න ඕනෑනේ, තරඟයට ගායනා කරන ගීත සංගීත සංදර්ශන වලට මුදලට ගායනා නොකරන්න. (නි)