නැසී ගිය ගායක එම්.එස්. ප්‍රනාන්දුගේ ගීත අවසරයකින් තොරව ගායනා කර මුදල් ඉපැයීයැයි චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කළ ගායන ශිල්පී එම්.ජී.ධනුෂ්ක රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (9) නියෝග කළේය.
එම්.එස්.ප්‍රනාන්දු මහතාගේ පුත් සරත් ප්‍රනාන්දු කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසියේ වාණිජ අපරාධ අංශයෙන් පැමිණිල්ල ගොනු කර තිබිණි.
එම්.ජී.ධනුෂ්ක දෙරණ රූපවාහිනී නාලිකාවේ රියලිටි වැඩසටහනකින් ගායන ක්ෂේත්‍රයට පිවිසියේය.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘හිස් ටින් එකක්‘ ගැයූ එම්.ජී.ධනුෂ්කට ඇප
චමල් Wednesday, 09 September 2015 05:41 AM
තමන්ගේ සින්දුවක් කියන් ආවනම් ඉවරනේ. මේ වගේ අයව පුම්බන හොඳ නෑ (ම)
චන්දන Wednesday, 09 September 2015 06:30 AM
ඔය ස්ටාර් කිරුල දිනාගෙන තමන්ගේ ගීත නිර්මාණ ගායනා නොකර මේ රටේ ජනප්‍රිය ගායකයෝ ඉතාමත් මහන්සියෙන් හදාගත්ත නිර්මාණ තමන්ගේ නිර්මාණ වගේ ගායනා කරමින් සල්ලි හොයන එක හරිම අසික්කිත වැඩක් මේ ස්ටාර් ගායකයෝ එක කවද තේරුම් ගනීද (අ)
පෙරේරා Wednesday, 09 September 2015 06:31 AM
අනුන්ගේ ආලෝකය විහිදවන්නේ ග්‍රහලෝක මිසක් තරු නෙවි! (අ)
මිලාන් Wednesday, 09 September 2015 07:05 AM
හොඳ වැඩේ අනෙක් අයටත් පාඩමක් වෙන්න. ඔහොම අවසරයකින් තොරව අනුන්ගේ සින්දු කියන එක වැරදියි (නි)
සරත් Wednesday, 09 September 2015 07:07 AM
ඔහු කළ වැඩේ වැරදියි කියායි මමත් කියන්නේ (නි)
නුවන් Wednesday, 09 September 2015 07:08 AM
ඒ වුණාට නිතර ඇහෙන්නෙ නැති සමහර ගීත ජනප්‍රිය වුණේ රියැලටි වැඩසටහන් නිසා. එම් එස් ගේ අනෙත් ගීත ජනප්‍රිය වුණාට හිස් ටින් එකක් ගීතයට වැඩි ප්‍රසාදයක් හිමි වුණේ ධනුෂ්ක ඒක කියපු නිසා කියලයි මම නම් හිතන්නේ. හැබැයි එයා කළ වැඩේ නම් වැරදියි.... (නි)
පීරිස් Wednesday, 09 September 2015 07:18 AM
ස්වතන්ත්‍ර නිර්මාණයක් නොකර අනුන්ගේ පානෙන් එළිය බලන අයගේ කාලය හරිම කෙටියි. දක්ෂතාවය පෙන්නන්න ඕනෑ තමන්ගේම නිර්මාණයකින් (නි)
යසරත්න Wednesday, 09 September 2015 07:46 AM
එම්.ජී. ටත් පොඩ්ඩක් හිතන්න තිබුණනේ අනුන්ගේ ගීත ගයන්න කලින් (නි)
දයාජ Wednesday, 09 September 2015 08:02 AM
නව නිර්මාණ වලින් පමණක් රියලිටි වැඩසටහන් පටන් ගැනීමයි මෙයට ඇති හොඳම විසඳුම.එයින් යහපත් තත්වයේ ගායක ගායිකාවෝද බුද්ධිමත් රසික පරපුරක්ද බිහිවනු ඇති. (නි)
සුපුන් Wednesday, 09 September 2015 08:24 AM
ඉංග්‍රීසි සින්දු කොපිකරලා සින්දු කියන ගායකයෝත් ඉන්නවා අපේ රටේ.තමන්ගේ වගේ ගායනා කරනවා. (නි)
තිලක් Wednesday, 09 September 2015 08:30 AM
දැන් ඉන්න කට්ටියගේ අලුත් නිර්මාණ නැහැ. පරණ සින්දු කියලා ටික කාලයක් පිම්බිලා ඉන්නවා. (නි)
රිතික් Thursday, 10 September 2015 04:51 PM
දැන් ඉතින් මොනවා කරන්නද? (නි)
ලාල්සන් Wednesday, 09 September 2015 08:59 AM
හිස් ටින් එකට වෙන්ඩ බැහැ එක වෙන තුන් දෙනෙක්ගේ, අයිතියත් චිත්‍රපට නිෂ්පදකටයි. (ම)
සංජීව Wednesday, 09 September 2015 09:06 AM
ඕවා ඔහොම තමයි (නි)
සසික Wednesday, 09 September 2015 10:02 AM
අපි නම් දන්නේ ධනුෂ්ක ගායනා කරාට පස්සේ තමයි එම්.එස්. ප්‍රනාන්දු මේ වගේ ගිතයක් ගායනා කරලා තියෙනවා කියලා.(ම)
වසන්ජය Wednesday, 09 September 2015 09:09 PM
ධනුෂ්කට දැන් ඔය ලක්ෂ 5 ලොකු දෙයක් නොවෙන්න පුලුවන්. ඒක කොහොම වුණත් ඔය රියලිටි වැඩසටහන් වලදී අනුන්ගේ ගීත ගායනය කිරීම තහනම් නැති නිසානේ එයාලා කරන්නේ.ඇරත් කියන හැම ගීතයකටම උරුමක්කාරයන්ගෙන් අවසර ගතහැකිද? ඔහු ගයන ගී මධුර මනෝහරය. මම නම් කියන්නේ ඒවා රසවිඳිනු විනා ඔහුගේමද අනුන්ගේද කියන එක නොසළකා හරිමු (නි)
ඩිල්ෂාන් Wednesday, 09 September 2015 09:59 PM
මේ අයව ජනප්‍රිය කරන රූපවාහිනී නාලිකා වලින් නීති දාන්න ඕනෑනේ, තරඟයට ගායනා කරන ගීත සංගීත සංදර්ශන වලට මුදලට ගායනා නොකරන්න. (නි)