මේ වසරේ ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායම් ලැබූ බොලිවුඩ් චිත්‍රපට අතරට එක් වූ සජිද් ඛාන්ගේ "හවුස්ෆුල්" තුන්වැනි චිත්‍රපටයේ මිළඟ කොටසත් නිර්මාණය කරන්නට මේ වනවිට සැලසුම් කර තිබෙන බව සඳහන් වේ.
මෙම චිත්‍රපටයේද ප්‍රධාන නළු චරිත සඳහා ආක්ෂේ කුමාර් හා රිතෙක් දේශ්මුක් යොදා ගැනීමට මේ වනවිටත් තීරණය කර ඇති බවට තොරතුරු ලැබේ. මෙම "හවුස්ෆුල්" සිවුවැනි චිත්‍රපටයේ රූපගත කිරීම් මේ වසරේ අවසන් භාගයේදී සිදුකිරීමට බලාපොරොත්තු වන අතර, චිත්‍රපටය ලබන වසර අගදී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත.
දැනට නිකුත් කළ සියලු "හවුස්ෆුල්" චිත්‍රපට සියල්ලම ආදායම් අතින් අති සාර්ථක වී ඇති අතර, ඒ සෑම චිත්‍රපටයක්ම නිෂ්පාදන පිරිවැයටත් වඩා වැඩි ලාභ මුදලක්ද උපයා ගැනීමට සමත්ව තිබුණ බව සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd