විසි හතර පැයක වැසි සමග පාදුක්ක, ඉංගිරිය, හංවැල්ලේ ප්‍රධාන මාර්ග රැසක්ම ගංවතුරෙන් යට විය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
හංවැල්ලටත් ගංවතුර
ජයසිංහ Tuesday, 03 June 2014 12:18 PM
එයාලට පිනිබාන එක අගුනයිනේ ලුම්බිණි, සහනාධාර දෙනවා කියල එකෙනුත් කීයක් හරි ගසා කන හැටි කල්පනා කරනවා ඇති සීතල මාළිගා වලට වෙලා. (ස)
අජිත් Tuesday, 03 June 2014 12:25 PM
දැන් මොකටද යන්න කාරණාව චන්දෙට තව ඈතයි ළමයෝ. (ස)
දනුෂ්කා Tuesday, 03 June 2014 12:31 PM
අනවසර ඉදිකිරීම් , ඉඩම් ගොඩකිරීම් , ජලය බැසයන මාර්ග අවහිරවීම්. වැස්සට යට වෙනවා , යට උනහම සහන දෙනවා , තවත් එක ඇමති කෙනෙක් පාර්ලිමේන්තුවට එකතු වෙනවා. (ස)
වසන්ති Tuesday, 03 June 2014 12:34 PM
බදුල්ලට ,මොනරාගලට ආව නම් මහජන නියෝජිතයෝ ඕනෑ තරම් එලි බහීවි. (ස)
ගයානි Tuesday, 03 June 2014 12:58 PM
චන්ද දායකයෝ වතුරේ පාවෙනවා. බලවතුන් ආගිය අතක් නැහැ. අන්තිමේ චන්දෙ දුන්න කෙනෙකුත් නැහැ, දුන්න චන්දෙ ගත්ත කෙනෙකුත් නැහැනේ ! හරිම ආශ්චර්යමත් රටක්. (ස)
හසන්ත Tuesday, 03 June 2014 01:01 PM
කෝ මේ ආපදා කළමනාකරණ කටයුතු භාර ඇත්තෝ. ? ගංවතුර බහිනකන් ඉන්නවා ඇති මොකද වුනේ කියලා බලන්න යන්න. (ස)
ඉන්සාෆ් Tuesday, 03 June 2014 01:01 PM
මේ ගාල්ලටත් වහිනවා හෝ ගාලා , වෙඩි වගේ අකුනුත් ගහනවා අනේ (නදී)
දර්ශන Tuesday, 03 June 2014 01:04 PM
කළුතර දිස්ත්‍රික්කයේ නහය උඩින් ම වතුර ගිහින්. තවම ජ්‍යෝතිෂ්‍ය මහතා නැකත හදලා දුන්නේ නැතිව ඇති එලිය ට බහින්න අපේ අයට. (නදී)
වසන්ත Tuesday, 03 June 2014 01:07 PM
දැන් කට්ටිය වැස්සට පලි ගහයි.(නදී)
කවිඳු Tuesday, 03 June 2014 01:15 PM
කෝ මේ අර බලවතුන් ට කඩේ යන භවතා? මේවාට කිසි කතාවක් නැහැ. පුළුවන් නම් ඔවුන්ව එක්ක යන්නකෝ මේ විපතට පත් උදවිය බලන්න. (නදී)
රොෂාන් Tuesday, 03 June 2014 01:18 PM
බලවතුන් වතුරට බහින්න ස්විමින් සුට් ශෝර්ට්ස් තවම සොයනවා ඇති. සොයා ගන්නකොට ගංවතුර බැහැලා තියේවි. (නදී)
කාන්ති Tuesday, 03 June 2014 01:28 PM
මේ දවස් වල ලෝක ශුරතා ක්‍රිකට් නැති නිසා අන්න ගංවතුර ගැන ජනතාව විස්සෝප වෙන අල්ලපනල්ලේ කිරිපිටි බද්ද වැඩි කරලා. දැන් ඉතින් ගිලිලාම මැරෙමු. (නදී)
මධූ Tuesday, 03 June 2014 01:40 PM
නියම වෙලාවට ඒගොල්ලෝ එ්වි. කලබලයක් නෑ, මනාපෙට තව කල්තියනෝ. (ස)
කම්ජය් Tuesday, 03 June 2014 01:45 PM
අනේ මෙහෙම කරුම රටක්, අපේ මිනිස්සුන්ටත් හොද පාඩම. (ස)
සුනිල් Tuesday, 03 June 2014 01:47 PM
පහුගිය දවස් වල තාප්පයක් තාප්පයක් ගානෙ, බෝක්කුවක් බෝකුවක් ගානෙ ලයිට් කණුවක් ගානෙ දැන් විලිස්සාගෙන වැඳගෙන පෝස්ටර් වල හිටපු මහජන සේවේ නොකර නින්ද යන්නේ නැහැ කියපු දේශපාලකයෝ කෝ අද මහජනතාවට හිරිහැර වෙනකොට? (ස)
සුනිල් Tuesday, 03 June 2014 01:48 PM
මිනිස්සුන්ට ගංවතුර පෙන්නලා කිරි පැකට් එකට ඇනලා. (නදී)
තිලාන් Tuesday, 03 June 2014 01:55 PM
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මහා ගංවතුරක් ඇති වුන වෙලේ , දේශපාලකයන් සැනෙකින් ක්‍රියාත්මක වී ඒ ප්‍රදේශයට ගිහින් විපතට පත් ජනතාව සමග එක් වුනා. ලංකාවේ ජනතාව නම් පසුගිය මැතිවරණයෙන් පසුව අපේ ඇත්තන්ගේ පාට වත් තාම දකින්න නැතිව ඇති. (නදී)
කෙවින් Tuesday, 03 June 2014 02:06 PM
වෙනදාට දේශපාලක බලවතෙකු සම්බන්ධ පුවතකදී , පන් මල්ල අතින් අරගෙන පුවත් සංවාදයට එන සමහරුන් මේ වගේ ජාතික විපතකදී පැත්ත පළාතේ නැහැ. (නි)
අමිල Tuesday, 03 June 2014 03:15 PM
අර යටම පින්තූරෙ තියෙන වාහනේ එනව අැත්තේ දේශපාලකතුමෙක් තමයි. (ස)
සෑම් Tuesday, 03 June 2014 03:28 PM
අනේ ඇත්තට මට උදේ පාන්දරම බලන්න වෙන ප්‍රවෘත්ති. පිට රටක හිටියත් මගේ රටට වෙන අැබැද්දි බලන්න දුකයි. (ස)
දිනේෂ් Wednesday, 04 June 2014 01:44 AM
මේ වෙලාවේ දේශපාලනේට කෑ ගහන්නේ නැතුව අසරණ වෙච්ච මිනිස්සුන්ට පිහිටක් වෙන විදිහක් ගැන හිතුවොත් නරකද.
ලුම්බිණි Tuesday, 03 June 2014 11:35 AM
මම බැලුවේ තවමත් කිසිම මහජන නියෝජිතයෙක් එලියට වත් බැහැල නැත්තේ මොකද කියල? (නදී)