
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළන්ගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද (7) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
ඝාතනයට ලක් වූ වජිර නිශාන්ත නැමැති 55 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයාගෙන් විදේශගතව සැඟව සිටින මහා පරිමාණ ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කන්නංගරගේ ලලිත් කන්නංගර නැමැත්තා කප්පම් ලෙස බලෙන් මුදල් ඉල්ලා ලබා නොදීම සම්බන්ධයෙන් උරණව ඔහුගේ ගෝලයකුව වන මෙම සැකකරු ලවා ඝාතනය සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
වෙඩික්කරු සම්බන්ධයෙන් ලබා ගත් තොරතුරු රැසක් ඔස්සේ දින කීපයක් තුළදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඉකුත් 30 වෙනි දින කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස අසලට යතුරුපැදියකින් බැස පා ගමනින් පැමිණ ඊට යාබදව තිබෙන කැලෑවක් සහිත ඉඩමේ සැඟව සිට ව්‍යාපාරිකයා ආලින්දයට පැමිණ පුටුවේ වාඩි වී සිටියදී නිවසට දකුණු පසින් තිබෙන අඩි හතක පමණ උස තාප්පයෙන් වත්තට පැන ව්‍යාපාරිකයාට වෙඩි තබා ඔහු පැළඳ සිටි පවුම් පහක පමණ රන්මාලයද කොල්ලකා පා ගමනින්ම පලා ගිය බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් 31 හැවිරිදි යුද හමුදාවේ විශේෂ බලකායේ හිටපු මෙම සෙබළා හංවැල්ල දීද්දෙනිය ස්ථීර පදිංචිකරුවකු බවත් අපරාධ සිදුකිරීමෙන් අනතුරුව විවාහක බිරිඳගේ ගම් ප්‍රදේශයට ගොස් සැඟව සිටීම පුරුද්දක් කරගෙන තිබූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
වන්නකු Tuesday, 08 October 2024 06:28 AM
පොලීසිය ට මගේ ගෞරවණීය ආචාරය .