ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලිය (2012) ආරම්භ කරමින් බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී අද (08) පැවැති තරගයේදී හැව්ලොක්ස් පිල ලකුණු 33-10 කින් පොලිස් පිල පරාජය කිරීමට සමත් විය. ජයග‍්‍රාහි හැව්ලොක්ස් පිල ගෝල 2 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු ලැබීය. පොලිස් පිලට උත්සාහක දිනුම් දෙකකින් ලකුණු එකතු විය.