නීතිවිරෝධී විදේශ විනිමය හුවමාරු ක්‍රමයක් වන හවාලා ක්‍රමය නියාමනය කිරීමට අදාළ රෙගුලාසි මුදල් අමාත්‍යාංශය වෙත මේ වන විටත් යොමු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය අද (03) ජනමාධ්‍යවේදීන් සඳහා සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදී මේ බව ප්‍රකාශ විය.

එහිදී වැඩිදුරටත් ප්‍රකාශ වූයේ අදාළ රෙගුලාසි ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිය හැකි බවත් නිසි ලෙස නියාමනය වූ හවාලා විදේශ විනිමය හුවමාරු ක්‍රමයක් රටේ පැවතිය යුතු බවත්ය.