IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හවුන්ස්ලෝ ජනහඬන් නොමිලයේ නීති උපදෙස්

ලන්ඩන් නුවර හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම ලන්ඩන් නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සැලකියයුතු සේවයක් ඉටුකරනු ලබන වැදගත් ශ්‍රී ලාංකික සංවිධානයකි. එමගින් එංගලන්තයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ වෙසෙන අපේ සහෝදර නෑදෑ හිතවතුන්  වෙනුවෙන්ද සිදු කරන්නා වූ සේවය ඉතා විශාලය.

එම සංවිධානය මඟින් සංවිධානය කරනු ලබන සංස්කෘතික වැඩකටයුතු අතර ප්‍රධාන ස්ථානයක් ගනු ලබන්නේ වාර්ෂිකව පවත්වනු ලබන සිංහල අවුරුදු උත්සවයයි. සම්ප්‍රදායික සිංහල කෙළි සෙල්ලම් සහ සියලුම අවුරුදු අංගයන්ගෙන් සමන්විත මෙම උත්සවය මඟින් ලන්ඩන් නුවර හැදෙන වැඩෙන ශ්‍රී ලාංකික දෙමව්පියන්ගේ දුවා දරුවන්හට ශ්‍රී ලාංකික සංස්කෘතියේ වටිනාකම පිළිබඳව මනා අවබෝධයක් ලබාදීමට කටයුතු කරනු ලැබේ.

තවද ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විරෝධයන් නැගෙන සෑම අවස්ථාවකදීම හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම තම උපරිම ශක්ති ප්‍රමාණයෙන් එම විරෝධයන්ට එරෙහිව අනෙකුත් සංවිධානයන් සමග සහෝදරත්වයෙන් යුතුව කටයුතු කර එම විරෝධයන් පරාජය කරනට සමත් විය.


හවුන්ස්ලෝ නගර සභාව සමඟ ඉතාමත්ම සමීප සහයෝගයෙන් කටයුතු කරන එම සංවිධානය නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන ශ්‍රී ලාංකිකයනට  නගර සභාවෙන් කර ගත යුතු සේවාවන් ඉතාමත්ම ඵලදායි ලෙස ඉටු කර ගැනීමට රුකුල් වී ඇත.

ශ්‍රී ලංකාවේ වෙසෙන දුප්පත් ජනතාවගේ දරුවනට වාර්ෂිකව නොමිලයේ ලබා දෙන පාසල් උපකරණ ප්‍රධානය, ඈස් කණ්නාඩි ප්‍රධානය සහ රෝද පුටු ප්‍රධානය හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම ශ්‍රී ලංකාවේ වෙසෙන අපේම සහෝදර නෑදෑ හිතවතුන් වෙනුවෙන් සිදු කරන්නා වූ මෙහෙවර අතර ප්‍රධාන තැනක් ගනී.

මෙවන් වූ සේවාවන් සිදු කරන හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම මෙවර එංගලන්තයේ වෙසෙන  ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තවත් දැවැන්ත සේවාවක් ලබා දීමට සැරසෙයි. එනම් ඔවුන්ගේ නීතිමය කටයුතු වෙනුවෙන් නොමිලයේ නීති උපදෙස් සේවයක් ලබාදීමය. මේ අනුව ඕනෑම ආකාරයේ නීතිමය අවශ්‍යතාවයක් සඳහා අවශ්‍ය උපදෙස් දක්ෂ ප්‍රවීණ නීති වේදීන් වෙතින් නොමිලයේ ලබා ගැනීමට එංගලන්තයේ ශ්‍රී ලාංකිකයින්හට දැන් අවස්ථාව සැලසී ඇත.

මෙම වැඩපිළිවෙලෙහි ආරම්භය ජුලි 13 වන සෙනසුරාදා සවස 3.30 සිට 6.00 දක්වා ෆෙල්ය්හම් හිදී පවත්වීම සඳහා කටයුතු යොදා ඇත.

07712519780 හෝ 07534303302 අංකයන්ට ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැක. 



අදහස් (0)

හවුන්ස්ලෝ ජනහඬන් නොමිලයේ නීති උපදෙස්

තාරකා Thursday, 04 July 2013 08:40 PM

අනේද කියන්නෙ අපි නොදන්නා පදනම්? ලංඩන් ලාංකිකයො වෙනුවෙන් මොනවා කරනව ද මේ බොරු දේශප්‍රේමියො. (අ)

:       0       0

නිල්මිණි Thursday, 04 July 2013 01:36 PM

නියමයි. මෙවන් හොද වැඩ අනිත් රටවල දකින්න ලැබෙනවා නම් කොච්චර හොදද? (නි)

:       0       0

සිරිලාල් Sunday, 14 July 2013 07:26 PM

යූ ටියුබ්, ගූගල් වලට ගිහින් 'ජනහඩ' කියලා ටයිප් කරලා බලන්න. ඔබට ඇත්ත දැනගන්න පුළුවන් (නි)

:       0       0

දිනේෂ් Thursday, 04 July 2013 02:48 PM

මොන බොරුද? කට කයිවාරු විතරයි. ලකුණු ද ගන්න කරන වැඩ. හවුන්ස්ලව් වල මිනිස්සු දන්නවා හොඳට. ඉස්සලම එකතු කරන සල්ලි වලට කරන දේ, අය වැය පෙන්නන්නකො අනිත් අයට බැන බැන යන්නේ නැතිව.(නදී)

:       0       0

සිරී Tuesday, 16 July 2013 12:34 AM

ලන්ඩන් වල සිටින සමහර අපේ සිංහල අය යම් කෙනෙක් හොද දෙයක් කරන කොට ඉරිසියාව වගේ දැනෙනවා ඇති. එත කොට සමහර අපේම සිංහල කිහිප දෙනෙක් පමණක් තමන්ට කිසි දෙයක් කර ගන්න බැරිනිසා, රටට වැඩ දායක වැඩක් කරන අයගේ කකුලෙන් අදිනවා. අනුන්ගේ නම් පාවිච්චි කරමින් ඊ මේල් හදාගෙන මෙවැනි දේවල් කරනවා. නමුත් මේ අයව නීතියට ගෙන එන්න පුළුවන් පොලිසියට පැමිණිලි කිරීමෙන්. පොලිසියට දැනුම් දීමෙන් තමන් නිවැරදි බව ලෝකයට පෙන්නවන්න පුළුවන් ඔබගේ නම පාවිච්චි කරලා නම්. මට දුක කවදාද සිංහලයා එකමුතුව වැඩ කරන දවස එන්නේ කියලා මොකද සමහර අය මුදල් පසුපස යනවා ජාතියට හෙන ගැහුවත් ඒ අයට වැඩක් නැත. බොහොම දුකයි මේ වෙන දේවල් දිහා බැලුවම.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site