
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානයේ අනුග්‍රහය ලබන හවුති සටන්කාමීන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල හමුදා යේමන වරයාට එල්ල කළ ප්‍රහාරයෙන් තිදෙනකු මියගොස් තවත් 87 දෙනකු තුවාල ලබා ඇතැයි හවුති සටන්කාමීන් ප්‍රකාශ කළේය.
යේමනයේ හොඩෙයිඩා වරායේ පිහිටි හවුති ඉලක්ක වෙත ඊශ්‍රායල ජෙට් යානා ප්‍රහාර එල්ල කළ බවත් මෙම ප්‍රහාරය හවුති ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය 50 හැවිරිදි ඊශ්‍රායල ජාතිකයා වෙනුවෙන් ඊශ්‍රායලය ලබාදුන් පිළිතුර බවත් එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රහාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය. එසේම ඊශ්‍රායල හමුදාව යේමනයට පහරදුන් ප්‍රථම අවස්ථාව මෙය බවද එරට බලධාරීහු ප්‍රකාශ කළහ.
හවුති සටන්කාමීන්ගේ හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක යේයාහ් සාරි ප්‍රකාශ කර සිටියේ ඊශ්‍රායල හමුදාව යේමන වාරයේ තෙල් ගබඩා ඇතුළුව සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවත් ඔවුන්ගේ ප්‍රහාරයට හවුති සටන්කාමීන්ගේ පිළිතුරු ලබාදෙනු ඇති බවත්ය.
එම ප්‍රතිප්‍රහාරයේදී ඊශ්‍රායලයේ මරමස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට හවුති කැරලිකරුවන් පසුබට නොවනු ඇති බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලන් කෑවා..!
ත්‍රස්තවාදයට පිළිතුරු ත්‍රස්තවාදයෙන්ම දිය යුතුයි. විකල්ප නොමැත...