බුලත් කොළ පාටියෙ ලොක්කො ගම සංවිධානය කරන්න තියාපු රුස්වීම් ගණනාවක ආරවුල් ඇති වුණා. සමහර තැන්වල හූ හඬත් මතු වුණා... ඉතින් ඔය විදියට පහුගියදාක ගාල්ල දිස්ත්රික්කෙන් තිබුණ රුස්වීම් ගණනක ගාල ගෝට්ටි තිබ්බා...
සමහර රුස්වීම්වල ආරවුල් වැඩි වුණ නිසා කථිකයො කතා නොකරම මාරැ වුණා... ඉතින් ගාල්ල පැත්තෙ එක්තරා ආසනේක තිබුණ එක රුස්වීමක හූ හඬ එක්ක විවිධ දේවල්වලින් වේදිකාවට දමල ගහන්නත් පටන් ගත්ත. පළාතෙ මන්තිරි හැටියට ඉන්න උප ඇමැති සයිස් මහත්තය කොපමණ එපා කිව්වත් සද්ද බද්ද ඝෝෂාව නැවතුනේම නැහැ. හරියට නන් ස්ටොප් සින්දුවක් වගේ. බැරි තැන රුස්වීම කැන්සල් කළ ලොකු ලොක්කො ආරක්ෂාව ඇතුව යන්න ගියා. ඊට පස්සෙ එතන හිටිය අරවයින් ඇඟ රත් කර ගත්ත පාක්ෂිකයො කිව්ව කතාව අහපු සමහරැ පුදුමයට පත් වුණාලු... එයාල කිව්වෙ මෙහෙමයි...
"මචෝ... නියමෙට වැඩේ වුණා..." කෙනෙක් කිව්ව...
"ඒ වුණාට අපේ පක්ෂයෙ ලොක්කන්ට හූ කිව්ව එක කැතයි බන්.." අනෙක විරෝධය පළ කළා.
"ඉතින් අපි මොනව කරන්නද මනුස්සයෝ... මේ රුස්වීම කැඳවපු මිනිහමනේ මේ "හූවත්" ලෑස්ති කළේ..."
අන්තිමට අපි තමයි නරක උන් උන් හොඳයි...
ඔන්න ඔය විදියටයි "හූවෙ රහස" හෙළිවුණේ.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හූවෙ රහස