ගාල්ලේ රිමාන්ඩ් සිරකරුවෙන් ජංගම දුරකතනයේ නව පහසුකම් ඔස්සේ කුඩු ජාවාරමක් මෙහෙයවන බව ඌරගස්මං හංදිය පොලීසිය කියයි.
ඔහුගේ නියමයෙන් සන්නිවේදන මධ්‍යස්ථානයක් මගින් අවශ්‍ය මුදල ගෙන්වා ගනී.
ඉන් පසු අසවල් තැන හෙරොයින් පැකට්ටු ඇතැයි පනිවුඩයක් යවයි.
ඒ අනුව මෙරොයින් පැකට්ටුවක් සඟවා තුබූ තැනකින් ගන්නට ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු රිමාන්ඩ් සිරකරුට රුපියල් 14500ක් යවා ඇති බවත් දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගෙ පාඩුවෙ බිස්නස් එකක්වත් කරගන්න බැරි රටක් මේක (නි)
අපේ මිනිස්සු හිතන්නේ හැමදාම යෙහෙන් වැජඹෙන රස්සාවල් මේවා කියලානේ.(ස)
හලෝවෙන් බිස්නස් කරනවා වගේ හලෝවෙන්ම ඕවා සොයාගන්න පුළුවන් ලේසියෙන්.(ස)
ඔය පොඩි කුඩුකාරයෝ අහුවුණාම උන් එලි කරන්නේ නැද්ද මහමොල කාරයෝ කවුද කියලා. පුදුමේ කියන්නේ හැමදාම ප්‍රවෘත්තියක් තියෙනවා කුඩ්ඩෙක් අහුවුනා කියලා. නමුත් කුඩු ගෙන්වන මිනිහා ගැන එළිවෙන්නේ නැහැ. රහස වැලලෙන්නේ කවුරු අතින්ද? කොහොමද? (නි)