දෙරණ රූපවාහිනියේ වාද පිටිය වැඩ සටහන අතරතුරේ දී තමාට අපහාස වන ලෙස දුර කතන ඇමතුමක් ලබා දුන් පුද්ගලයකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
එම පුදාගලයාට එරෙහිව අපහාස නඩුවක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයාගේ පැමිණිල්ලේ සඳහන් වන්නේයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
දුරකතන ඇමතුමක් දුන් අසන්නා තමාට අභූත ලෝදනා කරමින් අපහාස කළැයි ඇමැති අලුත්ගමගේ මහතා දොස්තර රමේෂ් පතිරණ මහතා ද සමඟ නැඟිට යන්නට පෙර දෙරණ වැඩසටහන් පක්ෂග්‍රාහී බවත් චෝදනා කළේය.
එම අසන්නා සිය චෝදනාවෙන් කිසිවකුගේ නමක් නොකී නමුත් අලුත්ගමගේ මහතා කීවේ එම චෝදනාව තමන්ට සංවිධානාත්මක ලෙස එල්ල කළ බවයි.
වැඩසටහන මෙහෙය වූ චතුර අල්විස් එම සිද්ධිය ගැන කණගාටුව පලකරමින් පැවසුවේ ඇමැති තම නාලිකාවට නැගූ චෝදනා පදනම් විරහිත බවයි. ඔවුන් ගිය පසු එක්සත් ජාතික පක්ෂයේ අජිත් පෙරේරා මහතා සහ ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති මහතා පමණක් ඉතිරි විය.
වැඩසටහන තෙවැනි වටයට නොගොස් අවසන් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුහුල් හොරා කරෙන් දැනෙයි.....(නදී)
පක්ෂග්‍රාහී නාලිකා ගැන කතා කරන්න නම් අපිටත් පුළුවන්. ඔබතුමාට ඒ සම්බන්ධයෙන් නම් කියන්න කිසිම දෙයක් නැති බව මගේ අදහස !(නදී)
අසන්න හරි. මමත් බැලුවා. හොද වැඩේ (නදී)
හසී ඔයාල රට කනවා. උදව් කරන්න එපා. (නදී)
විවාදයට කටඋත්තර නැති කෙනාට නාලිකාව "ඇදයි " කිව්වා වගේ (නදී)
ඇමති තුමාට ටිකක් තරහා යනවා අපි එ්ක දන්නවා.(හේ)
ඇයි මෙච්චර මෙයාට තරහා ගිහින්.(හේ)
බන්ධුල කොහොමද මේ අදහස් දක්වන්නේ (දිල්)
ඇමතිතුමා අන්තිමට කියපු හොරට විභාග ලියපු පෙරකදෝරුවා කවුද දන්නේ නැහැ නේද?(දිල්)
ඇමතිතුමා නම් කාටවත්ම බැනලා නැතුව ඇති නේද?(හේ)
ප්‍රශ්නේ අහපු මහත්තයටත් තියෙන්නේ අපහාස නඩුවක් දාන්න,, (හේ)
ඉතින් දුරකතන ඇමතුම දුන් පුද්ගලයා කාගේවත් නමක් කිව්වේ නැහැනේ? ඔහුට විරුද්ධව නීතියෙන් කිසිම දෙයක් කරන්න බැහැ. (හේ)
දාන්න ඕන ෆයිල් ටික එළියට මේ ඔක්කොගෙම..(හේ)
නිර්භිත අසන්නේක් ඔබට ජයවේවා.(හේ)
එම පුද්ගලයා අහපු ප්‍රශ්නය ඉතාම පැහැදිලියි. අන්න වෙබ් අඩවියක හඩ පටය තිබෙනවා. පුලුවන්නම් අහන්න. (ර)
ඔහොම තමයි අහන්න ඕනේ. හැමදාමත් ඉවසන්න පුලුවන්ද. (ර)
ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හොද නිහතමානී කෙනෙක්. කිසිම හොර බොරුවක් නැති කෙනෙක්. (ර)
කියන්න කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි.(හේ)
පාපන්දු ක්‍රීඩාව දියුණු කරන්න දීපු මුදල් මොකද උනේ ඇමතිතුමෝ බහිරවය කෑවද ? ඔබට විශාල චෝදනා තිබෙනවා බලන් ඉන්න ! (බ)
ඉල්ලගෙන කෑම කියන්නේ ඕකට තමා. (ර)
දැන් මෙතුමාට තියෙන්නේ පැත්ත මාරු කරන්න. (ර)
පබසරා, ඔබ හරියට හරි. අබ කාපුඑකාගේ මොලය දනවා කියල කතාවක් තියෙනවා තමයි. (ර)
කතාකරපු කෙනා හොයන්න එංගලන්තයට යන්න වෙයි. (ස)
ආරංචි විදියට නම් ලන්ඩන් ඉදන් තමයි කතා කරලා තියෙන්නේ. (නදී)
කොහෙද යන තොප්පියක් මෙතුමා ඇදල දා ගත්තා වගේ කියලයි මට නං හිතෙන්නේ. හැබැයි සයිස් එක නං හරි වගේ. එතකොට පාර්ලිමෙන්ට් එකේ සෙන්කොලේ උස්සල ඒකට අපහාස කරපු එක ගැන මොකද කියන්නේ? (නදී)
ඇත්ත තිත්තයිනේ.(හේ)
මෙහෙම කිව්වනම් හරිද ? මෙතන හොරු නොවන දෙන්නෙක් ඉන්නවා.(හේ)
ඇමති තුමනි වාද පිටිය අහන්නේ අපි. තීරණය ගන්නේ අපි. මෙහෙම දාල ගියොත් ජනාදිපති වරණය කොයිබටද? ජනතාවට කතා කිරීමට ඇති කාලයෙන් ප්‍රයෝජනය ගන්න. මේ කාලය රන් හා සමානයි (නදී)
අපහාස නඩු දාන්න බෑ. හේතුව තමයි නරඹන්නා මහින්දා නන්ද කියල කිව්වේ නෑ. මේතන ඉන්න තුන්දෙනත් එක්ක ලොකු හොරෙක් ඉන්නවා කියල තමයි කිව්වේ. මහින්දානන්ද සද්ද නැතුව හිටියා නම් වැඩේ ෂේප් වෙනවා. (නදී)
මමත් ඕක ඇහුවා. එකේ සිද්ධ වුනේ පුහුල් හොර කරෙන් දැනේ වගේ වැඩක්. (හේ)
අයියෝ පවු ඇමති තුමා.(හේ)
දැන් නඩු දැම්මත් වැඩක් නැහැ (නදී)
බැනුම් අහල මඩ කාල ඉවසා ඉන්න ක්‍රමය රනිල් මහත්තයාගෙන් අහගන්න. ඔබතුමා එතැන නැති අයට චෝදනා කලෙත් හරිම නොහොබිනා විදියට. පතිරණ මහතා ඉතාම හරවත් විදියට කතා කළා. (නදී)
අපි මේ වැඩසටහන් බැලුවා. මහින්දානන්ද අලුත්ගමගේ කෑවේ ඉල්ලගෙන. ඇමතුම දුන් අසන්නා කිසිවෙකුගේ නමක් සදහන් කලේ නැහැ. කොහොමත් මෙතුමා ගැන රටේ ජනතාවට ප්‍රස්නයක් තියනවා.(නදී)
මෙම වැඩසටහන මමත් බැලුවා. ඇමතිතුමාගේ හැසිරීම ගැන නම් ඉතාම දුකයි. මෙම නාලිකාවට බලපත්‍රය දුන්නේ ආණ්ඩුව නිසා නාලිකාව ආණ්ඩුවට පක්ෂ වියයුතුය යන අදහසේ තමයි ඇමතිතුමා උන්නේ. (නදී)
අසන්නා නමක් කිව්වේ නෑ. අපරාදේ ඇමතිතුමාට නිකන් කේන්ති ගියා නේද? (නදී)
ඉල්ලන් කෑවා. අනුන්ගේ තොප්පියක් දාගත්තේ පව් රටකට ගිය කල (නදී)
පුහුල් හොරා ට උනෙත් ඕකමනේ. නිකම්ම කර අත ගෑවුනාලු. මෝඩකම කියල කියනවා මිසක් වෙන මොනව කියන්නද ?(නදී)
ඇමතිවරු වාද විවාද මග හරින්න මොකක් හරි හේතුවක් හොයා ගන්නවා. දැනටමත් පරාජය පිළිඅරන් ඉවරයි. (නදී)
හොරා ඉල්ලගෙන කෑවනම් ඒ කෝල් කරපු මනුස්සයා මොනවා කරන්නද ? කොහොමත් හංසි කියනවා වගේ නඩු දමන්න බැහැ. මොකද ඔහු නමක් කියල කාටවත් චෝදනා කලේ නැහැ. මුන් ඔක්කොම දැන් ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ මල පහ කරගන්න අමාරුයි (නදී)
දිගින් දිගටම චෝදනා නගද්දී දෙරණ මැදිහත් වීම මදි බවයි පේන්නේ (නදී)
කොහෙවත් පාවෙලා ගිය තොප්පියක් නේද මේ දමා ගත්තේ ? තමන්ට අපහාස කලා කියල කොහොමද හරියටම කියන්නේ ? (ම)
රුපවාහිනි නාලිකා පක්ෂග්‍රාහී වීම ගැන කතා කරන්න ගියොත් ඇමතිතුමාට කොහොමත් නැගිටලා යන්න වේවි. (ම)
එතුමාට එක ඇමතුමයි ආවේ. එතුමාට පුලුවන් නම් වෙස්වලාගෙන රටේ ඇවිදින්න ජනතාව කියන ඒවා අහලා පොලොව පලාගෙන තමයි යන්න වෙන්නේ.(හේ)
ඉල්ල්ලන් කෑම ඇදගෙන නෑම කියන්නේ මේකට සහෝදරවරුනි (නදී)
හොරෙක් හොරකම් කරන්නේ නැති බැරි කමට. හොරට වුනත් හොරා කිව්වම ඇතිවන අවමානය සුළුපටු නොවේ. හෙලා දකිනවා.(හේ)
ඇයි මෙච්චර තරහා ගිහිල්ලා තියෙන්නේ .(හේ)
අබ කාපු එකාගේ නහය දනවලු.(හේ)
අර කතවක් තියෙන්නේ පොලීසිය දැක්ක ගමන් හොරා දුවනවා කියලා මේකත් ඒවගේ තමයි.(හේ)
මුණ දෙන්න බැරිවෙනකොට මොකක් හරි ඇදයක් හොයනවා. කට තිබුන්නට දිනන්න බැරි දේවල් කොච්චර තියෙනවද.(හේ)
ඇදගෙන නෑවේ. මේ වගේ කට්ටිය තව ගොඩක් ඉන්නවා. අනාගතයේදී අනිත් අයටත් මෙහෙම වෙයි.(හේ)