හලාවත සිට තොඩුවාව හරහා මහවැව දක්වා වන කිලෝ මීටර් 16 ක් පමණ වන මාර්ගය පිළිසකර කරන බවට දුන් පොරොන්දු මෙතෙක් වගකිව යුත්තන් ඉටු කර නොමැති බවට චෝදනා කරමින් එම මාර්ගයේ කෙසෙල් සහ පොල් පැල සිටවමින් ප්‍රදේශවාසීන් අද (24) විරෝධතාවයක නිරත විය.
ප්‍රතිසංස්කරණය කරන බවට තමන්ට විටින් විට දේශපාලගයින් පොරෙන්දු දී ඇතත් ඒ පොරොන්දු එකක් වත් මේ වන තුරු ඉටු වී නොමැති බව ඔවුන් කියති.
.jpg)
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හලාවත පාරක පොල්පැල
නිශාන්ත Saturday, 24 May 2014 01:57 PM
මාතර අළුත් මාවත අගට වෙන්න බොක්කුවක් කැඩුන වලක් තියනවා අවුරුදු දහයක් වෙනවා හදලා නැහැ. හැබැයි ඒ අතර කාලයේ ලෝකෙම හොදම පුරපති වගේ සම්මාන ලංකාවේ හොදම මහ නගරසභාව වගේ සම්මාන ලැබුනා කියලා බැනර් ගහලා තිබුනා. ප්‍රදේශ වාසියො තමයි දන්නෙ අදාල නාගරික මන්ත්‍රි දැනුවත් කලත් වල හදාගන්න බැහැ කියලා. (අ)
අමිල Saturday, 24 May 2014 02:01 PM
ඔතන විතරනම් කැඩිලා තියෙන්නේ ,ගස් හිටවන්නේ නැතුව කට්ටිය එකතුවෙලා කොන්ක්‍රීට් ටිකක් හදල ඔතනට දැම්මනම් වැඩේ ඉවරයිනේ (අ)
රවි ජයවීර Saturday, 24 May 2014 02:33 PM
ලඟදී ඡන්දයක් එහෙම එනවනම් ඔය පාර හදාගන්න පුලුවන් වෙයි. පහුගිය පළාත්සභා ඡන්දෙට කලින් අවසාන සතියෙදි කඩි මුඩියේ පාරවල් හදන හැටි අපි දැක්කා. (අ)
සුජීව Sunday, 25 May 2014 12:20 PM
අනේ තරහා නැතුව කවුරු හරි මේ කැඩුනු පාරේ හිටවපු එක පොල් පැලයක් මට පෙන්නනවද ? මගේ ඇස් පොඩ්ඩක් පේනවා මදි. එ් නිසා වෙන්න ඇති මට මේ පාරෙ හිටවපු පොල් පැල පේන්නේ නැහැ.(නදී)
උඩුගම්පොළ Saturday, 24 May 2014 02:42 PM
අපරාදේ පොල්පැල හිටවල මොලේ නැති දෙසපාලුවන්ට දන්වන්න බැහැ. ඊලග ඡන්දෙදි ඕකුන්ට චන්දෙ දෙන්න එපා. (අ)
නිර්මලා Sunday, 25 May 2014 02:06 PM
සුපුන්, පාර හදාගන්න තියන ප්‍රශ්නය තාර නැතිකමයි. බැරිද තාර සපයන්න? (ස)
රංගන විරාජ් පාලිත Sunday, 25 May 2014 02:08 PM
ඕවා කරලා මදි , බෛාරු පොරොන්දු දුන් අයට. ඔය ගල් අරගෙන ගහන්නයි තියෙන්නේ. (ස)
සංජය Saturday, 24 May 2014 04:13 PM
පොල් නෙමේ ඕව කිතුල් ගස් (ස)
දිෂාන් Sunday, 25 May 2014 03:21 PM
කට්ටිය ගොඩක් මෝඩ අදහසක් දාල තියෙනවා. පොල් පැල හිටවන්නේ නැතුව පාර හදා ගන්නේ නැත්තේ මොකද කියා අහන්නේ පාර හදන එක ගමේ මිනිසුන්ට අයිති වැඩක්ද? ගමේ මිනිස්සු වරිපනම් ගෙවන්නේ මොකටද? ගමට අවශ්‍ය වැඩ කෙරෙන්නේ නැති නම් වරිපනම් ගෙවන්නත් එපා. හැමෝම එකතු වී වරිපනම් නොගෙවා සිටින්න. (අ)
ගාමිණී Saturday, 24 May 2014 08:42 PM
ගම්පහ නගරයේ ඇති සියනෑ පාරත් ඡන්දයට පෙර හදා දුන්නොත් ගොඩක් පින්. අපි ඉතින් ඡන්දෙ කාටවත් නොදී ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)
හිල්මි Sunday, 25 May 2014 05:52 PM
හොඳම විසඳුම "කට්ටිය එකතුවෙලා කොන්ක්‍රීට් ටිකක් හදල ඔතනට දැමීම" (ස)
කුසුම් Sunday, 25 May 2014 12:11 AM
පිටින් පෙනෙන හැටියට නම්, ළඟදි අලුත්වැඩියා කළ පාරක්. වෙනසකට තියෙන්නේ, පිටරටවල පාරවල් හදන්න උපදෙස් දෙන්නේ ඉංජිනේරුවන්. ලංකාවේ උපදෙස් දෙන්නේ, දේශපාලකයින්. මුදල් ගනුදෙනුව අකුරට කෙරෙනවා. පාරේ වැඩ ඔහොම තමයි. (නි)
සුපුන් Sunday, 25 May 2014 06:17 AM
ඇත්ත. පොල්,කෙසෙල් පැළ හිටව හිටවා ඉන්නෙ නැතුව ඔය පාර තමුන් විසින්ම පිළිසකර කරගත්තා නම් නේද හොඳ? (නි)
අකිල Sunday, 25 May 2014 10:06 AM
ගණන් ගන්න එපා ඔය මග නැගුමනේ අනේ තේරෙන්නේ නැද්ද ? (නදී)