හලාවත සිට තොඩුවාව හරහා මහවැව දක්වා වන කිලෝ මීටර් 16 ක් පමණ වන මාර්ගය පිළිසකර කරන බවට දුන් පොරොන්දු මෙතෙක් වගකිව යුත්තන් ඉටු කර නොමැති බවට චෝදනා කරමින් එම මාර්ගයේ කෙසෙල් සහ පොල් පැල සිටවමින් ප්‍රදේශවාසීන් අද (24) විරෝධතාවයක නිරත විය.
ප්‍රතිසංස්කරණය කරන බවට තමන්ට විටින් විට දේශපාලගයින් පොරෙන්දු දී ඇතත් ඒ පොරොන්දු එකක් වත් මේ වන තුරු ඉටු වී නොමැති බව ඔවුන් කියති.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතර අළුත් මාවත අගට වෙන්න බොක්කුවක් කැඩුන වලක් තියනවා අවුරුදු දහයක් වෙනවා හදලා නැහැ. හැබැයි ඒ අතර කාලයේ ලෝකෙම හොදම පුරපති වගේ සම්මාන ලංකාවේ හොදම මහ නගරසභාව වගේ සම්මාන ලැබුනා කියලා බැනර් ගහලා තිබුනා. ප්‍රදේශ වාසියො තමයි දන්නෙ අදාල නාගරික මන්ත්‍රි දැනුවත් කලත් වල හදාගන්න බැහැ කියලා. (අ)
ඔතන විතරනම් කැඩිලා තියෙන්නේ ,ගස් හිටවන්නේ නැතුව කට්ටිය එකතුවෙලා කොන්ක්‍රීට් ටිකක් හදල ඔතනට දැම්මනම් වැඩේ ඉවරයිනේ (අ)
ලඟදී ඡන්දයක් එහෙම එනවනම් ඔය පාර හදාගන්න පුලුවන් වෙයි. පහුගිය පළාත්සභා ඡන්දෙට කලින් අවසාන සතියෙදි කඩි මුඩියේ පාරවල් හදන හැටි අපි දැක්කා. (අ)
අනේ තරහා නැතුව කවුරු හරි මේ කැඩුනු පාරේ හිටවපු එක පොල් පැලයක් මට පෙන්නනවද ? මගේ ඇස් පොඩ්ඩක් පේනවා මදි. එ් නිසා වෙන්න ඇති මට මේ පාරෙ හිටවපු පොල් පැල පේන්නේ නැහැ.(නදී)
අපරාදේ පොල්පැල හිටවල මොලේ නැති දෙසපාලුවන්ට දන්වන්න බැහැ. ඊලග ඡන්දෙදි ඕකුන්ට චන්දෙ දෙන්න එපා. (අ)
සුපුන්, පාර හදාගන්න තියන ප්‍රශ්නය තාර නැතිකමයි. බැරිද තාර සපයන්න? (ස)
ඕවා කරලා මදි , බෛාරු පොරොන්දු දුන් අයට. ඔය ගල් අරගෙන ගහන්නයි තියෙන්නේ. (ස)
පොල් නෙමේ ඕව කිතුල් ගස් (ස)
කට්ටිය ගොඩක් මෝඩ අදහසක් දාල තියෙනවා. පොල් පැල හිටවන්නේ නැතුව පාර හදා ගන්නේ නැත්තේ මොකද කියා අහන්නේ පාර හදන එක ගමේ මිනිසුන්ට අයිති වැඩක්ද? ගමේ මිනිස්සු වරිපනම් ගෙවන්නේ මොකටද? ගමට අවශ්‍ය වැඩ කෙරෙන්නේ නැති නම් වරිපනම් ගෙවන්නත් එපා. හැමෝම එකතු වී වරිපනම් නොගෙවා සිටින්න. (අ)
ගම්පහ නගරයේ ඇති සියනෑ පාරත් ඡන්දයට පෙර හදා දුන්නොත් ගොඩක් පින්. අපි ඉතින් ඡන්දෙ කාටවත් නොදී ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)
හොඳම විසඳුම "කට්ටිය එකතුවෙලා කොන්ක්‍රීට් ටිකක් හදල ඔතනට දැමීම" (ස)
පිටින් පෙනෙන හැටියට නම්, ළඟදි අලුත්වැඩියා කළ පාරක්. වෙනසකට තියෙන්නේ, පිටරටවල පාරවල් හදන්න උපදෙස් දෙන්නේ ඉංජිනේරුවන්. ලංකාවේ උපදෙස් දෙන්නේ, දේශපාලකයින්. මුදල් ගනුදෙනුව අකුරට කෙරෙනවා. පාරේ වැඩ ඔහොම තමයි. (නි)
ඇත්ත. පොල්,කෙසෙල් පැළ හිටව හිටවා ඉන්නෙ නැතුව ඔය පාර තමුන් විසින්ම පිළිසකර කරගත්තා නම් නේද හොඳ? (නි)
ගණන් ගන්න එපා ඔය මග නැගුමනේ අනේ තේරෙන්නේ නැද්ද ? (නදී)