නීති විරෝධී ලෙස බෝට්ටුවක නැගී ඕස්ට්‍රේලියාවට ගොස් එහි වසර දෙක හමාරක් පමණ ජීවත් වු ශ්‍රී ලාංකිකයෙකු එරටින් පිටුවහල් කරනු ලැබ යළි මෙරටට එවා තිබියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අඩංගුවට ගනු ලැබීය.
ඔහු හලාවත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි ධීවරයෙකි.
පසුගිය 2012 වසරේ අගොස්තු 12 වෙනිදා මෙම පුද්ගලයා ධීවර කටයුතු වල නිරිත වෙමින් සිටියදී තවත් 64 දෙනෙකු සමග බෝට්ටුවක නැගී මුහුදු මාර්ගය ඔස්සේ ඕස්ට්‍රේලියාවට ගොස් ඇත.
මෙම පිරිසට ඕස්ට්‍රෙිලියාවට ලඟා වීමට දින 28 ක් ගත වී ඇත.
පසුව මෙම පුද්ගලයා තැන තැන ගෙවල් වල වැඩකරමින් කාලය ගත කර ඇති අතර පසුව ඔහුටම එය එපා වී යළි ශ්‍රී ලංකාවට එවන ලෙස එරට බලධාරීන්ට දැන්වීමෙන් අනතුරුව ඔහුව එරටින් පිටුවහල් කර මෙලෙස එවා ඇති බව වාර්ථා වෙයි.
මොහු පිළිබඳ මුලික විමර්ශණවලින් අනතුරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසක මිනිස්සු! (නි)
ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ නීතිය ක්‍රියාත්මක කළාසේම ඕස්ට්‍රේලියාවෙන් සංචාරක වීසා රැගෙන පැමිණ වීසා නැතුව ඉන්න අයටද සුදුසු ක්‍රියාමාර්ග ගතයුතුයි (නි)
ඔය කියන හැටියට මෙහෙ තැන තැන ගෙවල් වල වැඩ කළා කියන එක මට නම් විශ්වාස කරන්න බැහැ. ලංකාවේ වගේ මෙහෙ ගෙවල් වල එහෙම පාරේ යන මිනිසුන්ට අඬගහලා කුලියට වැඩ කරගන්න ක්‍රමයක් නැහැ. මෙයා රජයේ සරණාගත දීමනාත් ගන්න ගමන් නීතිවිරෝධීව වෙනත් වැඩක යෙදී සිටියදී අහුවුණාද දන්නෙත් නැහැ. (නි)
මෙවැනි සිද්දි වලට අදිකරණයේ වටිනා කාලය විනාස කිරීම මහා අපරාදයක්. ඔහු නීති විරෝදීව එම රටට ඇතුල්වීම නිසා ඔස්ට්‍රේලිය රජය නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. කැමැත්තෙන් රජයට බාර වෙලා ලංකාවට එවුවට පස්සේ අපේ රටේ පුරවැසියෙක් වශයෙන් බාරගන්නවා හැරෙන්න වෙන මොන දඩුවම්ද? (බ)
මේ කතාවේ කියවෙන ""තැන තැන ගෙවල් වල වැඩකරමින් කාලය ගත කළා "" කියන එක විශ්වාස කරන්න අමාරුයි. එක්කෝ මොහු රඳවා ගැනීමේ කඳවුරක (ඕස්ට්‍රේලියාවෙන් පිටත ) සිටිය යුතුයි, එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ සරණාගතයෙකු හැටියට ජීවත් වෙන්න අවසර ලැබුනානම් ගෙයක් ගානේ යන්න උවමනා නැහැ. රජයෙන් සියලු වියදම් සඳහා දීමනා ලබා දෙනවා. ඒ මුදල තනි පුද්ගලයෙකුට සති දෙකකට රුපියල් වලින් නම් පනස් දාහකට හැටදාහකට වැඩි මිසක් අඩු නැහැ. (බ)
ලංකාවට ආ එකේ දැන් මොහුට රැකියාවක් සොයාදෙන්න (නි)
අපේ අධිකරණයට ඕස්ට්‍රේලියානු පුරවැසියන්ගේ ප්‍රශ්න සහ ඔස්ට්‍රේලියාවට පැනපු මිනිස්සුන්ගේ ප්‍රශ්න ඇරුනම වෙන වැඩ නැතිද ? කරුණාකර මෙහෙ විසා නැතුව ඉන්න මිනිස්සු අගමන් විගමන නීතියට අනුකුලව එහෙට පිටුවහල කරන්න , (දිල්)
බෝට්ටුවේ ඔස්ට්‍රේලියාවට එන අයට එරට වැසියන්ට වඩා වැඩි දීමනාවක් ආණ්ඩුවෙන් දෙනවා. ඊට අමතරව අයථා අන්දමින් නීති විරෝධී ආකාරයට ආකාරයටත් සැලකිය යුතු ප්‍රමානයක් උපයා ගන්නවා (නදී)
සෑම් තමයි හරි විස්තරය කියලා තියෙන්නේ.ඕස්ට්‍රේලියාවේ තැන තැන ගෙවල්වල වැඩ කරනවා කියලා කියන්නේ අමුලික බොරු.(හේ)