ගමේ ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු නිසා හාල්,කිරි,අර්තාපල් වල සහතික මිලක් දුන්නා.ඒ නිසා එම ද්‍රව්‍යන්හි මිල අඩු නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (15) ගාල්ලේදී පැවසීය.
‘ගොඩක් දෙනෙක් අහන ප්‍රශනයක් ඇයි මේ හාල් මිල තවම අඩු කළේ නැත්තේ කියලා.එය නොකළේ ගැමියාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනෑ නිසා.ඒ වගේම අපි පොරොන්දු වුණා අත්‍යවශ්‍ය භාණ්ඩ දහයක මිල අඩු කරන්න .නමුත් ඊට වැඩියෙන් භාණ්ඩ තුනක මිල අඩු කළා.මම ඒ ගැනත් සමාව ඉල්ලනවා ජනතාවගෙන්.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ ඉන්න ඇමතිලා අත්‍යාවශ්‍ය භාණ්ඩ මොනවද කියලා දන්නේ නැහැ. හාල්, පරිප්පු වගේ දේවලත් ගාන අඩුකරන්න (නදී)
චමිල අත්‍යවශ්‍ය භාණ්ඩ කියන්නේ මොනවද ? මානසික මට්ටම මොකක් උනත් ඉතුරුවක් තියනවද කියල හදල බලන්න. කව්රුත් කියන දේ පිළිගන්නේ නැතිව. මට ගණන් බැහැ තමයි එ්ත් ඔයාට තේරෙන විදිහට හැමෝටම පේන්න හදල දාන්න කෝ. (නදී)
ගත්තු ගමන් ඔයාලා ලියන ඔක්කොම දෙන්න බැහැ. ඇස් කන් ඇරලා බලන්න, රටේ ජාතික ධනය විනාශ කරලා තියෙන විදිහ. (නදී)
පාන් පිටි මිල වැඩි කලානම් ඇමෙරිකානු ගොවි ජනතාවට වදිනවා (නදී)
දෙයියනේ අපි දන්නෙත් නැහැනේ මේ ආණ්ඩුව මේ වෙනකොටත් ෆ්‍රී වයි ෆයි දීල බව. මොනවා උනත් මිනිස්සුන්ට එක වේලක් කාලා හරි මේ විදියට අදහස් දක්වන්න දීපු එක මොනතරම් වටිනවද ? අනේ අපේ පැත්තටත් ඉක්මනට දෙන්න. මම මේ දවසට එක වේලක් කාලා ඉතුරු කරගෙන රීලෝඩ් කරන්නේ. (නදී)
හාල් කියන්නේ මිනීස්සුන්ගේ අත්‍යවශ්‍ය ආහාරයක් නෙමේද. කොත්තමල්ලි කියන්නේ අත්‍යවශ්‍ය ආහාරයක්ද. කෙත්තමල්ලි නැතිව මිනිස්සුන්ට ජිවත් වෙන්නම බැරිද. (නදී)
හාල් අඩු කරන්නෙ කොහොමද. මෙයාල හිතල නෑ ඔය වී හාල් කරල තවත් ගොඩක් අය බත් කනව කියල. වී මිල වැඩි උනාට කමක් නෑ. හැබැයි ඒකෙන් හාල් මිලදීගන්න පාරිභෝගිකයට අසාධාරණයක් වෙනවනම් හරියන්නෙ නෑ. (බ)
මට නම් පෙනෙන්නේ රංජිත්ට විතරක්වත් හැම දෙයම නිකන් දෙන්න වෙයි වගේ. (බ)
නිෂ්පාදන සහනාධාර දෙන එකෙන් වාසි ලැබෙන්නේ ඒ සමාගම්වලට මිස වෙන කාටවත් නෙවෙයි. හොඳම උදාහරණය තමයි පෝර. සමාගමට ස්ථාවර ඉල්ලුමක් ලැබුනා. රජරටට ආසනික් ලැබුනා. (නදී)
රනිල් කියන දේවල් වලට තාමත් රටේ මිනිස්සු හොඳයි කියන කට්ටිය ඉන්නවනේ ? (නදී)
ඔය අඩු කරපු 13 ම නැතිව හාල් විතරක් අඩුවට දුන්නනම් එකත් දුප්පත් මිනිහට පිහිට වෙනවා. බොරු සංදර්ශන නේද මේවා. දුප්පත් මිනිහට අත්‍යවශය ආහාර කියන්නේ හාල්, පොල් ,පරිප්පු, කරවල, වැනි දේවල් තෙල් වලින් බද්දක් ගහල හරි අසරණ මනුස්සයට බත් ටිකක් කන්න. අනවශ්‍ය භාන්ඩවල නොවේ දුප්පත් බත් කන අපගේ අත්‍යවශ්‍ය භාන්ඩ වල මිළ පහල දාන්න. (නදී)
රජයේ සේවක දීමනාව රු 10000 වැඩිකළාට වැඩ වටිනවා කාටත් දැනෙන බඩු මිල අඩුකරන්න උත්සාහ කළා නම්. විශේෂයෙන්ම හාල් මිල අඩුකළ යුතුමයි. දරු පැටවූ දෙතුන් දෙනෙක් ඉන්න පවුලකට දවසකට හාල් කිලෝ තුනක්වත් ඕනෑ. අද වැඩි පිරිසකගේ දරුවන්ටත් දෙමාපියන්ටත් බඩපිරෙන්න බත් කන්න විදියක් නැහැ. හාල් කිලෝ එකකට රු 90 ගෙවලා කොහොමද ඒ අය තුන් වේල බත් කන්නේ. රජයේ සේවක දීමනා පඩි වැඩිවුණ පමණින් ඒ අයගෙන් වෙන සේවයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඵලදායීතාවය වැඩි වෙන්නෙත් නැහැ. (නි)
විජයබාහු,පරිගණයකින් මේකට අදහස් කළ පළියට පවුලකට කන්න දෙන්න පුළුවන් හෝ බැරිකම තීරණය කරන්න එපා හරිද? පැවති රජයෙන් තාක්ෂණය දැන් බිම්තැන්නට පවා ගෙනගොස් තිබෙන්නේ. විජයබාහුට අන්තර්ජාලය මහලොකු දෙයක් වුණාට ගමේ අපිට දැන් සාමාන්‍ය දෙයක්. නව තාක්ෂණය සමග මිනිසුන් ඉදිරියට ගියාට දුප්පත්කම තවම නැතිවෙලා නැහැ (නි)
පිටි අඩුකලාම ගොවියට වදින්නේ නැහැනේ. මෙව්වා හොඳයි චන්දෙ දුන්න අයට නම් (නදී)
මට අහන්න තියෙන්නේ මෙච්චරයි. මේ රටේ ඉන්න කෝටි දෙකම ගොවි ජනතාවද කියලා? එහෙමනම් කමක් නැහැ. මොකද හැමෝටම වී ගෙදර තිබෙන නිසා (නි)
සංජු ඔයාට ඉන්ටෙර්නෙට් ඇවිත් කොමෙන්ට් දාන්න පුළුවන් පවුලට කන්න දෙන්න තමයි බැරි. ගොන් කතා කියන්නේ නැතුව ඉන්න (නදී)
මේ යන හැටි හොඳයි (නි)
වැරදුනේ මටයිනේ,ඡන්දෙ දුන්න මහින්දට වඩා මේ අය හොදයි කියල,මහින්දම හොදයි දැන්නම් බලද්දී,(අ)
දුපත් ජනතාවට මෙයාලා මේ දුන්න සහනය කොහෙත්ම වැඩක් නෑ.දුගී ජනයාට කොත්තමල්ලි සහා ඉන්දන තෙල් බීලා ජීවත් වෙන්න බැ.ඒ වගේම ගොඩක් දුප්පත් මිනිසුන්ට වාහන නෑ .මහජනයාට අවශ්‍යම දේ තමා හාල් .පරිප්පු .සීනි.තේකොල .කරිපිටි .කරවල.මාළු සහා පොල් .පොල්තෙල් .මේ දේවල්වල මිල කරුණාකර ගොඩාක් අඩුකළොත් තමා දුගියාට ටිකක් හරි යම්කිසි සහනයක් ලැබුණා කියලා කියන්න පුළුවන් . (අ)
එකනේ අපි කොත්තමල්ලි බීල නිදාගන්නේ එක ගොඩක් හොද බීමක්.ඉඳල හිටලා උම්බලකඩ හොදි එක්ක පාන් කනවා. මාසෙට ගන්න සීනි කිලෝ එකින් දවසකට සත 33ක් විතර ඉතුරුවක් තියනවා (10/30=0.33). ගෑස් එක මාස 2ක් (දවස් 60ක් )පාවිච්චි කරනවා එකෙන් 300 /60 =දවසට රුපියල් 5ක් ඉතුරුවක් තියනවා. අඩු කරපු අත්‍යවශ්‍ය භාණ්ඩ 13 එකින් එක හදල බලන්න අලුත් ඇල්ටෝ කාර් එකක් ගන්න සල්ලි ඉතුරු කරන්න පුළුවන්. (නදී)
රටේ ජනගහනයෙන් වැඩි හරියක් ගොවියෝද?කරුණාකර හාල් මිල අඩු කරන්න , සම්බෝලයක් හරි හදාගෙන බත් ටිකක කන්න , ගොවියාට පොහොර මිල වැනි දෙයක් අඩු කර සහනයක් දෙන්න , (අ)
හාල් පොල් ගැන කතා කර කර ඉන්නේ නැතුව අර ඡන්දෙට කලින් කිවුව විදියට රටේ සරය උරාබොන හොරු ටික අල්ලලා දඬුවම් දීල ඒ අයගේ දේපල රාජසන්තක් කරන්න , එම මුදල් වලින් පුළුවන් මිනිස්සුන්ට කන්න දෙන්න , හොරු , කුඩු කාරයෝ , එතනෝල් කාරයෝ නිදැල්ලේ ?? ලබන පාර ඡන්දෙ ඕන නම් දීපු පොරොන්දු ඉටු කරන්න , නැත්නම් ඡන්දෙ දෙන්න ඕනේ තරම් පක්ෂ තිබෙනවා (අ)
ඔය ගිය ආණ්ඩුවේ අය කියපු වාගේ ගොන් උත්තර නොදී හිටියනං හොඳයි .(ස)
සහල් මිල අඩු නොකළ වාසිය තියෙන්නේ ගොවියාට නෙමෙයි මුදලාලිලාට. (ස)
දැන් නම් හිතෙනවා තිබුණ විදිය හොඳයි කියලා, මේ යනවිදිය බලනවිට (නි)
අනේ මන්දා අපේ මිනිස්සුන්ගේ තියෙන මානසික මට්ටම පේනවා අර "එංජිත්" කියන කෙනාගේ පැහදිලි කිරීම දැක්කම, හැමදේම වැරදියට පෙන නුගත් මෝඩයන්. අනේ පව්. (ස)
මේ රටේ මිනිස්සු හිතන තරම් මෝඩ නෑ (දිල්)
ගිය ආණ්ඩුව ගොවියට සහන දුන්න පොහොර මිල සියයට 60 කින් අඩු කරලා. ඒ පාඩුව ආණ්ඩුව දැරුවා බත් කන දුප්පත් ජනතාව වෙනුවෙන්. මිනිස්සුන්ට කන්න නැතිව කරවිල තම්බල කනවා කියල බෙරිහන් දුන්නේ මේ අයම නේද ? ඇයි හාල් වලට රජයේ සහනාධාරයක් දීල රුපියල් 50 ට 60 ට දෙන්න බැරි. (දිල්)
ව්‍යාපාර ගැන බොහොම හොඳට දන්න රනිල් මහත්තයා මෙදා සැරේ නම් වැරදියි (නි)
රංජිත්,අපිට නම් ගෑස් පාවිච්චි කරන්න තරම් වත්කමක් නැහැ. අඩුතරමේ උම්බලකඩ කෑල්ලක්, සැමන් ටින් 1ක්වත් ගන්න අමාරුයි.කොහොමහරි දවසට එක වේලක් බත් පොඩ්ඩක් කනවා. අනිත් වේල් දෙකේ භූමිතෙල් දාලා ලිප පත්තු කරගෙන රොටියක් පුච්චාගෙන කාලා කොත්තමල්ලි ටිකක් වැඩිපුර බීලා නිදාගන්නවා.ඕක තමයි මගේ ජීවිතය සහ බොහෝ ජීවිතවල අැත්ත කථාව.. (නි)
දරිද්‍රතාවයෙන් පෙළෙන බහුතරයක් ඉන්නා රටක ජනතාව වැඩිමිලට සහල් ගන්නේ කෙසේද ? (නි)
හොඳ දෙයක් දකින්නෙම නැහැ. නොලැබුන දේට වඩා ලැබුන දේ අගය කරන්න (නදී)
දුප්පත් පාරිභෝගිකයින්ට සහනයක් ලබා දෙන්න (නදී)