එක්සත්ජාතික පක්ෂයේ ඌව මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු ගමන් ගත් රියට හා සෙසු වාහනවලට සැප්තැම්බර් 23 වැනිදා හාලිඇළ පොලිස් මුරපොළ ඉදිරිපිටදී පහර දීමේ සිද්ධිය වාර්තා කරමින් සිටි ඇටම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාට පහර දුන් බව කියන සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශණි සිල්වා මෙනවිය විසින් ඇප මත මුදා හරිනු ලැබීය.
අමිල චන්දන (32) නොහොත් කළු ආරිගේ පුතා රුපියල් දස දහසක මුදල් ඇපයක් හා රුපියල් දෙලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණ භාරයට ගත්තාය.
පැමිණිලි පාර්ශවයට තර්ජනය නොකර ලෙසත් එසේ කළ හොත් ඇප අවලංගු කර රිමාන්ඩ් කරන බවත් මහේස්ත්‍රාත්වරිය ඔහුට තරයේ අවවාද කළාය.
පහර කෑ මාධ්‍යවේදීයා කොළඹ අසල පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ හක්කට කළ සැත්කමින් පසු නළ මාර්ගයෙන් ආහාර ලබා දෙන බවත් ඔහුගේ හකු ප්‍රදේශයට බරපතල හානි සිදු වී ඇති බවත් නීතීඥවරු අධිකරණයට දැන්වුහ.
මරණිය තර්ජන නිසා ඔහුගේ දරු දෙන්නා පාසල් යැවීමට නොහැකි බව ද සැකකරු විදේශ ගත වීමට සුදානමක් ඇති බවට තොරතුරු ඇතැයිද නීතීඥවරු කීහ.
නඩු විභාගය ලබන 10 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මාධ්‍යයට මෙහෙම තර්ජන? ඔවුන් නැත්නම් අපි කොහොමද ඇත්ත දැනගන්නේ? (නි)
වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලැබේවා! (නි)