IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හාලිඇළ සැකකරුට ඇප

එක්සත්ජාතික පක්ෂයේ ඌව  මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු ගමන් ගත් රියට  හා සෙසු වාහනවලට සැප්තැම්බර් 23  වැනිදා හාලිඇළ පොලිස් මුරපොළ ඉදිරිපිටදී   පහර දීමේ සිද්ධිය වාර්තා කරමින් සිටි ඇටම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාට  පහර දුන්  බව කියන සැකකරු  බදුල්ල මහේස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශණි  සිල්වා මෙනවිය විසින් ඇප මත මුදා හරිනු ලැබීය.

අමිල චන්දන (32) නොහොත් කළු ආරිගේ පුතා රුපියල්  දස දහසක මුදල් ඇපයක් හා රුපියල් දෙලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණ භාරයට ගත්තාය.

පැමිණිලි පාර්ශවයට තර්ජනය නොකර ලෙසත් එසේ කළ හොත් ඇප අවලංගු කර රිමාන්ඩ් කරන බවත් මහේස්ත්‍රාත්වරිය ඔහුට තරයේ අවවාද කළාය.

පහර කෑ මාධ්‍යවේදීයා කොළඹ අසල පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත්  ඔහුගේ හක්කට කළ සැත්කමින් පසු නළ මාර්ගයෙන් ආහාර ලබා දෙන බවත් ඔහුගේ හකු ප්‍රදේශයට බරපතල හානි සිදු වී ඇති බවත් නීතීඥවරු අධිකරණයට දැන්වුහ.

මරණිය තර්ජන නිසා ඔහුගේ දරු දෙන්නා පාසල් යැවීමට නොහැකි  බව ද සැකකරු විදේශ ගත වීමට සුදානමක් ඇති බවට තොරතුරු ඇතැයිද නීතීඥවරු කීහ.

නඩු විභාගය ලබන 10 වැනිදාට කල් තැබිණි.



අදහස් (0)

හාලිඇළ සැකකරුට ඇප

යසිත Wednesday, 01 October 2014 11:48 PM

ඇයි මාධ්‍යයට මෙහෙම තර්ජන? ඔවුන් නැත්නම් අපි කොහොමද ඇත්ත දැනගන්නේ? (නි)

:       0       0

හේරත් Wednesday, 01 October 2014 10:10 AM

වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site