(ප්‍රසාද් රුක්මල් )

හාලිඇල උඩුවර නේපියර් මාර්ගයට අද (15) අලුයම විශාල පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමනින්ම ඇණහිට ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .

දැනට සවස්වරුවේ පතිතවන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ උඩුවර නේපියර් මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටී ඇති අතර , ප්‍රවාහන පහසුකම් ඇන හිට තිබිම නිසාවෙන් උදෑසන පාසල් යන සිසුන් මෙන්ම රැකියා වලට යන උදවියද, රෝහල් කරා යන රෝගීන් ද දැඩි අපහසුතාවට පත්ව සිටියහ .

පාසල් සිසුන් මෙන්ම අනෙකුන් ජනතාව මාර්ගයට කඩා වැටී තිබූ විශාල පස්කන්ද මතින් නැග අනතුරුදායක ලෙස එම ස්ථානයෙන් යන අයුරු ජායාරූපයෙන් දැක්වේ .