IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හලෝ ව්‍යාපාරිකයාගේ මල්ලෙන් රන් එළියට

 රුපියල්  විසිපන් ලක්ෂයක් වටිනා රත්තරන් කැබලි පහක් ලැප් ටොප් බෑගයක් තුළ සගවාගෙන සිංගප්පුරුවේ  සිට පැමිණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී   අද  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ජංගම දුරකතන අළෙවියේ නියැලි ව්‍යාපාරිකයෙකි.

අත් අඩංගුවට ගත් රන් කැබලි වල බර ග්‍රෑම් 500 කි.

සැකකරු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 307 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුවේ සිට දිවයිනට පැමිණ ඇත.

එහිදී ඔහුගේ ගුවන් ගමන්  විස්තරය  අනුව ඔහු  ඊයේ  සිංගප්පුරුවට ගොස්  අද  ආපසු පැමිණීම පිළිබඳ ඇති වු සැකයක් මත ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කරද්දී මෙම රන් කැබලි සොයාගෙන ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක නන්දසිරි වාසලතිලක මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී තිස්ස ප්‍රියන්ත ද සිල්වා, ලක්ෂමන් කුලසිංහ, සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ජී.සී.පී ගමගේ, මනෝජ් සමරසේකර, නාලක වීරසිංහ සහ කෝසල බාලසුරිය යන නිලධාරීහු සිදු කරති.
   

 



අදහස් (0)

හලෝ ව්‍යාපාරිකයාගේ මල්ලෙන් රන් එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site