රුපියල් 81,000ක් පමණ වටිනා දුරකථන රැහැන් කපා උණු කර තඹ වලට විකුණූ තිදෙනෙක් අත් අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව පේරාදෙණිය පොලිසිය පවසයි.
ටෙලිකොම් ආයතනයේ අවශ්‍යතා මත මොවුන් කටුගස්තොට, මඩවල, වත්තේගම මාර්ග වල දුරකථන රැහැන් වල කණු සිටුවීමෙන් පසු දහවල් කාලයේදී ඔවුනට අවසර නොමැති හතරලියැද්දේ සිට හල්ලොලුව ප්‍රදේශ වල පසු සැපයුම් සඳහා ස්ථාපිත කර ඇති දුරකථන රැහැන් කපමින් සිට ඇති බව පොලිසිය කියයි.
එදින එම ප්‍රදේශයේම ටෙලිකොම් ආයතනයේ සලකුණ ඇති ටිපර් රථයක් නවතා දුරකථන රැහැන් කපමින් සිටි අවස්ථාවේදි එම ප්‍රදේශයේම රාජකාරි කරන ටෙලිකොම් ආයතනයේ සේවයකයකු එය දැක සැකයක් මතුවීම හේතුවෙන් එම ටිපර් රථයේ අංකය ටෙලිකොම් ආයතනය දැනුම්වත් කර පේරාදෙණිය පොලිසයට ලබා දී පැමිණිල්ලක් කර ඇත.
ඒ අනුව පොලිසිය තුන් දෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බවත් අනික් සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් මොවුන් මෙම දුරකතන රැහැන් කපා යාබද කැලෑ ප්‍රදේශවලට ගොස් උණුකර මුරුතලාව ප්‍රදේශයේ පරණ යකඩ බඩු කඩයකට රුපියල් 26,000ක ට විකුණා තිබියදි පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් කඩුගන්නාව කොබ්බෑකඩුව, පැනිදෙණිය, නුවරඑළිය හා මාතලේ ප්‍රදේශ වල අය බවත් කියති.
2025 දෙසැම්බර් මස 18
184
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හලෝ රැහැන් කපා තඹවලට විකුණලා
විජේසුනර ප්‍රංශය Thursday, 30 July 2015 09:26 AM
යහපාලනය පොලිසිය නිදිකරලා (නදී)
විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 10:46 AM
අර මහත්තය කියනවා වගේ ජනතාවගේ අත මිට සල්ලි පිරෙන විදිහ තමයි මේ. (නදී)
නන්දලාල් Wednesday, 29 July 2015 10:14 AM
මේක ජාතික අපරාධයක්. මේ හේතුවෙන් දුරකථන සම්බන්ධතා නැතිවී සමහරවිට අසරණ ජීවිත කීයක් නැති වෙන්න ඇද්ද ?(ම)
නන්දලාල් ප්‍රංශය Wednesday, 29 July 2015 10:19 AM
නවීන ලෝකයේ දුරකථන සම්බන්දතා ජීවිතයකට කොතරම් සම්බන්දද කියා නොහිතා, තමන්ගේ මඩි තර කර ගැනීමට සුදානම් වෙන මෙවැනි අමනයන් තඹ කම්බියකින් කොළ නැති ගහට යැවිය යුතු වෙනවා.(නදී)
කපිල Wednesday, 29 July 2015 12:50 PM
තඹ සුදාල හැම තැනම. අරයගෙ යාළුවො වත්ද ? (නදී)