රුපියල් 81,000ක් පමණ වටිනා දුරකථන රැහැන් කපා උණු කර තඹ වලට විකුණූ තිදෙනෙක් අත් අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව පේරාදෙණිය පොලිසිය පවසයි.
ටෙලිකොම් ආයතනයේ අවශ්‍යතා මත මොවුන් කටුගස්තොට, මඩවල, වත්තේගම මාර්ග වල දුරකථන රැහැන් වල කණු සිටුවීමෙන් පසු දහවල් කාලයේදී ඔවුනට අවසර නොමැති හතරලියැද්දේ සිට හල්ලොලුව ප්‍රදේශ වල පසු සැපයුම් සඳහා ස්ථාපිත කර ඇති දුරකථන රැහැන් කපමින් සිට ඇති බව පොලිසිය කියයි.
එදින එම ප්‍රදේශයේම ටෙලිකොම් ආයතනයේ සලකුණ ඇති ටිපර් රථයක් නවතා දුරකථන රැහැන් කපමින් සිටි අවස්ථාවේදි එම ප්‍රදේශයේම රාජකාරි කරන ටෙලිකොම් ආයතනයේ සේවයකයකු එය දැක සැකයක් මතුවීම හේතුවෙන් එම ටිපර් රථයේ අංකය ටෙලිකොම් ආයතනය දැනුම්වත් කර පේරාදෙණිය පොලිසයට ලබා දී පැමිණිල්ලක් කර ඇත.
ඒ අනුව පොලිසිය තුන් දෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බවත් අනික් සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් මොවුන් මෙම දුරකතන රැහැන් කපා යාබද කැලෑ ප්‍රදේශවලට ගොස් උණුකර මුරුතලාව ප්‍රදේශයේ පරණ යකඩ බඩු කඩයකට රුපියල් 26,000ක ට විකුණා තිබියදි පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් කඩුගන්නාව කොබ්බෑකඩුව, පැනිදෙණිය, නුවරඑළිය හා මාතලේ ප්‍රදේශ වල අය බවත් කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය පොලිසිය නිදිකරලා (නදී)
අර මහත්තය කියනවා වගේ ජනතාවගේ අත මිට සල්ලි පිරෙන විදිහ තමයි මේ. (නදී)
මේක ජාතික අපරාධයක්. මේ හේතුවෙන් දුරකථන සම්බන්ධතා නැතිවී සමහරවිට අසරණ ජීවිත කීයක් නැති වෙන්න ඇද්ද ?(ම)
නවීන ලෝකයේ දුරකථන සම්බන්දතා ජීවිතයකට කොතරම් සම්බන්දද කියා නොහිතා, තමන්ගේ මඩි තර කර ගැනීමට සුදානම් වෙන මෙවැනි අමනයන් තඹ කම්බියකින් කොළ නැති ගහට යැවිය යුතු වෙනවා.(නදී)
තඹ සුදාල හැම තැනම. අරයගෙ යාළුවො වත්ද ? (නදී)