(අංජුල මහික වීරරත්න)
සහල් ආනයනය කරන්නේ නම් ඒවායේ බැර ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්ය කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා රේගුවේ නිරෝධායන අංශයෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන්නට තීරණය කර තිබේ.
මින් පෙර ආනයනය කරන ලද සහල් සාම්පල හයක් පරීක්ෂා කිරීමේදී එම සාම්පල වලින් පහකම කැඩ්මියම්, ඊයම්, හා රසදිය වැනි මිනිස් සිරුරට හානි කර බැරලෝහ අඩංගු බව තහවුරු වී තිබූ බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
මේ නිසා ඉදිරියේදී සහල් ආනයනය කරන්නේ නම් ඒවා බැර ලෝහ පරීක්ෂාවකින් තොරව නිදහස් නොකරන ලෙසට ඉල්ලා සිටීමට කෘෂිකර්ම අමාත්‍යවරයා තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අර වෙළඳාම බාර එක්කෙනා කියනවා ඔය ආකාරයේ පරීක්ෂණ කළහැකි බත්තල්ගො හින්දා එයාගේ කොමිස් එකට කොක්කලු... ඒ හින්දා ඕන දෙයක් ගෙනැල්ලා කොමිස් එක රැකගන්න ඕනෑය කියලා...