ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් මුදල් රුපියල් මිලියන 600ක් සිල් රෙදි බෙදා හැරීමේ වැඩසටහනක් සඳහා යොදවා සාවද්‍ය ලෙස පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට ලබන ඔක්තෝබර් 7 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (18) නොතීසි නිකුත් කළාය.
මොවන්ට එරෙහිව නිතිපතිවරයා චෝදනා ගොනු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික කටයුත්තක යෙදුන පින්වතුන්ට හිරි හැර කරන එක හරිද? (ම)
මුළු රටේම උපාසක අයට සිල් රෙදි පහ ගණනේ දෙන්නත් මෙතරම් මුදලක් යන්නේ නෑ (බ)
වංචාවක් සිදුවී ඇත්නම් ඔප්පුවී නම් තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි. මහජන සහ රජයේ මුදල් සොරකම් කිරීම් හෝ වංචා කිරීම් වලට නැවතීමේ තිත තැබිය යුතුයි. (බ)
දේශපාලන පළිගැනීම් මේවා හොද වැඩ නෙවෙයි.බෞද්ධ විරෝධි අන්‍යආගමික කුමන්ත්‍රණයක් කොයි මේ ගම්මන්පිලලා එහෙම අනේ අපොයි..(බ)
එකක් රුපියල් 600 ගානේ වුනොත් උපාසකයන් දස ලක්ශයක ට සිල් රෙදි බෙදන සල්ලිනේ මේ. (බ)
රෙදි ගැලවෙන වැඩක් වගේ (බ)
බලාගෙන යනකොට අනුන්ට සිල් රෙදි බෙදල තියෙන්නේ තමන්ගේ රෙදි ගලවාගෙන නේද ? තරාතිරම නොබලා උපරිම දඬුවම් දිය යුතුමයි (බ)
හැමදාම බොරු චෝදනා කර කර ඉන්නවා. (බ)
නාමල්, අනේ හරිම පවුකාර දෙයක්නේ මේ කරලා තියෙන්නේ අපේ උපාසක මහත්තයල දෙන්නට නේද? මේ වගේ පින්වත් කටයුතු කරන පින්වතුන්ට කරන හිරිහැරනම් බලන් ඉන්න එක හොඳ නැ නීතියෙන් මොනවහරි කරමුද? (බ)
ඕව කළාට කමක් නැහැ තමුන්ගේ මුදල් වලින් , මහජනයාගේ මුදල් අල්ලන්නේ නැතුව (බ)
මේ බෞද්ධ රටේ සීල් රෙදි බෙදන්නත් බැරිද මේක පුදුම වැඩක්නේ (ම)
මේ බෞද්ධ රටේ සීල් රෙදි බෙදන්න බැරි කමක් නැහැ. කරන්නේ හොඳ චේතනාවෙන් නම්. (ම)
පිනක් කරන්න ඕනි තමන්ගේ පුද්ගලික සල්ලි වලින් මිස රජයේ වෙනත් වැඩ වලට තිබෙන සල්ලි තමන්ගේ වාසිය වෙනුවෙන් නොවේ. (ම)
සිල්රෙදී බෙදුවටනම් කමක් නෑ හැබැයි තමුන්ගේ සල්ලි වලින් දෙනවනම් (බ)
ඔය අහු වෙන්නේ.(හේ)
ඡන්දේ දිනුවා නම් වැඩේ ගොඩ (හේ)