IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හලෝ දෙක ආගමන විගමන ලාච්චුවෙන් එළියට

ව්‍යාජ වීසා මගින් ඉතාලියට  යාමට උත්සහ කරද්දී  අබුඩාබි  සිට  පිටුවහල් කර එවා තිබු උතුරේ තරුණයෙකු  භාවිතා කළ   ජංගම දුරතකන දෙකක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  මිනිස් ජාවාරමකට සම්බන්ධ තැරැව්කරුවෙකුගේ මෙහෙයවීම මත එම තරුණයාගෙන් ලබාගෙන  අස්ථාන ගත කිරිම සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් ආරම්භ කර ඇත.

පසුගිය 19 වෙනිදා මොහු අබුඩාබි  හරහා ඉතාලියට යාමට මෙරටින් පිටත්ව ගොස් ඇත.

අබුඩාබි  ගුවන්තොටුපොළේදී මොහුගේ වීසා ව්‍යාජ බව දැන එරටින් ආපසු ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන් විසින් මොහු අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇත.

පසුව ගුවන්තොටුපොළේ රහස් කැමරා පරීක්ෂා කරද්දී මොහු අත ජංගම දුරකතන දෙකක් තිබුණ බවට අනාවරණය කරගෙන ඇත.  ඔහු ඉන් එක් දුරකතනයකින්  කතාකරමින් පැමිණෙන  දර්ශණ ද එහි සටහන්ව ඇති බව වාර්ථා වෙයි. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජංගම දුරකතන දෙක අස්ථාන ගත වීම පිළිබඳව විමර්ශණයක් අරඹා ඇත. ඉන්  පැය 24 කට පමණ පසුව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධරයෙකු විසින් එම  ජංගම දුරකතන ආගමන  විගමන අංශයේ ලාච්චුවක දමා ගොස් ඇති බව පවසා ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇත.

පසුගිය සති කිහිපය තුළ ඩුබායි, කටාර් හා අබුඩාබි හරහා ඉතාලියට යාමට තැත් කළ උතුරේ  තරුණයෝ රැසක්ම ව්‍යාජ වීසා සහ ව්‍යාජ ගුවන්ගමන් බලපත් භාවිතා කිරිම මත මෙරටට පිටුවහල් කර එවා තිබුණි. බොහෝ තරුණයන්ගේ ගුවන් ගමන් බලපතේ ව්‍යාජ ලෙස ඉතාලි වීසා ස්ටිකරය අලවා තිබිණි.  

අත් අඩංගුවට ගැනුනු මෙම  තරුණයාද එලෙස ව්‍යාජ වීසා ස්ටිකරයක් ඇලවීම මත පිටවහල් කරනු ලැබුවෙකි. ඔහු අත තිබු ජංගම දුරකතන අසු උවහොත් ඒ  ඔස්සේ  ජාවරම්කරුවන් අසුවන බැවින්  මෙලෙස තැරුවිකරුවෙකුගේ මෙහෙයවීම මත අදාල දුරකතන අස්ථානගත කරන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

මේ පිළිබඳ ආගමන විගමන නිලධාරීන් කිහිප දෙනෙක්ගෙන්ම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්ණ කර ඇත.

උතුරේ තරුණයින් රට පටවන මිනිස් ජාවාරම පිළබඳ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු මේ පිළබඳ වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරති.

 



අදහස් (0)

හලෝ දෙක ආගමන විගමන ලාච්චුවෙන් එළියට

චමින්ද Wednesday, 25 February 2015 01:01 PM

මගේ අප්පේ ඒ උනාට ඒ මහත්තයලගේ රෙස්පෙට් මූනු බලන්න එපෑය. අපි මේ කාන්තාරේ දුක් විඳලා ගෙදර යද්දී හරියට යක්කු දිහා බලනවා වගේනේ මේ අපි දිහා බලන්නේ. හිනා බිඳක් නෑ මූණු වල. මේවයේ ඉන්න උද්දච්ච අරාබි කාරයොත් එහෙම නෑ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site