ලංකා සතොස ආයතනය 2014 වසරේ දී රුපියල් කෝටි 1407ක ණයක් මගින් ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 257,853 ක් විකුණා ගත නොහැකි වීම නිසා එම ණය පියවීමේ ගැටළුවක් ඇතිවී ඇතැයි රජයේ ආරංචි කියයි.
එම මුදලින් කෝටි 574ක් ගෙවා ඇති අතර හිඟ පොලිය ද සමග තවත් කෝටි 875න් ගෙවීමට නියමිතව ඇත.
වරාය ගාස්තු, ප්‍රමාද ගාස්තු, ප්‍රවාහන හා ගබඩා වියදම් ද ඇතුළුව මේ වන විට එම සහල් තොගය සඳහා වැය වී ඇති මුදල රුපියල් කෝටි 1700ක් බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට ඉතිරිව ඇති සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 3000ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිහිඳු මොනවා කියනවද මන්දා? (නි)
ඇයි මේ ළඟදිත් හාල් මෙට්‍රික් ටොන් 57,000 ක් ගෙන්නලා තිබුනෙ. රටේ ඕනෑවටත් වඩා හාල් තියෙනවා නම් මොකටද පිට රටින් ගේන්නෙ? (ර)
ඕක තමයි නිසි කළමනාකාරිත්වයක් නැතැයි කියන්නේ. පණ්ඩිතයෝ වැඩි වුණාම ඔක්කොම අනා ගන්නවා. රට තුළ නිසි කෘෂිකර්මාන්තයක් නැති හින්දා තමයි ඔක්කොම ප්‍රශ්න. (නි)
එදා තිබුන හාල් මාෆියාව තවමත් තියෙනවා.. නැත්නම් අඩුමුදලට විකුණලා අඩුම ගානේ පාඩුවෙන් භාගයක් වත් හොයාගන්න පුළුවන් නේ. (බ)
2014 කව්ද මේවා ගෙන්නුවේ. ගෙන්නපු හාල් ඇයි මෙච්චර කල් තියන් හිටියේ. දෙවෙනි වතාවටත් සතොස විනාස කරන්න වගේ හදන්නේ.(රේ)
මිනිස් පරිභෝජනයට නුසුදුසු නම් අර ඉන්න සමහර දේශපාලඥයින් අතර බෙදලා දාන්න. (නි)
ගොවීන්ට සහල් විකුණා ගන්න බැහැ. අනිත් පැත්තෙන් රට හාල් වලට ණය. මේවා හොඳ විහිලු අපේ රටේ විතරක් වෙන (නි)
ඕකට තමා අපි නම් කියන්නේ “බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ“ කියන ප්‍රස්ථා පිරුළ (නි)
කෝ මේ මහින්ද මහත්තයා? මොකක්ද මේ ගැන කියන්නේ? (නි)
ගිය ආණ්ඩුව වැරදියි කියලා ඒවා මේ වෙනතුරු හංගාගෙන හිටියහම මිනිසුන්ට තියා සතෙකුටවත් කන්න බැරි ඇති. කාලෙට වෙළඳපළට දාන්නේ නැතුව හංගගෙන හිටියට අදාළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නයි තියෙන්නේ. (නි)