ස්කොට්ලන්තයේ ඇබර්ඞීන්හි වයලට් ඞී. මෙලෝ සිය හැට වැනි උපන් දිනය සැමරීමට සිය සැමියා වන ආර්චි (64) සමග දකුණු අප‍්‍රිකාවේ ක්රාගා කම්මා සතුන්වත්තට ගියාය. එය සැමියාගේ උපන් දින තෑග්ගයි. එහි හීලෑ චීටාවකු සමග පින්තූරයක් ගන්නට ගිය වයලට් දුටුවේ චීටාවකු අට හැවිරිදි දැරියකට පහර දෙන බවයි. ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ වයලට් වෙත තවත් චීටාවෙක් කඩා පැන්නේය. ඇය බිම පෙරළාගෙන සපන්නට හූරන්නට විය.
ඒ වන විට ඇගේ සැමියා සිටියේ සතුන් සිටි කූඩුවෙන් එළියේය. ඔහුට කළ හැකි එකම දේ වූයේ බිරියට පහර දෙන චීටාගේ පින්තූර ගැනීම පමණි. ලේ ගලමින් සිටි දරුවා බේරාගන්නට යද්දී ඇගේ ඇඟට චීටාවකු පනිද්දී ඇය ක්‍ෂණික තීරණයක් ගත්තාය. ඒ අනුව මළ කඳක් සේ ඇය සිටියාය. ”දඟලන්න එපා. දඟලන්න එපා. මියගිය විදියට ඉන්න” යනුවෙන් මා මටම කියා ගත්තා” ඒ අනුව රඟපෑවා යැයි ඇය පසුව කීවාය. උද්‍යාන සේවකයෝ වහා එහි අවුත් වයලට් බේරාගෙන රෝහල්ගත කළ අතර ඇගේ හිසට මැහුම් කිහිපයක් ද දැමිණි. හොඳටම හීලෑ සතුන් වන චීටාවුන්ගේ මේ හැසිරීමට හේතුව පැහැදිලි නැතත්, මඳකිපුණු චීටා දෙනක යා බද කූඩුවේ සිටීම එක් හේතුවක් විය හැකි යැයි කියති.




1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහුන්ගල්ල වගේ තහනම් කරයිද දන්නේ නෑ.
පිස්සු හැදෙන සද
අහුංගල්ලේ හිටියේ හීලෑ කරපු සතුන් නෙවෙයි. මත් ද්‍රව්‍ය දීලා මත් වෙලා හිටපු සත්තු හිටියේ.
වෙලාවකට හරිම හීලැයි.වෙලාවකට හිතා ගන්නත් බෑ කරන දේවල්. හරියට අහවල් දිහෑ මෙම්බර් මහත්වරු වගේ.