දුරකථන කුළුනක් ඉදිකරන මුවාවෙන් මතුරට වැල්ලගිරිය පුරාණ විහාරයට පැමිණි පිරිසක් සතියකට වැඩි කාලයක් එහි නැවතී සිට විහාරාධිපති හිමියන් ගමනක් වැඩිය අවස්ථවක විහාර ගෙය කඩා එහි තිබූ වසර 800 කට වඩා පැරණි කිලෝ 75 ක් බර බුදු පිළිමය පැහැර ගෙන ගොස් තිබේ. සැකකරුවන් හය දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සිටින බවත් මතුරට පොලිසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙනෙන හැටියට සිද්ධ වෙන්න ඇත්තේ හාමුදුරුවෝ මෙයාලට අනුකම්පා කරල බණමඩුවේ හරි කොහේ හරි නිදාගන්න ඉඩ දෙන්න ඇති සතියකට,හොඳ වැඩකටනේ ඇවිත් ඉන්නේ කියලා. ඔන්න ලැබුණ කෙළෙහි ගුණේ. අපි මොකුත් කියන්නේ නැහැ, මෙයාලව ආයුධ පෙන්නන්න ඕනෑ නම් එක්ක ගියාට එහෙම. (නි)
හාමුදුරුවන්ගෙත් වැරැද්දනේ. නීත්‍යානුකූල ලිපි ලේකන බලලා තහවුරු කරගන්න ඕනෑ නේද එන මිනිස්සු කවුද කියලා? (නි)
අනේ! මොවුන්ට නම් හොඳක් වෙන්න එපා (නි)
අනාගතයේ වැඩිම කාලයක් බුදුදහම පවතින ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි.අපි අපේ පන්සල් ආරක්ෂා කර ගත යුතුයි.පන්සල් වල බුදු පිළිම හොරකම් කරන අයට දැඩි දඩුවම් දෙන්න. (නි)
අමුතුවෙන් දඬුවම් දෙන්න දෙයක් නැහැ.ස්වභාව ධර්මයෙන් හම්බෙනවා. (නි)
මේ අය මොන ජාතියෙද?බෞද්ධ අය නම් මේ දේවල් කරන්නෙම නැහැ ! (නි)
මංජු, එතකොට මියන්මාර්, බුරුමය, නේපාලය වගේ රටවලට මොකද වෙන්නේ? නිවැරදි දත්ත බැලුවොත් ලංකාව පිරිහෙමින් යන්නේ (නි)
හාමුදුරුවෝ මේ ගැන මුකුත්ම දැනගෙන ඉදලා නැද්ද? (නි)
ඔය මිනිස්සු ජීවත්වෙන්නේ පවු කරලා (අ)
මේ වැඩේ කාගේ වැඩක්ද? අපි දන්නවනේ කාගේ කගේත් වැඩ ගැන. කලිනුත් ඔය පිළිමේ කි සැරයක් හොරකම් කරාද. මම හිතන්නේ පොලිසියෙනුත් දාල හිටියේ එත් බැරි උනාද ආරක්ෂා කර ගන්න.(නදී)
මංජු-ජෝර්දාන් මහතාට.ඔබ දකින සිහිනය සැබෑ වන්නට ලංකාවේ බොහෝ භික්ෂුන් වහන්සේලාට බුද්ධ ධර්මය ගැන අවබෝධයක් දිය යුතුය. අභිධර්මය සුත්‍ර පිටක ගෙන අවබෝධයක් ලබා දිය යුතුය. ආමිස පුජාවට වැඩිය ප්‍රතිපත්ති පුජාවට පළමු තැන දිය යුතුය.මම නම් දකින්නේ දැන් යන ක්‍රමයට ලංකාවේ අපේ නිර්මල බුදු සසුන අතුගා යෑමකි. (නි)