කටුගස්තොට හල්ඔළුව උඩමුල්ල ප‍්‍රදේශයේ ගෙවත්තක අඩි 12 ක වළක් කපා දෝනාවක් මගින් නිදන් හෑරූ බව කියන පියා සහ පුතා කටුගස්තොට පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුහ.
නිවැසි කාන්තාවට කිහිප වරක්ම සිහිනෙන් පෙණුන නිධානය ගැනීම සඳහා බිම්මල් වගා කරන මුවාවෙන් නිවස ඉදිරිපිට මඩුවත් සාදා එය සම්පූර්ණයෙන් කළු ගෝනිවලින් වසා වළක් කපා හරහට දෝනාවක්ද කපා ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදන් හාරන්න ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවා. එයාගෙන් අහල බැලුවා නම් මාට්ටු නොවී කරන්න තිබුනා. (ස)
මේ හැමෝම නිධන් හෑරුවට අද වනතුරු හාරපු තැන් වලින් නිධන් වස්තු ලැබිලා නැහැ (නි)
අරියසේනගේ කතාව සහතික ඇත්ත
එහෙම කරන්න පුළුවන් එක කට්ටියකට විතරයි (නි)
පොලිසියෙන් නාවා නම් මෙයාලා ටික දිනකින් වළේම නිධන් වෙනවා, (නි)
ඉතින් මේ නිධන් වස්තුව පොළොවේ යට තිබිලා පලක් තිබෙනවද. ඒකවත් අරගෙන මේ අපායෙන් ඒ මිනිසුන්ට ගොඩ එන්න දුන්නා නම් හොඳයි නේද? (නි)
අපේ හෙළබිමේ අතීතයේ නිධන් හෑරුවෙත් පියපුතුවරුන්ය, වර්තමානයේත් එලෙසම පවතී. (නි)
ඔය වගේ තැනක නිදානයක් තිබෙනො නම් ගොඩ ගත්තාම මොකද වෙන්නේ? නිකන් පොළොවේ වැළලිලා තියෙනවට වැඩිය ඒක හොඳ නැද්ද? (නි)
ඒ ගෙදර නෝනට පොලිසියෙන් අල්ලන්ට එනවා හීනෙන් පෙනිලා නැද්ද? ඔලුවේ අං එනවද බලන්නට තිබුනේ.(දිල්)