දේශියව නිෂ්පාදනය කරන රතු සහල් වලට රෝස පැහැති වර්ණ කාරකයන් යොදා සහල් අලෙවි කිරීමේ ජාවාරමක් වතුකරයේ ප‍්‍රධාන නගරවල සිදු කෙරෙමින් පවතී. මඩකලපුව, කල්මුනේ, සමන්තුරේ, අමිපාර යන ප‍්‍රදේශවල ගොවින්ගෙන් මිළිදි ගන්නා රතු සහල් වි සහල් මෝල් වලට ගෙනවිත් සුද්ද කර පොලිෂ් කිරිමෙන් පසු රතු සහල් වලට මෙම වර්ණ කාරකය යොදවන බවයි වෙළසැල් හිමියන් පවසන්නේ. එම වර්ණ කාරක යෙදිමෙන් පසු රතු සහල් අලංකාර රෝස පැහැයක් ගනී. මෙම සහල් සෝදන විට වර්ණ කාරක ඉවත් වී රතු සහල් තද රතු පැහැයෙන් යුක්ත වෙයි.
පිළිකා ඇතුළු සමේ රෝග වැළඳීමට තුඩු දෙන බව කියන මෙම රසායනය හාල් ගෝනියකට ඉතා සුළු ප්‍රමාණයක් කළවම් කිරීෙමන් සිත් ගන්නා සුළු පැහැයක් ලැබෙනා බව මේ සමීක්ෂණයක් කළ දකුණේ ලංකාදීප මාධ්‍යවේදියෙක් කියයි.
කලකට පෙර මේවැනි සායම් කළ සහල් ජාවාරම මුලින්ම සොයා ගත්තේ තිස්සමහාරමයෙනි.
මේ සම්බන්ධව පාරිභෝගික සේවා අධිකාරියේ ප‍්‍රධානි විමලසිරි ඉලූක්කුඹුර මහතා ගෙන් අප කළ විමසුමකට ඔහු පවසා සිටියේ මෙවැනි වර්ණ ගැන්වු සහල් අලෙවි කිරිම සපුරා තහනමි බවයි. මෙවැනි සහල් අලෙවි කළ වෙළදුන් රැසකට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා දඩ මුදල් අයකර ඇති බවත් තවත් මෙවැනිම වර්ණ ගැන්වු සහල් සාම්පල් කිහිපයක් වාර්තාවක් ලබා ගැනිම සදහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර ඇති බවයි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
කලයුත්තේ දඩ ගැසීම නොවේ. ජීවිතාන්තය දක්වා සිරගෙට යැවීම හෝ සියලු දේපල තහනම් කිරීම.(ම)
මේක අලුත් දෙයක් නොවේ. මීට අවුරුදු කීපයකට ඉස්සරත් කල්මුනේ පැත්තේ මෝල් කීපයක මේක කරලා තිබුණා. ප්‍රසිද්ධ නමකින් හාල් ඔස්ට්‍රේලියාවට එවල තිබුණා. ගෙදර ගෙනල්ල හෝදලා බලනකොට බාල සුදු හාල්. මේක සල්ලි තියන අය වැඩි තණ්හාවට කරන දෙයක් (ම)
මේක සුළු කාරණයක් නොවේ , අදහස් දක්ක්වල තියෙන අය සුළුවට අරන් තියෙන්නේ මේ වගේ පව් කාර මිනිස්සුන්ට උපරිම දඩුවම් දෙන්න. (ර)
මොවුන්ගේ දේපළ රාජසන්තක කරන්න (නි)
කන්න තිබෙන කෑමට හිතාමතාම ලාභ ලබන්නට වස කලවම් කිරීම බොහොම පහත් වැඩක්. මේ අයට මෙලොවත් එලොවත් දෙකේම සුගතියක් නැහැ. (නි)
මෙවැනි දේවල් වෙලදාම් කරන වෙළදුන්ගේ වෙලදසල්වල නම් සියලු ආගම් ශාස්තුවරන්ගේ පින්තුර ඉහලින්ම එල්ලලයි තියෙන්නේ. (ර)
කඩවල් වල තිබෙන අයිස්ක්‍රීම්, ටොපි, සීනිබෝල, කේක්, පැණිබිම වගේ කෑම වලත් ඔය වගේ පාට සිය ගුණයකින් තිබෙනවා. (නි)
බ්‍රෑන්ඩ් නේම් එක දැනගත්ත නම් අපිත් නොකා ඉන්නවනේ. (බ)
අපේ රටේ දේශීය නිෂ්පාදන හැමදේටම මොනවා හරි එකතු කරනවා. පලතුරු වලට කාබයිට් දානවා. හාල් වලට පාට කලවම් කරනවා .රට වටේම මුහුද එත් මාළු වලට ෆොර්මලින් දානවා. අඩුතරමේ අපේ දෙයක්වත් පිරිසිදුවට කන්න නෑ අපේ රටේ .එකයි ඇත්ත .මොවූන්ට විරුද්ධව නීති පොත්වල තිබිල මදි .ක්‍රියාත්මක කිරීමයි වැදගත්. (ර)
කළොත් ඉතින් හොරකමක්ම තමයි (නි)
මේවගේ පව්කාර වෙළෙන්දෝ කොච්චර ඉන්නවාද ? (ම)
ඕක හැම නගරයකම ඔහොම තමයි අපේ පැත්තෙත් තියෙනවා (ම)