IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හාල් ඇටෙන් මත්පැන් පෙරන්න යනවාලු

 හාල් වලින් මත්පැන් පෙරීමේ ස්කාගාරයක් මාතලේ දිස්ත්‍රික්කයේ විවෘත කිරීමට රජයේ මන්ත්‍රීවරයකු සැරැසෙතියි මධ්‍යම පළාත්සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර මහතා දඹුල්ල යාපාගම දී අද (28) මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. රජය අශ්චර්ය කරා ගෙන යන ගමනේදී  මත් පැන් අශ්චර්ය මාතලෙන්  අරඹන්නට යන බව පෙනී යතියිද ඔහු කීවේය.

ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුව ඔහුට කතා කළේය. අරක්කු පෙරන තැබෑරුම් හිමි  ඇතැමුන් තමනට බොරු චෝදනා කළත් ඉඩම් අගලක්වත් කොල්ල කා නැතැයිද , මගේ ජාතකයත් හොදයි මව්පියොත් හොදයි යැයිද කීවේය.

 



අදහස් (0)

හාල් ඇටෙන් මත්පැන් පෙරන්න යනවාලු

සරත් Sunday, 28 April 2013 05:09 PM

හාල් වලින් පෙරන සැර බීම චීනයේ තියෙනවා. ඒවා ඇගට ගුණයි. හැබැයි ඉතින් ලංකාවේ අයියලා ඕක නාන්න ප්‍රමාණයට බීවාම අගුණයි. වෙන කෑම ජාතිත් එහෙම තමයි. අපිට බොන්න හොද නැත්නම් පිටරට යවන්න පුලුවන්නේ. හැමදේටම ආගම දහම පටලවා ගත යුතු නැහැ. සෑම දෙයෙහිම හොද නරක දෙකම තියෙනවා. (නි)

:       0       0

මාතලේ ලක්ෂමන් Monday, 29 April 2013 06:18 AM

නොම්බර 1 තරල සාරය, නොම්බර 2 ඊතෛල් මීතෛල්, නොම්බර 3 නිදන්, නොම්බර 4 හාල් මද්ද්‍යා සාර. කොහොමද වැඩ ? (නදී)

:       0       1

දයා Sunday, 28 April 2013 05:22 PM

හාල් ගණන් යයි වගේ (නි)

:       0       0

නිමල් Sunday, 28 April 2013 05:38 PM

මතට තිත. දේශපාලඥයින්ට නම් කොමාව. ඒකනෙ තිත තියලත් ලෝකෙ පළවෙනි තැන ලැබුණෙ. (නි)

:       0       0

දම්මි Monday, 29 April 2013 07:43 AM

නාමලී, අපි හාල් වලින් බත් කනවා නම්,හාල් වලින් මත්පැන් පෙරුවම මොකක්ද තියෙන වරද? (නි)

:       0       0

හේරත් Sunday, 28 April 2013 06:10 PM

තිතට මත මලේ. ජපානයේ ඕකට කියන්නේ ‘සකේ‘ කියලනේ. ජපන්නු හපන්නු උනේ සකේ බීළලු. නරකද ඉතින් හපන්නු වෙන්න හිතුවම.(හපන්නේ සත්තුලු ).(නදී) )

:       0       0

ලංකාසිරි Sunday, 28 April 2013 07:00 PM

හාල් වලින් පෙරන අරක්කු කියන්නේ කන ජාතියක්ද , නැත්නම් ජාතිය කන දෙයක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ශ්‍රී Sunday, 28 April 2013 07:04 PM

මැලේසියාවේ රයිස් වයින් තියෙනවා (නි)

:       0       0

වරුණ Monday, 29 April 2013 08:56 AM

හාල් වලින් හදන තෙල් ඕම්ට්‍රේලියාවේ තියෙනවා. මේක කාට හරි පටන් ගන්න බැරිද. (නදී)

:       0       0

චතුල වෙරෝනා Sunday, 28 April 2013 07:52 PM

බෝතල් වලට අමතරව පෑකට් වර්ගයකුත් හදුන්වා දීමෙන් දුප්පත් අයට මිලදී ගෑනීමට පහසුයි.(නදී)

:       0       0

අසංක Monday, 29 April 2013 09:44 AM

තිතට මත ආශ්චර්ය මත් සිරි ලංකාව.(නදී)

:       0       0

වීරසේකරගේ Sunday, 28 April 2013 08:49 PM

අඩුවෙලා තිබුනේ හාල්පිටි ස්ප්‍රීතු විතරයි (නි)

:       0       0

ලලිත් Sunday, 28 April 2013 09:04 PM

ඔය අරක්කු චීනයේ සාමාන්‍ය දෙයක්. (නි)

:       0       0

ගාමිණී සිරි Sunday, 28 April 2013 09:51 PM

" සකේ " නිෂ්පාදනය කරන්නේ 100% ක් ම සුදු සහල් වලින්. මද්‍යසාර ප්‍රතිශතය 8% යි. මෙය කොරියාව, චීනය, ජපානය වැනි රටවල ප්‍රමුඛත්වයක් ගන්නවා. ශීත ඉර්තුව අවසන් වෙන අප්‍රේල් මාසයේ සකුරා මල් පිපෙන මොහොතේ, ජපානයේ සෑම නගරයකම, ගමකම, පවුලේ අයවලුන්, නෑදෑයෝ, මිතුරන් එකට එකතුවෙලා සතුට බුක්ති විඳිනවා. කිතුල්, පොල් රා වගේ ශරීරයට ඉතාමත් හිතකරයි. ජපනුන් එකසිය ගණන් ජීවත් වෙන්නේ හෘද රෝග නැතිව මේ නිසයි. මෙම ව්‍යාපෘතිය ලංකාවට ඉතාමත් යෝග්‍යයි. කසිප්පු බීලා මැරෙනවට වඩා.(නදී)

:       0       0

නෙතුමි Monday, 29 April 2013 11:15 AM

අතුරු නිෂ්පාදන හොඳයි. හැබැයි මේවගේ දේකට නෙමෙයි.. (ස)

:       0       0

දේව් Sunday, 28 April 2013 10:49 PM

එතකොට පොල් වලින් පොල් අරක්කු. හාල් වලින් හාල් අරක්කු . සීනි වලින් සීනි කරින්ජන්. මේවා කෝවත් පරාන කූඩුවට අහිතකර දේවල්. මතට තිත කියන්නේ මේකට වෙන්න ඇති නේද ?(නදී)

:       0       0

මනෝජ් Sunday, 28 April 2013 11:24 PM

මොනවද මේ කියවන්නේ ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

උපුල් Sunday, 28 April 2013 03:57 PM

හාල් වලින් පෙරන අරක්කු ඇඟට හරි ගුණයිලු. සියරට දේ සිරි සැපදේ නිසා "මතට තිත" මේකට අදාල වෙන්නේ නැහැ හොඳේ. (නි)

:       0       0

පෙ‍රේරා Sunday, 28 April 2013 03:59 PM

එතකොට මතට තිතට මොකද වුණේ? (නි)

:       0       0

කුමාර් Sunday, 28 April 2013 04:23 PM

හාල් වලින් ජපන් බීම හැදුවා නම් "සකී" කියලා ජපානෙට දීලා විදේශ විනිමය හොයන්න පුළුවන් (නි)

:       0       0

උපාලි Monday, 29 April 2013 02:38 AM

ඇයි දෙයියනේ හැම එහෙකටම දොස් කියන්නේ? ගොවියාගේ වී ටික කුණු කොල්ලෙට යාම නවතිනවා. කටුස්සෝ ගෙම්බෝ දාපු කසිප්පු බීලා මැරෙන එක අඩු වෙනවා. රාජ්‍ය අනුග්‍රහය යටතේ, "අපනයනය සඳහා පමණයි" කියලා පටන් ගත්තාම රැකියා ප්‍රශ්නය අඩුවෙනවා. දේශපාලන සහ පොලිස් අනුග්‍රහය යටතේ දැනට පවත්වාගෙන යන කර්මාන්ත නීතිගත වෙනවා. පොලිසියට වැඩ අඩුවෙනවා. නැද්ද මං කියන්නේ? (නි)

:       0       0

සොඳුරු Sunday, 28 April 2013 04:49 PM

ඇයි ආයුබෝවන්ඩ, අර ටොන් ගණන් විසිකරන එළවලු වලින් මත්පැන් ටිකක් පෙරුවා නම් මොකද වෙන්නේ? කොහොමත් කුණුවෙලා යන එකනේ. එතකොට ජනතාවට අඩු ගානට අරක්කු හරි බොන්න පුළුවන් අප්පා. (නි)

:       0       0

විපුල Sunday, 28 April 2013 04:57 PM

හාල් වලින් පෙරන මත් පැන් ඉතා ඉහළ පානයක්. චීනයේ, වියට්නාමේ, කමොබිජියාවේ, ලාඕස් තායිලන්ඩ්, කොරියා, ජපන් වල. ඉතින් ලංකාවෙත් පටන් ගත්තට කමක් නැහැනේ. කසිප්පු වලට වැඩිය හොඳයි නේ හාල්. ජය වේවා! (නි)

:       0       0

සහන් Sunday, 28 April 2013 04:58 PM

හිහිහි හි හි හි හිනාත් යනවා අද ලංකාවේ වෙන දේවල් දැක්කම... ආශ්චර්යය බේරෙනවා!! (නි)

:       0       0

නාමලී Sunday, 28 April 2013 05:06 PM

අපි හාල් වලින් බත් කනවා නම්,හාල් වලින් මත්පැන් පෙරුවම මොකක්ද තියෙන වරද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site