රාජ්‍ය සංගීත සම්මාන උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවැත්වුණු අතර එහිදී වසරේ ප‍්‍රශස්තතම ගායන ශිල්පියා ලෙස හර්ෂණ දිසානායකත්, ප‍්‍රශස්තතම ගායන ශිල්පිනිය ලෙස ශෂිකා නිසංසලාත් රාජ්‍ය සම්මාන ලැබූහ.
හර්ෂණ දිසානායක ගැයූ ‘සරස්වතී දේවී’ හා ශෂිකා නිසංසලා ගැයූ ‘සුනිල නෙත් පොකුණේ’ ගීත වෙනුවෙන් ඔවුනට එම සම්මානය හිමිවිය.
හොඳම නවක ගායකයා ලෙස ‘සසරේ පතා’ ගීතය ගැයූ ඩී. අසිත් චනුෂ්ක අතපත්තු සම්මාන ලැබූ අතර හොඳම නවක ගායිකාව ලෙස සම්මාන ලැබූයේ ‘තුන්මංසලක’ ගීතය ගැයූ නිලක්‍ෂි ගුණතිලකය.
වසරේ ප‍්‍රශස්තතම ගීත රචනයට හිමි රාජ්‍ය සම්මානය ‘නාගසින්නම් හඬ අහන්නට’ ගීතය රචනා කළ ටී.එම් අසංක රුවන් සාගරට හිමිවූ අතර ප‍්‍රශස්තතම ගී තනු නිර්මාණයට හිමි සම්මානය හිමි වූයේ ‘ඔබ සහ මම’ ගීතයේ තනු නිර්මාණය කළ ඩී.ඒ ශාමින්ද නිරෝෂන් කුමාරටය.
ප‍්‍රශස්තතම ගී සංයුක්ත තැටියට හිමි සම්මානය ‘අහස’ සංයුක්ත තැටිය නිෂ්පාදනය වෙනුවෙන් රවී සිරිවර්ධන දිනා ගත්තේය.
සංගීත අධ්‍යාපන ක්ෂේත‍්‍රය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අගයා පිරිනැමෙන වින්සන්ට් සෝමපාල අනුස්මරණ සම්මානය මහාචාර්ය සනත් නන්දසිරිට ද, මහගම සේකර අනුස්මරණ සම්මානය සුනිල් සරත් පෙරේරාට ද, සුනිල් සාන්ත අනුස්මරණ සම්මානය සුජාතා අත්තනායකට ද ආදී වශයෙන් සම්මාන රැසක් එහිදී පිරිනැමිණි.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හර්ෂණ මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට ඉතා සුදුසුය. මෙය ඔහුගේ සුපසන් සංගීත දිවියට තවත් පිටුවහලක් වේවි. සුභාවිත ගීතය පෝෂණයට දායකවන හර්ෂණ ලංකාවට සම්පතකි. අපි ඔහුව රැකගත යුතුය. (නි)
අපෙන් උණුසුම් සුබ පැතුම්...!!!! ඉදිරියට කරගෙන යන කලා ගමන සාර්ථක වේවා...!!!!! (නි)