IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හර්ෂ පඹගාලක

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිධූරය තමාට ලබා දීමට තේරීම් කාරක සභාව පැහැදිලිවම  තීරණය කර ඇතත් පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය වෙනත් කතාවක් පැවසීමෙන්  බරපතළ ගැටලුකාරී තත්වයක් මතුව ඇති බව සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

සසන්නිවේදන අංශය   තමා සභාපතිවරයා ලෙස පිළිගෙන නැතැයි සඳහන් කළ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද  කතානායකවරයාගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවද  ප්‍රකාශ කළේය.

මුදල් කමිටුවේ සභාපතිවරයා ලෙස තමා පත් කෙරුණු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මහලේකම් මහලේකම් ධම්මික දසනායක මහත්වරුන් තමාට පැහැදිලිවම
පැවසුවේ යැයිද  ඔහු කීවේය.

නව වැනි  පාර්ලිමේන්තුවේ  තෙවැනි සභාවාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමගම මුදල්  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව  අහෝසි වීම හේතුවෙන්  හර්ෂ ද සිල්වා මහතාට එම තනතුර අහිමිවිය.



අදහස් (3)

හර්ෂ පඹගාලක

chandima Wednesday, 22 February 2023 06:54 AM

පඹයින් පඹගාලක පැටලෙන්නේ නැතිව වෙන මොකක පැටලෙන්නද?

:       2       2

අරවින්ද මොණරවිල Wednesday, 22 February 2023 07:17 AM

මෙයාට තියෙන්නෙත් රටට සේවය කරන්න තියෙන උවමනාවට වැඩිය තනතුරු තාන්නමාන අරගෙන වැජඹෙන අශාව, ප්‍රජාතන්ත්‍රවාදය ගරු නොකරන ජන මතයට ඇහුම්කන් නොදෙන මේ දූෂිත අකාර්යක්ෂම ආණ්ඩුවේ මුදල් කාරක සභාවේ සභාපති වෙලා කරන්න පුළුවන් ලබ්බක් නැහැ කියලා මේ මනුස්සට නොතේරෙන්නේ ඒකයි.

:       5       2

දිමුත් Wednesday, 22 February 2023 03:40 PM

ඇයි සන්නිවේදන අංශය පාර්ලිමේන්තුවේ නෙමෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site