
(මනෝප්‍රිය ගුණසේකර)
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් කිරීමේ පැරැණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුව විභාග කිරීමට පත් කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් සාමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විභාගයෙන් ඉවත් වන බව අද (08) දැනුම් දුන්නේය.
පෞද්ගලික හේතුන් මත මෙම නඩු විභාගයෙන් ඉවත් වන බව විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා දැනුම් දීම නිසා නඩු විභාගය ජුනි 16 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
අධිකරණයට අපහාස කළ බවට හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහි නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලීප් නවාස්, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මඩුල්ල හමුවේ කැඳවු අවස්ථාවේදී පෞද්ගලික හේතුන් මත මෙම නඩු විභාගයෙන් ඉවත් වන බව විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා දැනුම් දුන්නේය.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් වීසා නිකුත් කිරීම පැරැණි ක්‍රමවේදයටම සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් වගඋත්තරකාර හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණයට අපහාස කළ බවට ඔහුට විරුද්ධව නඩුවක් පවරනු ලැබීය.
හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව අධිකරණයට අපහාස කළ බවට නඩු පැවරීමෙන් අනතුරුව නඩු විභගය අවසන් වනතුරු ඔහු රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබු අතර ඔහු ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ඉදිරිපත් කළ ඇප ඇයැදුම්ද ප්‍රතික්‍ෂෙප කරමින් ඔහු තවදුරටත් රිමාන්ඩ් බරයේ රඳවා තැබීමට නියම කෙරිණී.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් දෙන්නැයි ඉල්ලා හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනාධිපති නීතීඥ ඒම්.ඒ.සුමන්දිරන් යන මහත්වරු විසින් ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහා නොවැම්බර් මස 20 වනදා කැඳවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හර්ෂ ඉලුක්පිටියගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි