හෙරොයින් කුඩු සැකකරුවකු මිනිස් මල ඇඟපුරා තවරා ගෙන පොලිසියට කළ අභියෝගය පරාජය කිරීමට මොරටුව පොලිසිය සමත් විය.
43 වැනි වරට පොලිසියට අසු වූ ඔහු පොලිස් සිර මැදිරියේදී මිනිස් මළ ඇඟපුරා ගාගෙන, කවර දෙකකට මිනිස් මළ පුරවාගෙන කලහ කාරී ලෙස හැසිරෙද්දී, පොලිසිය උපක්‍රම ශීලීව ලණු දමා බැඳ නහවා අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකරු ලබන 15 තෙක් රිමාන්ඩ් කරන ලෙස මොරටුව වැඩබලන මහේස්ත්‍රාත් ජෝසප් ප්‍රනාන්දු මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
43 වතාවක් ඔය මිනිහව අල්ල අල්ලාද හිටියේ? එහෙනම් ඉතින් අපිත් පොලිසිය එක්ක හොරා පොලිස් කරමුකෝ.මොන විහිළුවක් ද අප්පා මේක.. (නි)
අර කොන්ටිනේ රටේ මොකද උනේ?
බලන්න...මිහිපිට අපායේ ඔහු දුක් විඳින හැටි...දිට්ට ධම්ම වේදනීය කර්මය ඔහුට පල දීල නේද..?? (ස)
ලෝකෙට පිළිලයක් ඔය කුඩුකාරයන්ව. ජීවිතාන්තය දක්වා හිරේ යවන්න ඕනේ.(නදී)
අපේ පරපුරට වස විස පොවන ඔය වගේ තිරිසන් මිනිස්සුන්ට දැඩි දඩුවම් දියයුතුයි (නි)
මෙතරම් වාර ගණනක් අසුවෙලත් තවත් ඒකම කරන එකනෙ වැඩේ
මේ මිනිහව නාවන්නේ නැතුව සුමානයක් විතර එහෙමම ඉන්න දෙන්න තිබ්බේ . ඒවා කාල එකේම ඉන්න. (ස)
මම එහෙම නම් කරන්නේ නොමිලේම ගිනිකූරකුයි පෙට්‍රල් බෝතලයකුයි දෙනවා උසාවි යවන්න පෙර (නි)
මොනවට මේ මනුස්සයන්ට ඇප දෙනවද දන්නෙ නෑ. කුඩ්ඩෙක් කියලාත් දන්නවා නම්,පෙර වැරදිත් තියනවා නම් සදහටම හිරේ දාන්න තියෙන්නෙ.(නදී)
හෙරොයින් ටික නවත්වන්න බැරි රටේ තව කැසිනෝ දාන්න හදන්නේ කැසිනෝ ගහලා දිනලා හෙරොයින් බොන්නද? (නි)
ෂික්.., මලජරා මිනිහෙක්නේ (නදී)
ලංකාව කොහෙද යන්නේ ? ඇයි මේ වගේ නරුමයෝ බිහි වෙන්නේ ? මේ නම් මිනිස්සු නෙමේ (ස)
කන්ටේනරයක්ද ගෙනල්ලා තියෙන්නේ? (නදී)
ලෝකේ වැඩිම වාර ගණනක් ඇප ලැබුන පුද්ගලයා මෙයා වෙන්න ඕනා. නැති නම් ලෝක වාර්තාවක් තියන කම් ඔහොම කරගෙන යන් ආයුබෝවන්.(නදී)
කිලෝ දෙසීය ගානක් ආපු කන්ටේනරයට මොකද දන්නේ නෑ උනේ? (නදී)
මේවගේ අයව අල්ලන එක නම් පොලිසියට සිම්පල් දෙයක්නේ.(නදී)
ටිකක් කවන්නයි තිබුනේ. (ස)
ටොයිලට් වලකට දාල වහන්න තිබුනේ ... (ස)
හතලිස් තුන් වතාවක් ම ඇයි නිදහසේ ඉන්න ඇරියේ? පොලිසිය වගකිය යුතුයි (නි)
පොලිසියට නම් ඕවා මොනවද?? (ස)
මත්කුඩුවලට ඇබ්බැහිවූ අයකුගේ මනස මොනතරම් අපවිත්‍ර වෙලාද? 43 වරක්ම අසුවු අයගෙන් නඩු අහන්නේ නිදහස් කරන්නද? මොවුන්ව ජීවිතාන්තය දක්වා සිරේ දැමිය යුතුයි. නිදහස් වූ වාරගාන වැඩියි. (නදී)
43 වරක් බේරුනේ ඇප දීපු නිසානේ, පොලිසියේ නඩු ගොනු කිරීමේ වරදක් නිසාද, නැත්නම් දේශපාලනේ රටකනවද? (නදී)
මු මලපහත් කුඩුවලට කලවන් කරලා දුන්නද දන්නෙත් නෑ. ඒත් මුට ආයෙත් ඇප දුන්නට කමක් නෑ.බොන උන්ට හොඳක්ම වේවා.මම කපුටා .(නදී)
44 වෙනි වතාවට අහුවුනාම මොනවා කරයිද දන්නේ නෑ? (ස)
මේ වගේ විකෘති මනසකින් යුක්ත මිනිහෙක් හරි භයානකයිනේ. කොහොමද මෙයාව සමාජයට මුදාහැරියේ, නඩු 43 කටත් පස්සේ? මේ පාරවත් අධිකරණය මේ කාරණේ සැලකිල්ලට ගත්තොත් හොඳයි. නැත්නම් රටේ මිනිසුන් අතින් මිනිහටම කරදර වෙන්න ඉඩ තිබෙනවා. (ස)
මහා පව්කාරයෝ එලවටත් නැ, මෙලොවටත් නැ මොකට මනුස්ස ලෝකෙට මේ වගේ උන් ඉපදුනාද? කරන පව් වලට තමන් විහින්ම තමන් දඩුවම් ලබා ගන්නවා. (ස)
ඔය කට්ටිය කන්නෙත් ඕවා පුච්ච ගෙනනේ . ඒක හන්දා ඒගොල්ලන්ට ඕව ගානක් නැහැ. (ස)
අපේ පොලිසියේ මහත්තුරුත් දන්නේ මාර උපක්‍රමනේ? (ස)
ඒවා ගෙන්නන කට්ටිය නිදැල්ලේ (දී)
සුමානයක් ඕවම කන්න දෙන්න .....(නදී)