හෙරොයින් ග්‍රෑම් 22 ක් ළඟ තබා ගැනීම හා විකිණීම යන චෝදනාවලට වැරදිකරුවන් වූ අඹු සැමි යුවළකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (29) මරණ දඬුවම නියම කළේය.
ඉනෝකා ශ්‍යාමලී (39) නමැති සිව්දරු මවද ඇගේ සැමියා වන ජේකොබ් රිචඩ් වික්ටර් (42) එම දෙදෙනාය. ඔවුහු බොරැල්ල මැගසින් පාරේ පදිංචිකරුවෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටොන් ගනන් ගේන අයට ඇමතිකමක් දීලත් මදි. (බ)
විනිසුරුතුමනි දඬුවම හොදයි . නමුත් ටොන් ගණන් ගෙනාපු අය නම් තවම එළියේ. (හේ)
ටොන් ගණන් ප්‍රශ්නයක් නැ. (අ)
අර අහිංසක දරු හතරදෙනාට මොකද වෙන්නේ? (ම)
ඔය වාගේ අයට ඒ වගේ දඬුවම් නොදී පුනරුත්තාපනය කරලා යහ මගට ගෙන්න බැරිද?මොකද ඔය වාගේ දේවල් වලින් වෙන්නේ හිරගේදරවල් පිරෙන එකයි. රජයට වියදම් වැඩි වන එකයි. (ම)
කන්ටේනර් ගණන් ගෙන්වපු එවුවො අදත් යහතින් ඉන්නවා (බ)
අම්මෝ ග්‍රෑම් 22ක්? හරි ලොකු දඬුවමක්නේ දීලා තියෙන්නේ. එතකොට කුඩු ටොන් ගණන් ගේන අයට මොකක්ද දෙන දඬුවම? (බ)
(රසික.........අම්මෝ ග්‍රෑම් 22ක්.......) රසික ග්‍රෑම් 22ක් කියන්නේ රස පරීක්ෂකට අනුව අල්ලපු කුඩුවල තිබුණු හෙරොයින් ප්‍රමාණය. (කාන්ති........අර අහිංසක දරු හතරදෙනාට මොකද වෙන්නේ.......) කාන්ති මුං අහුවෙන්න ඉස්සෙල්ලා දරුවෝ කී දෙනෙකුට කුඩු පොවන්න ඇතිද? (බ)
දෙන්නාගේ පදිංචියත් හිරගෙදර ළඟමයි. මරණ දඬුවමත් ක්‍රියාත්මක නොවෙන නිසා ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ.(ම)
මරණ දඬුවම දුන්නට එය ක්‍රියාත්මක නොවන නිසා කලබල විය යුතු නැහැ (බ)
මීට කලින් කුඩු ගෙනාපු අයට මොකද වූනේ.(හේ)