හෙරොයින් මත්කුඩු කිලෝ 110ක් සමග විදේශිකයින් 13 දෙනෙකු දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි..
ඔවුහු ඉරාන සහ පකිස්තාන ජාතිකයෝ ය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, නාවික හමුදාවේ සහාය ඇතිව මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් කුඩු ප්‍රවාහනය කළ නැව කොළඹට ගෙන ඒමට නියමිතය.
නැවේ සිටිය දී දස දෙනෙක් ද, අධිවේගී මාර්ගයේ සැප වාහනයකින් යමින් සිටිය දී තවත් පාකිස්තාන ජාතිකයන් තුන් දෙනෙක් දපමුණුවේදී ද අත්අඩංගුවට ගනු ලැබූහ.
මාසයකට පෙර පොලිසියට ලද ඔත්තුවක් අනුව නාවික හමුදාවේද සහායෙන් මෙම වැටලීම සැලසුම් කර ඇති අතර පොලිස් ඔත්තුකරුවන් ගැනුම්කරුවන් ලෙස රඟපා තිබේ.
ඡායාරූප හා වීඩියෝ - ගයාන් අමරසේකර
ඡායාරූප - අතුල දේවප්‍රිය






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා රට තුළට ආවා නම් මොන විනාශයක්ද? (නි)
දැන් මේවාට මොකක්ද කරන්නේ? (නි)
ඔව් ඔව්. අනිවාර්යයෙන්ම පසුගිය රජය මේකට සම්බන්ධ ඇති (නි)
පසුගිය රජයේ නම කොහෙන්හරි ගෑවිලා නැද්ද දන්නෙ නැහැ ඕකට? (නි)
නැවත් රාජසන්තක කරලා වැරදිකරුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දෙන්න ඕනෑ. (නි)
හෙරොයින් ලංකාවෙන් නැත්තටම නැතිකිරීම සඳහා ලංකා ආණ්ඩුව උත්සාහ නොකරන බවකුයි අපිට නම් පෙනෙන්න තියෙන්නේ (නි)
මිනිස්සු කොච්චර කිවුවත් නීතිවිරෝධී වැඩ කරන එක නම් නවත්වන්නෙම නැහැ (නි)
ඉස්සරනම් පකිස්තානුවෝ ගෙදර යවල , කුඩු ටික අහවලාගේ මල්ලට වැටෙනවා , පාලනේ යහ නිසා දැන් කිලෝ ගණන් බඩු අත්අඩංගුවේ ජාවාරම්කාරයෝ හිරේ (රේ)
අර සුපුරුදු පරිදි මහින්ද මහත්තයාගේ නම කොහෙන්හරි ගෑවිලා නැද්ද දන්නෙ නැහැ ඕකට? (නි)
මේ සදහා කැපවී ක්‍රියාකළ පොලිසියේ සහ නාවික හමුදාවේ විරුවන්ට ජාතියේ ප්‍රණාමය. මේ අතිවිශාල මත්කුඩු ප්‍රමාණය රට තුළට ආවා නම් ජීවිත කීයක් බිලිගනීවිද? (නි)
නීති වැඩිකළ පමණින් මිනිස්සු වැරදි කරන එක නවත්වන්නේ නැහැ (නි)
ඉරාන සහ පකිස්තාන ජාතිකයෝ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන්න (නි)
මේවා උසාවියට යනකොට ශුද්ධ හෙරොයින් වල බර කිලෝ එකයි, අනෙක්වා කලවම් කළ දේවල් කියලා කියවෙන්නේ නැතිවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා (නි)
ඔවුන් හිරේ සිටියොත් ලංකාවේ අහිංසක ජනතාවගේ බදු මුදල් තමා වියදම් වෙන්නේ. (නි)
කොහොම වුණත් නාවික හමුදාවට අපගේ ප්‍රණාමය! (නි)
කරන තරමක් හොර මගඩි, මත් ජාවාරම් කරන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
මේ මත්කුඩු තොගයට දැන් මොකද කරන්නේ පොලිසිය? (නි)
මතට තිත නොව කොමාවක්ද කොහෙද තියලා තියෙන්නේ (නි)
ලංකාව කුඩු ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බව මෙයින් හොඳට පෙනෙනවා. රට ගැන හිතන්න, රට තුළට සෑම දෙනාටම එන්න ඉඩ නොදෙන්න (නි)
චන්දන - ඕස්ට්‍රේලියා, සුපුරුදු පරිදි මහින්ද මහත්තයාගේ නම කොහෙන්හරි මේකට ගෑවිලා නැහැ. සන්තෝෂයි නේද දැන්? අර කට්ටිය කවුරුත් දැන් නැහැ නොවැ. (නි)