IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හෙරෝයින් කිලෝ 110 ක් දකුණෙන් අල්ලයි

හෙරොයින් මත්කුඩු කිලෝ 110ක් සමග විදේශිකයින් 13 දෙනෙකු දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි..

ඔවුහු ඉරාන සහ පකිස්තාන ජාතිකයෝ ය.

 පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, නාවික හමුදාවේ සහාය ඇතිව මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් කුඩු ප්‍රවාහනය කළ නැව කොළඹට ගෙන ඒමට නියමිතය.

නැවේ සිටිය දී දස දෙනෙක් ද, අධිවේගී මාර්ගයේ සැප වාහනයකින් යමින් සිටිය දී තවත් පාකිස්තාන ජාතිකයන් තුන් දෙනෙක් දපමුණුවේදී ද අත්අඩංගුවට ගනු ලැබූහ.

මාසයකට පෙර පොලිසියට ලද ඔත්තුවක් අනුව නාවික හමුදාවේද සහායෙන් මෙම වැටලීම සැලසුම් කර ඇති අතර පොලිස් ඔත්තුකරුවන් ගැනුම්කරුවන් ලෙස රඟපා තිබේ.

IMG_2888 IMG_2894 IMG_2904

ඡායාරූප හා වීඩියෝ - ගයාන් අමරසේකර

DSCN9729 IMG_0002 IMG_0027

ඡායාරූප - අතුල දේවප්‍රිය

 



අදහස් (0)

හෙරෝයින් කිලෝ 110 ක් දකුණෙන් අල්ලයි

ජගත් Friday, 01 April 2016 04:28 PM

මේවා රට තුළට ආවා නම් මොන විනාශයක්ද? (නි)

:       0       0

චානක Saturday, 02 April 2016 09:30 AM

දැන් මේවාට මොකක්ද කරන්නේ? (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Saturday, 02 April 2016 09:31 AM

ඔව් ඔව්. අනිවාර්යයෙන්ම පසුගිය රජය මේකට සම්බන්ධ ඇති (නි)

:       0       0

යසන්ත Saturday, 02 April 2016 09:32 AM

පසුගිය රජයේ නම කොහෙන්හරි ගෑවිලා නැද්ද දන්නෙ නැහැ ඕකට? (නි)

:       0       0

නිහාල් Friday, 01 April 2016 07:26 PM

නැවත් රාජසන්තක කරලා වැරදිකරුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

වසන්ජය Friday, 01 April 2016 08:35 PM

හෙරොයින් ලංකාවෙන් නැත්තටම නැතිකිරීම සඳහා ලංකා ආණ්ඩුව උත්සාහ නොකරන බවකුයි අපිට නම් පෙනෙන්න තියෙන්නේ (නි)

:       0       0

නිශාන්ත Friday, 01 April 2016 08:36 PM

මිනිස්සු කොච්චර කිවුවත් නීතිවිරෝධී වැඩ කරන එක නම් නවත්වන්නෙම නැහැ (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 02 April 2016 12:39 PM

ඉස්සරනම් පකිස්තානුවෝ ගෙදර යවල , කුඩු ටික අහවලාගේ මල්ලට වැටෙනවා , පාලනේ යහ නිසා දැන් කිලෝ ගණන් බඩු අත්අඩංගුවේ ජාවාරම්කාරයෝ හිරේ (රේ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Friday, 01 April 2016 10:12 PM

අර සුපුරුදු පරිදි මහින්ද මහත්තයාගේ නම කොහෙන්හරි ගෑවිලා නැද්ද දන්නෙ නැහැ ඕකට? (නි)

:       0       0

සමන් Friday, 01 April 2016 10:14 PM

මේ සදහා කැපවී ක්‍රියාකළ පොලිසියේ සහ නාවික හමුදාවේ විරුවන්ට ජාතියේ ප්‍රණාමය. මේ අතිවිශාල මත්කුඩු ප්‍රමාණය රට තුළට ආවා නම් ජීවිත කීයක් බිලිගනීවිද? (නි)

:       0       0

ජයන්ත Saturday, 02 April 2016 12:15 AM

නීති වැඩිකළ පමණින් මිනිස්සු වැරදි කරන එක නවත්වන්නේ නැහැ (නි)

:       0       0

ජගත්‍ Saturday, 02 April 2016 12:44 AM

ඉරාන සහ පකිස්තාන ජාතිකයෝ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන්න (නි)

:       0       0

සෑම් Saturday, 02 April 2016 01:01 AM

මේවා උසාවියට යනකොට ශුද්ධ හෙරොයින් වල බර කිලෝ එකයි, අනෙක්වා කලවම් කළ දේවල් කියලා කියවෙන්නේ නැතිවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

පද්මප්‍රිය Saturday, 02 April 2016 02:14 AM

ඔවුන් හිරේ සිටියොත් ලංකාවේ අහිංසක ජනතාවගේ බදු මුදල් තමා වියදම් වෙන්නේ. (නි)

:       0       0

මුණසිංහ Saturday, 02 April 2016 03:09 AM

කොහොම වුණත් නාවික හමුදාවට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ඇසළ Saturday, 02 April 2016 03:10 AM

කරන තරමක් හොර මගඩි, මත් ජාවාරම් කරන්නේ කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

මනෝජ් Saturday, 02 April 2016 04:25 AM

මේ මත්කුඩු තොගයට දැන් මොකද කරන්නේ පොලිසිය? (නි)

:       0       0

දුමින්ද Saturday, 02 April 2016 05:18 AM

මතට තිත නොව කොමාවක්ද කොහෙද තියලා තියෙන්නේ (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 02 April 2016 05:19 AM

ලංකාව කුඩු ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බව මෙයින් හොඳට පෙනෙනවා. රට ගැන හිතන්න, රට තුළට සෑම දෙනාටම එන්න ඉඩ නොදෙන්න (නි)

:       0       0

උපාලි Saturday, 02 April 2016 06:54 AM

චන්දන - ඕස්ට්‍රේලියා, සුපුරුදු පරිදි මහින්ද මහත්තයාගේ නම කොහෙන්හරි මේකට ගෑවිලා නැහැ. සන්තෝෂයි නේද දැන්? අර කට්ටිය කවුරුත් දැන් නැහැ නොවැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site