නිකවැරටිය මහාගිරිල්ල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිල නිවාස වලට පහර දීමේ සිද්ධියට සම්බන්ධ වයඹ පළාත් සභා මන්ත්‍රී ඇතුළු පිරිසට එරෙහිව නීතිමය පියවර නොගතහොත් ලබන සතියේ දී වෛද්‍ය වර්ජනයක් ඇතුළු දැඩි ක්‍රියා මාර්ගයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුරුණෑගල දිස්ත්‍රීක් ශාඛාව අද (12) කුරුණෑගල දී පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.
කුරුණෑගල විල්ගොඩ පාරේ පිහිටි කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
රාජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුරුණෑගල දිස්ත්‍රීක් ශාඛාවේ ලේකම් වෛද්‍ය නයනා ප්‍රේමසිරි මහත්මිය මෙහිදී පැවසුවේය. මහගිරිල්ල වන අලින් පවා ගැවසෙන අති දුෂ්කර ප්‍රෙද්ශයක විශාල කැපවීමෙන් සේවය කරන වෙද්‍යවරුන් දෙදෙනෙකු ඉලක්ක කොට ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ඇතුළු ගම්වාසීන් කිහිප දෙනෙකු එල්ල කළ මෙම මැර ප්‍රහාරය හෙළා දකින බවයි.

COMMENTS
මම හිතන් නැහැ ඒ අය නම් රක්ෂිතයට දායි කියල. (බ)
දේශපාලුවන් වගේම දැන් දොස්තරලත් හිතාගන ඉන්නේ ඒ ගොල්ලොත් ලෝකෙට ලොක්කෝ කියලා වගෙයි! (බ)
අර කැමරාව හයි කරපු දොස්තරට විරුද්ධවත් ඔහොම කරන්ඩ තිබුනනේ අනුන්ට හෙණ පාත් වුනත් කමක් නෑ තමන්ට කෙළවෙන්නැතුව (බ)
මෙයාලාට වෙන වැඩ නැද්ද .වැඩ වර්ජන ඇරෙන්නට (බ)
පොලිටික්කෝ වැරදි තමයි. කථා දෙකක් නැහැ. ඒත් ඊයේ ලංකාදිප පත්තරේ තිබුන බබා ලැබෙන්න ගිහින් මැරුණු අම්මගේ මරණයට වග කියන්න ඕන ඉරිදා දවසේ අතිකාල අරන් පුද්ගලික සේවයේ නිරත වුණුබවට පොලිස් පරීක්ෂණ වලින් පවා තහවුරු වුන විශේෂඥ වෛද්‍යවරු දෙපල ගැන ඔය නෝනලා මොකද කියන්නේ. (බ)
8 වත් පාස් නැති කාලකන්නි දේශපාලකයො ඉන්නකන් මේ රටේ වැදගත් මනුස්සයෙකුට රස්සාවක් වත් හරියට කරන්න බැහැ. පක්ෂය මොක වුනත් ඔය විදියට මිනිස්සුන්ට කරදර කර කර දේශපාලනය කරන හරක්ට ගහල එලවන්න ඕනේ. (බ)
උදාර ඔයාගෙ තර්කය මම වැරදියි කියන්නෙ නැහැ. පොලිස් පරීක්ෂණ වලදිත් තහවුරු වුණානම් දඬුවම් දෙන්න ඕන තමා. හැබැයි එහෙම දඬුවම් දෙන්නෙ නැහැ කියන්නෙ ඕක වෛද්‍යවරුන්ට විරුද්දව ගහන මඩක් විතරයි. එහෙමත් නැත්තන් පට්ටපල් බොරුවක්. ඔහොම දේවල් වලින් වෛද්‍යවරු කියන මේ සිද්දියත් වහන්න හොඳ නැහැ. මම හිතන විදියට දේශපාලකයොන්ට වැරැද්දක් කරන්න කිසිම වේලාවක අපි ඉඩ දෙන්න හොඳ නැහැ.(අ)
කුමාර් (ගල්ෆ්), ඔයාට කව්රුහරි කිව්වද ඉගෙනගන්න එපා කියලා. ඒ ඉගෙනගත්ත අයට ඊර්ෂ්‍යා කරන්න එපා. අනික ලංකාවේ දේශපාලුවන්ට අභියෝග කරන්න තරඟ බලයක් ගොඩනගාගෙන තියෙන්නේ වෛද්‍යවරු විතරයි. කොහෙන්ද මෙයාලට මෙච්චර බලයක් කියන එක දැන් ගොඩක් අයට ගැටළුවක් වෙලා, සමගිව එකට හිටියා නම් කාටත් එහෙම බලයක් තියනවා. (නි)
එක තමයි උදාර ප්‍රශ්නේ, හැමෝම අනුන්ගේ වැරදි හොයනවා මිසක්, තමන් නිවැරදි වෙන්න උත්සාහ ගන්නේ නැහැ. හැමෝටම පෙන්නේ අනුන්ගේ වැරදි විතරයි..(බ)
ලංකාවේ වැඩිහරියක් ඉන්නේ දුප්පත් ජනයාගේ සල්ලිවලින් ඉගෙන ගත්තු, ඔලුව ඉදිමිච්ච , සල්ලිවලට වහල්, මනුස්ස කමක් නැති වෛද්‍යවරු රොත්තක්. (බ)
බොහෝ දෙනෙක් තමන්ගේ පාසල් සමයේ හරියට ඉගෙන ගන්නේ නෙතිව ඉගෙනගෙන අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන රටට සේවය කරන වෛද්‍යවරුන්ට බනිනවා. මෙතන තියෙන්නේ තනිකරම කුහකකම. ඔය වෛද්‍යවරුන් නොමිලේ ඉගෙන ගත්තා, බදු මුදලින් ඉගෙන ගත්තා කියන අයත් (හේ)
වෙද්‍යවරුන් දෙදෙනෙකු ඉලක්ක කොට ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ඇතුළු ගම්වාසීන් කිහිප දෙනෙකු එල්ලකළ මැර ප්‍රහාරයක් නම් ඇයි මේක මුළු වෛද්‍යවරුන්ටම එල්ල කළ ප්‍රහාරයක් ලෙස සළකා වර්ජනය කරන්න හදන්නේ? මේවා පෞද්ගලික දේවල්නේ. පොලීසියට ගිහිල්ලා විසඳාගන්න. (නි)
සුමනපාල, ලියන්න පුලුවන් වුණාට මෝඩ කතා ලියන්න එපා. මේකෙ කොහේවත් කියලා නැහැ සේරම වෛද්‍යවරු ස්ට්‍රයික් කරනවද එහෙම නැත්නම් කුරුණෑගල විතරක් ස්ට්‍රයික් කරනවද කියලා. ඔයගොල්ලො වගේ කට්ටිය තමා ගිනි අවුලුවන්නේ. ගොඩක් දෙනෙක් මේකෙ කියලා තියෙන විදියට මට නම් හිතෙන්නේ වෛද්‍යවරු ගැන මේගොල්ලන්ට තියෙන්නෙ පුදුම ඊර්ෂ්‍යාවකුයි කුහකකමකුයි කියලා. (නි)