මුම්බායි සිට නාසික් දක්වා දිවෙන අදිවේගී මාර්ගයේ අද උදැසන අප ගමන් ගන්නා විට දුටු අනුවේදනීය දසුනක් මෙසේ අප කැමරාවේ සටහන්විය.
එකට කකුල් ගැටගැසූ කුකුලන් 25ක් පමණ හිස පහතට වැටෙන සේ අසුරාගෙන යතුරු පැදි කරුවෙක් මේ ගමන් ගන්නේ අසන්ගව් සතිපොළ වෙතය.
කැරකෙන රෝදයේ රිම්කුරු අතරට ගිය ඇතැම් කුකුලන්ගේ හිස් අත්තටු කැඩිගොස්ය.
මරණය කරා යන ගමනේද මෙම අහිංසක කුකුලන් විදින වේදනාවද ඉතා අනුකම්පා සහගතය.
.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ විතරක් නෙමෙයි, ලංකාවෙත් එහෙම තමයි. පුළුවන් නම් මස් මාළු නොකා ඉන්න. එතකොට සත්තු මරන්නේ නැහැ. (නි)
බංගලාදේශයේ මෙය සුලබ දසුනක්. (නි)
බයිසිකලෙන් නෙමෙයි පෙට්ටි වල දාලා ලොරි වලින් ගෙනිචිචත්, ඒසී කරල ගෙනිච්චත් පව පවමයි. මිනිස්සු රස කර කර වින්ග්ස් බ්‍රෙස්ට් කිය කියා කෑවාට ඒ සත්තු විඳින්නේ පුදුම දුකක්. (නි)
කර්මය යනු මෙයමයි.! දුක යනු වේදනාවකි. එය මේ යතුරුපැදිය පදවන පුද්ගලයා වටහානොගනු ඇත. එහෙයින් ඔහු ගැන ඇත්තේද දුකක් පමණි. (නි)
කුකුළන් වැටෙන්නේ එළවලු ගණයටය. පාකිස්තානයේද භෝජනාගාරවල සතියකට දින දෙකක් නිර්මාංශ ආහාර පමණක් විකුණයි. එහෙත් ඒ දිනවලට කුකුල් මස් තිබේ. (නි)
මේ අය තමයි ඔය සිරියාවේ ඉරකයේ විඳවන්නේ (නි)
මෙම අහිංසක කුකුළන් විඳින වේදනාව වගේම වේදනාවක් මොහුටත් අත්වෙනවාමයි! කවදාභරි දවසක මොහු මැරෙන්නෙත් මේ විදිහටමයි (නි)
ඉන්දියාවේ සහ ලංකාවේ බොහෝ දෙනෙක් සිතන්නේ හරකා මැරීම නරකක් , අනෙක් සතුන් මරාකෑම වරදක් නැහැ කියලා. නමුත් බුදුන් පවසා තිබෙන්නේ සතුන් ( සියලුම ) මැරීම අපාගතවන පවක් කියායි. මෙය වටහා ගන්නට බැරි නිසා සිදුවන දේවල් මේවා (නි)
මම හිතන්නේ මේක ඉන්දියාවේ අයට බොහොම සාමාන්‍ය දෙයක් (නි)
බංගලාදේශයට ඇවිල්ලා බලන්න. එහේ මේක සාමාන්‍ය දෙයක්. (නි)
මෙහෙමත් පවුකාරයෝ! (නි)
හැබැයි ලංකාවේ නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ (නි)
මෙයාට ලබන ආත්මයේදී මේවාට විඳවන්න වෙයි (නි)
ඔය වගේ වැඩවලට එයාට මේ ආත්මයේම පඩිසන් දෙනවා. අපි කාලයට ඉඩදෙමු. (ර)
අප්‍රසන්නයි මට. කළ කළ දේ පළ පළ දේ. (ර)
මුනෙන්ම පේනවා පව්කාරකම. (ර)
ඉන්දියාවෙනේ.? (ර)
අපේ කුකුල්ලු මරණ අයත් මේක බලල පව් කියනවා. (ර)
මෙහෙමත් අපරාධ. (ර)
අපායට යන්නේ මේ වගේ අය තමයි. (ර)
මුන් අපායට යන එක පුදුමයක්ද ඉතින් ?පව්කාර තිරිසන්නු..(බ)
සිත්පිත් නැති මිනිස්සු! (නි)
චමින්ද ඔබගේ පින්තුරයෙන් බොහො දෙවල් අපට කියා දෙනවා. (ර)
කාලකන්නි මිනිසුන් (නදී)
මම ඉන්නේ රටේ නං මේවා සාමාන්‍ය දේවල්... හැම තනම මෙහෙම තමා(දිල්)