(තිස්ස කොටින්කඩුව)
හොරපේ - එඩේරමුල්ල අතර දුම්රිය මාර්ගයේ වැටි තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අද හමුවු බව රාගම පොලිසිය පවසයි.
හොරෙපේ දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙසට මිටර් 100 පමණ දුරින් දුම්රිය මාර්ගයේ සිරුර වැටි තිබුණ බවද පොලිසිය පවසයි. ඇගෙ අතක් සිරුරෙන් වෙන් වී ඇතැයි ද පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නාවල, රාජගිරියේ, පාසල් මාවතේ පදිංච් 59 හැවිරිස් චිත්‍රාංගනි ඩයස් අබේසිංහ යන අයකු බවට හදුනා ගෙන ඇති බව රාගම පොලිසිය සදහන් කරයි.
ඇය පෞද්ගලික නිතිඥ සමාගමක සම්බන්ධිකරණ නිලධාරිණියකු වශයෙන් සේවය කරමින් සිට ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් සිදුකල මුලික විමර්ශන කටයුතුවලදී හෙලිකර ගත හැකි වු බව වු බව පොලිසිය වැඩිදුරටත් පවසා සිටියි.
සිද්ධිය වු ස්ථානයේ තිබි මරණකාරියට අයත් අත් බෑගයක් සහ ජංගම දුරකතනයක්ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.
අත් බෑගයේ තිබී අනුරාධපුරය සිට කොළඹ කොටුව බලා අද උදේ පිටත්වුන දුම්රියේ යාම සදහා ලබා ගත් ටිකටි පතක්ද වු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd