හිරාන්ට, හිරුණිකා මුලින්ම හමුවෙලා තියෙන්නෙ මීට අවුරුද්දකට විතර පෙරදීය. එදා ඒ හමුවෙන් පසුව දෙදෙනා අතර මිත‍්‍රත්වයක් හටගෙන තිබේ. මේ මිත‍්‍රත්වය කෙතරම් දුරදිග ගියාදැයි කිව්වොත්, පසුගියදා දෙදෙනා විවාහ දිවියට ද ඇතුළත් වූහ. එහෙත් ඒ මොහොත දක්වා දෙදෙනාම තම පේ‍්‍රම කතාව ලෝකයට වහන් කර සිටීමට වගබලා ගත්හ. ඇයි ඔවුන් එහෙම කළේ? හිරාන්ට - හිරුණිකා කෙරෙහි හිත ගියේ ඇයි? දිවයිනේ සිටින මුල්පෙලේ නිරූපණ ශිල්පියකු මෙන්ම රංගන ශිල්පියකු වන හිරාන් යටෝවිට ඒ ආදර කතාව ගැන සඳැල්ලට පැවසුවේ මෙලෙසිනි.
හිරාන් ඔබට හිරුණිකා හමුවූ මුල්ම දවස මතකද?
අවුරුද්දකට විතර කලින් දෙරණ මිස් ශ්‍රී ලංකා තරඟය පැවැත්වූ දවසේ තමයි අපි හමුවුණේ.
එදා මොනවද දෙන්නා කතා කළේ?
ලොකු දෙයක් ගැන කතා කළේ නැහැ. හායි, හලෝ කීවා හැරෙන්නට වෙන දෙයක් ගැන කතා වුණේ නැහැ. ඒ හමුව එතැනින් හමාර වුණා. එදා අපි අතර මිත‍්‍රත්වයක් ඇතිවුණා.
ඉන්පස්සෙ?
හැබැයි, එදා සමුගෙන ගියත් අපි අතර වූ මිත‍්‍රත්වය නිසා නිතර කතා බහ කරන්න පටන්ගත්තා. මේ විදියට යද්දි මගේ හිත ඇය කෙරෙහි බැඳී ඇති වග මට තේරුම් ගියා.
ඒ හන්දා ඔබගේ අදහස හිරුට කිව්වද?
ඔව්. තවත් කල් නෑර මම මගේ අදහස ගැන එයාට කිව්වා.
”හිරු” මොකක්ද දීපු පිළිතුර?
ගෙදර ඇවිත් අම්මගෙන් අහන්න කියලා කිව්වා. එතකොට එයා මට කැමති වග තේරුණා.
ඇයි හිරාන්ට - හිරු කෙරෙහි හිත ගියේ?
ඕනෑම කොල්ලෙක් මුලින්ම කැමති වෙන්නෙ කෙල්ලෙකුගෙ ලස්සනටනෙ. ”හිරු” ලස්සනයි. මම ඒ ලස්සනට තමයි මුලින්ම කැමතිවුණේ.
ඉන්පස්සෙ, විවාහය දක්වා දුරදිග ගියේ?
අපි දෙන්නගෙ අදහස් හොඳට ගැලපුණා. ඒ වගේම ක්ෂේත‍්‍රයේ අපි දෙන්නා කරන දේ ගැනත් හොඳ අවබෝධයක් තිබුණේ. එයා දේශපාලන පවුලක කෙනෙක් කියන දේට වඩා අපි දෙන්නා සාමාන්‍ය කෙල්ලො - කොල්ලො කරන ආදරය වගේ තමයි, හැමදෙයක්ම දුටුවෙ.
ඉතින් එදා ”හිරු”ට මනාපයි කියලා කියන්න ගෙදරට ගියාම හිරුගෙ අම්මා මොනවද කිව්වෙ?
මම එහේ ගිහින් නැවත අපේ ගෙදර ඇවිත් හිරුට කෝල් කළා. එයාලගෙ පවුලෙ අයට මාව එයාලගෙ කෙනෙක් වගේ දැනුණ බව කිව්වා. අපි දෙන්නාම බුද්ධාගමේ. හොඳ සිංහල. නවීන ලෝකයේ අපි කටයුතු කරමින් සිටියත් කේන්දරය ඉතා හොඳට ගැලපුණා. මම කේන්දර විශ්වාස කළෙත් නැහැ. ඒත් කේන්දර පවා බැලූවා.
ඇයි මේ සියල්ල රහසක් ලෙස තබාගත්තෙ?
අපි හැමෝටම පුද්ගලිකත්වයක් තියෙනවනෙ. සාමාන්‍ය යුවළක් වගේ තමයි. වෙනසක් නැහැ. අපිටත් අපේ සරල සුන්දර ලෝකය සතුයි. සාමාන්‍යයෙන් යුවළක් විවාහයට පෙර කල්තියාම ලෝකෙට ප‍්‍රකාශ කරන්නෙ නැහැ. අපිත් ඒ විදිය තමයි කළේ. උත්සවය පසුවට ගන්නවා. එතකොට යාළු මිත‍්‍ර හැමෝටම කියන්න හිතාන ඉන්නෙ. කොහොම වුණත් අපිට වෙඩින් එක මාකට් කරන්න ඕනෑ වුණේ නැහැ. පුද්ගලික ජීවිතය මාකට් කරන්න අපට අවශ්‍ය නැහැ.
ඔබ දේශපාලනයට කැමතිද?
මම, කැමතියි. මොකද අපේ අම්මාගේ පාර්ශවයේ අය දේශපාලනයට සම්බන්ධයි.
ඒ කියන්නෙ ඔබත් දේශපාලනයට ඒවි කියන එකද?
නැහැ, හිරු දේශපාලනය කළාම ඇති. මම මගේ ක්ෂේත‍්‍රයෙන් ඉහළට යාමටයි බලාපොරොත්තුව. රංගනයෙන් මුලින්ම ආවේ කැලූම් පාලිත මහීරත්න මහතාගේ නාට්‍යයකින්. ඒ ගමන සාර්ථක දිගු ගමනක් කරගැනීම අරමුණයි.
ඔය දෙන්නා හාදවූ වග නොදැන සිටි අය දෙන්නාට යෝජනා එහෙමත් ගෙනෙන්න ඇති නේද?
සමහර අවස්ථාවලදී අපි දෙන්නා උත්සවවලට ගියා. ගිහින් වෙන වෙනම හිටියෙ. කවුරුවත් දැනගෙන හිටියෙ නැහැ. දෙන්නාටම යෝජනා ආවා තමයි. ඒත් අපි දෙන්නාට - දෙන්නා අවබෝධයෙන් කටයුතු කළා. සමහරදාට උත්සවවලට ගිහින් ඇවිත් එදා වෙච්ච දේ අපි දෙන්නා කතා කළා. අපටම හිනා.
ඇයි මැතිවරණය ළඟ තියාගෙනම ඉක්මනට මේ විවාහය සිදුකළේ?
අපි මේ මොහොත කලින් සැලසුම් කරලා තිබුණෙ. මැතිවරණය තමයි හදිසි වුණේ. අපි හදිසි වුණේ නැහැ.
”හිරු” සතු අපි නොදන්නා දක්ෂතා මොනවද?
එයාට හොඳ සිංහල ක‍්‍රමයට, හරි රසට උයන්න පුළුවනි. මම ඒ කෑමවලට හරිම ආසයි. ඒ දක්ෂතාවයටත් මම හරි කැමතියි.
ඔබ කොහොමද ඇය අමතන්නෙ?
ආදරේට එක එක නම් වලින් අමතනවා. ඒක ස්වභාවයනේ. අපේ ජීවිත සෝබන නැහැ. සරලයි. සාමාන්‍යයි.
මම හිරාන් එරන්ද එයා හිරුණිකා එරංජලී ඒ නම් දෙකත් අපූරු ගැලපීමක් කියලයි මට හැෙඟන්නෙ.
ඡායාරූප - හිරුණිකා එරංජලී පේ‍්‍රමචන්ද්‍රගේ ෆේස්බුක් පිටුවෙනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලයේ ලෝකෙට පෙනෙන්න ලොකු ලොකු විවාහ උත්සව පවත්වන අයට මේ විවාහ උත්සවය නම් ලොකු ආදර්ශයක්. (ර)
මමත් අාසයි හිරු වගේ කෙනකුට (බ)
සුභ පැතුම් .! ඇඳුම් පැළඳුම් හරිම අගෙයි සංවරයි. (ර)
ඔබ දෙපළට සාර්ථක ප්‍රීතිමත් වාසනාවන්ත විවාහ දිවියකට ආසිරි! (නි)
දෙන්නම හරිම ලස්සනයි. එයාලට තියෙන්නේ බලන්න ආසා හිතෙන ලස්සනක්. මංගල ඇදුමේ සංවරකම නිසා මනමාලි තවත් ලස්සන වුනේ. මම මේ ෆොටෝ කීප වරක්ම බැලුවා. සුබ මංගලම්! (නදී)
හිරාන් සහ හිරුණි ඔබ දෙපලට ශ්‍රී සුබ මංගලම්.වාසනාවන්ත යුග දිවියක් පතමි(ම)
දේශපාලනය පැත්තකින් තියලා හිරුණිකා කියන චරිතය ගත්තොත් නිහතමානී බවක් නම් පෙනෙනවා. ඇත්තටම ප්‍රියමනාපයි. ඔබ දෙපළට සුබ අනාගතයක්! (නි)
ශ්‍රී ලාංකික කම රැක ගන්න, ඔබ දෙපලට සුබම සුබ අනාගතයක් වේවා.! (ර)
හරි සන්තෝෂයි. සුභ පැතුම්. ! (ර)
අපේ සුභ පැතුම්! උයන්න පිහන්න දන්නා ගැහැණු ළමයෙක් තෝරා ගැනීමෙන්ම පොළවේ පයගහලා ඉන්න කෙනෙක් බව පෙනෙනවා. නැත්නම් අද කාලේ සමහර තරුණයන් ඒගොල්ලන්ගේ පොෂ් ගර්ල් ෆ්‍රෙන්ඩ්ට තේ එකක්වත් හදාගන්න බැහැ කියලා මිතුරන් එක්ක කියන්නේ හරිම ආඩම්බරයෙන්. (නි)
යසට ගැළපෙන යුවළක්. ශ්‍රී සුභ මංගලම්! (නි)
අනේ හරි පුදුමයි ඔය දෙන්නගේ නම් දෙකේ ගැළපීම ගැන. ඒ විතරක් නොවෙයි, ඔය දෙදෙනාගේ පෙනුමත් රජ කුමරෙක් සහ කුමරියක් වගේ. අනේ ඔය දෙන්නා හොඳට ගැළපෙනවා. මම ඔය දෙන්නට සුබ පතනවා! (නි)
සුබ මංගලම් ඔබ දෙපළට (ම)
නව යුවල දැක්කාම හිත පිරෙනවා. හරිම සතුටුයි. (ර)
නව යුවලට මගෙන් සුබ පැතුම්.! (ර)
ඉන්දියාවට ඵෙශ්චර්යා වගේ ලංකාවට හිරුණිකා.....! (නි)
ඔය දෙන්නට මගෙනුත් සුබපෙතුම්.! (ර)
සුබ පැතුම්! (නි)
දේශපාලනය නැතිව ගියොත් ඔබට වාසනාවන්ත අනාගතයක් ලැබේවි .සුබපැතුම්. (ස)
සුභ මංගලම්! වාසනාවන්ත යුග දිවියක් පතමි. ලස්සන දුවරු සහ කඩවසම් පුතුන් සිතූ පැතූ ලෙසම ලැබේවා! (නි)
පුදුම ලස්සන යුවතියක් .....කව්රු කව්රුත් මේ සුකුමාලියට ඊර්ෂා නොකර අධහිර්ය නොකර මෙහෙව් සුන්දරත්වයක් ලබා ගැන්මට ප්‍රාර්ථනා කරන්න .....(බ)
ලස්සන වෙන්නේ අපේ ආගමට අනුව පෙර ආත්ම වල කෝපය සහ ඊර්ෂ්‍යාවෙන් තොරව දිවි ගෙවුවන්ය. දුටුවන් සිත් බඳින මේ නව යුවළට මගේ හද පිරි සතුට ප්‍රකාශ කරන්න කැමතියි. (නි)
හරිම ලස්සනයි! (නි)
ඇත්තටම ලස්සනයි. ගැලපෙනවා, හිරුනිකාගේ හස්බන්ඩ් ගොඩක් හොද පාටයි. (ර)
සුබ මංගලම් වේවා ඔබ දෙපලට (ම)
දේශපාලනය කරන්න එපා එක මඩ වළක් (ම)
සුබ අනාගතයක් පතමි (ම)
ඔය දෙන්නට සුභ පැතුම්! ඒත් මට දුකයි....(ම)
හරිම ලස්සනයි සුන්දර අනාගතයක් ඔබට (ම)