
(ප්‍රේමතිලක පෙරමුණ)
ඉදිරියේ දී ජාතික ජනබලවේගය ජනතාවාදී ආණ්ඩුවක් හදනවා. එම පාලනයේ දී මේ රටේ ජාතික ධනය සොරකම් කරන ලද දූෂිතයන් සියල්ලන්ටම අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා යැයි ජවිපෙ ප්රචාරක ලේකම් ටිල්වින් සිල්වා මීගහතැන්න මොරගල දී පැවසීය.
අද වෙනකොට මේ ආණ්ඩුව පොලීසිය රංචුපිටින් දාලා පාසල් ළඟ පොඩි එවුන්ගෙ බෑග් අවුස්සලා 'අයිස් හොයනවා' සමහර පොඩි අය දන්නෙත් නෑ මේ අයිස් ගැන ඒ පොඩි දරුවො හිතනවා ඇති අලුත් අයිස් ජාතියක ඇවිල්ලද කියලා කඩෙන් අරගෙන උර උර යන අයිස් පැකට් වගේ'.
අයිස් ලංකාවේ හදන්න බෑ.ඒවා එන්නෙ පිට රටින් එහෙම එන්න පුලුවන් ගුවනින් හා මුහුදෙන් පමණයි. ගුවනින් තියෙන්නෙ එක ගුවන්තොටුපළක් පමණයි .එතනට නිලධාරීන් කීපදෙනකු දාලා එන අයගෙ බෑග් බලන්නෙ නැතිව ,නාවික හමුදාව දාලා මුහුදෙන් එන ඒවාට වැට බදින්නැතිව මුළු පොලිසිය ම දාලා ඉස්කොලේ යන දරුවන්ගේ බෑග් අවුස්සනවා.
අල්ලන්න ඕනා කුඩු මේ රටට ගේන මහ එවුන්. ඒ නිසා අපිට බලය ලැබුනොත් අපි පටන්ගන්නෙ ඉහල ඉදන් පහළට දඩුවම් දෙන්න.
ජාතික ජන බලවේගය අගලවත්ත ආසන බල මණ්ඩල රැස්වීම් අවස්ථාවේදී ඒ මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'අයිස්' ලංකාවට එවන ගෙන්වන අයගෙ නම් ලිස්ට් එක පලකලොත් චන්ඳ 80% අනිවාර්යයෙන්ම ලැබෙයි...! අනික ඒ අල්ලපු අයිස්වලට වෙනදේ කිව්වොත් ඉතිරි 20% ලැබෙයි..!
අනේ දිනනතුරු අංකල් ඔයා ඔයාගේ සිහිනය එක්කම මියයාවි. ඔයාලට මේරටේ ආණ්ඩු හදන්න වෙන්නේ නැහැ. අරගලය කියලා අන්ත දුෂිත එකක් කලා. අරගලයේ නායකත්වය දුන් හැමෝම ගොඩගියා. ලක්ෂ ගණන් හොයාගෙන. අවසානයේ එකතුවුන දමිතා කිව්වේ එයාට ලැබුණු ලක්ෂ ගාන හිරු එකට ඇවිත්. මුල ඉදලා හිටපු අයට කොහොම ලැබෙන්න ඇත්ද. එහෙම නම් අන්තිමට වියදම් කරගෙන ඇවිත් අරගලයේ හිටපු කොල්ලෝ අවුස්සලා ජනාධිපති මන්දිරය ලේකම් කාර්යාලය අරලිය ගහ මැදුර අගමැති කාර්යාලය එවාට ඇතුළු උන අයට අද නඩු. රටකට යන්න බැ. රැකියාවකට යන්න පොලිස් සහතිකයක් ගන්න බැ. නායකත්වය දුන් අයට කිසි අවුලක් නැහැ. රනිල් ජනාධිපති කලා. දිනනතුරු අංකල්ගේ පක්ෂයේ අයයි පෙරෙටුගාමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශීෂ්යය බල මණ්ඩලය එකතුවෙලා. දැන් කැදවුම්කරු ඇතුලේ උසාවි එනවා යනවා. අනුර කුමාර සහෝදරයා සතුටෙන් සිහින දකිනවා එච්චරයි උනේ.
මේ සුරංගනා කතා හොඳයි නායක උන්දැලා දෙසාබාන ඕන දේකට එහෙයි කියන ජෙපි දායක සභාවට.
මේ කියන දේ මේපාරවත් අපේ මිනිස්සුන්ට තේරුනොත් ඒ අපේ දරුවන්ගේ වාසනාව.
බම්බුව තමයි. දඬුවම් කරන්නේ. එහෙමනම් ඒක පටන් ගන්න තියෙන්නේ බිල්ලගෙ ඉඳලම තමයි. මුන් ටිකත් ලෝක හොරු.
අනුර කුමාර සෙලෙස්කි කියන්නෙත් මේ රටේ තවත් එක් ජාතික පිළිලයක්. 88/89 සිට මෑතක් වන තුරුත් මේ රටේ විනාශ කරපු ජීවිත ,දේපළ සහ උද්ඝෝෂණ මගින් කාබාසිනියා කල වැඩ කරන මිනිස් පැය ගණන හරියට අපි තක්සේරු කලොත් රටේ ප්‍රධාන ආර්ථික ඝාතකයා වනබව නොඅනුමානයි.
අර කැබ් එකක් පිරෙන්න තියෙනවා කිව්ව ෆයිල් වලින් එකක් දෙකක්වත් සාක්ෂි සහිතව එලියට දාන්නකෝ ඉස්සෙල්ලා. කයිවාරු විතරයි.
අපේ රටේ ශක්තිය, අනාගතය ඔබයි... ජයම වේවා!
ඔය ගොල්ලෝ මෙච්චර කල් කෑවේ බිව්වේ , ගමන් බිමන් ගියේ සහ දැන් ගමන් බිමන් යන වාහන ලැබුනේ කොහොමද කියල රටට හෙළි කරන්න . අ,,ආ . ළමයින් පිටරට සහ මේ රටේ පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නේ ශිෂ්ශත්ව වලින්ද ? අනික පිටරට තියෙන දේපල කොහෙන්ද ලැබුනේ ? ලිපි ගොනු තියාගෙන ඉන්නේ ඇඉයි? ඉක්මනට නඩු දාල මුදල් අරගෙන දෙන්නකෝ . මිනිස්සු හාමතෙනේ .
අනේ උබලා කාලකන්නි දිනවන්න ඔය පක්ශෙ ඉන්න වහල්ලු ඇරෙන්න මේ රටේ බුද්ධිමත් මිනිස්සුන්ටනම් ඕන නෑ.
කියලා විතරක් මදි මැතිවරණ ප්‍රකාශයේ ඇතුළත් කරල සෑම චන්ද දායකයෙක්/දායිකාවක් වෙතම ලබා දෙන්න මෙවර නම් අපි චන්දය දෙන්නෙ මැතිවරණ ප්‍රකාශ කියවලා තමයි චන්දය දෙන්නෙ ඒවා අඩුම තරමින් මැතිවරණය පැවැත්වෙන දිනට සතියකට පෙරවත් ලැබුනෙ නැත්නම් චන්දය කටුගා දමන්න හිතාගෙන ඉන්නෙ කියලා කියන්න කැමතියි මෙතෙක් කාලයක් රටේ විනාශය කටයුතු කල එවුන් වෙනුවෙන් ඡන්දය දීලා කරගත් පව් තවත් කරන්න බැහැ.
ලංකාවේ ඉන්න වහල්ලුන්ට කොහෙද මේවා තේරෙන්නෙ
අධි තක්සේරුවක හැමදාම ඉන්නවා. අන්තිමට ප්‍රතිඵල සතුටුවෙන්න පුළුවන්ද? පොදු ජාතික සැලැස්මක් හදලා විපක්ෂ කණ්ඩායම් ඔක්කොම එකතු වෙලා මේ ආණ්ඩුව පළවා හැර දූෂිතයන්ට උපරිම දඬුවම් දීලා රට සුද්දකරගනන්න. එවිට ඊළඟ මැතිවරණයෙන් ජයගන්න පුළුවන්. නැතනිම් 5% තමා උපරිම.
මොනවද මේ කියවන්නෙ, අරගලයෙ ජනතාව කිසිම දේශපාලන පක්ෂයකට අරගලයට කිට්ටුවෙන්න දුන්නෙ නෑ. මලය මොලෙ අතගාල බලන්න.
3% තියාගෙන බලයට එන්න බැහැනේ. ඕක ටිකක් වැඩි කරගන්න පුළුවන් ඔය ෆයිල් වලින් වැඩක් අරන් එකෙක් දෙන්නෙකුට නඩු දාල හොරුන්ට දඬුවම් දුන්නොත්. ඔය කතා අහලා දැන් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ.
අනේ අංකල්, හොරු, තක්කඩි, කියල කියන බහුතරයක් තමුන්ගෙ කුලකයෙම සාමාජිකයො බව නො දැන ද මේ බබා උකුං කතා හැමදාම දොඩවන්නෙ. ඕව කරන්න කලින් බලය අතට ගන්න උත්සාහ කරන්න. මටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනව නම් බය නැතුව පොරොන්දු වෙන්න පුළුවන් මේ රටේ රජයේ සේවකයකුගෙ අවම වැටුප ඉලක්කම් හයේ සංඛ්‍යාවක් කරනව කියල
මෙයාගෙ වයස අවු. 57 යි. මෙයත් එක්ක ඉන්න උඩ නඩය ඔක්කොම 55 ට වැඩි සීයල. කෝ? මෙිගොල්ලංගේ නමි කරපු දෙවන පෙළ නායකත්ව ලිස්ටි එක. 82 මහ එකා ජනාධිපතිවරණයෙදී 4% තව සොචිචමයි. ඊළග කෙරැමා කලු ලපයා අවු. 37 පස්සෙ 2019 3% ඔන්න ජෙප්පංගෙ ස්වර්ණ වර්ණ ප්‍රගතිය. මිත්‍රවරැණි, මෙි බයිල කියල මිනිසුන්ගෙ ඔලු හෝදන්න පුලුවන්ද? මුංට වඩා දැන් තරුණ මූල ජනමනස හරි ප්‍රායෝගිකයි. අත්දැකීමි බහුලයි. මුංට හැරෙන්න වත් බැහැ. ඇයි මෙි ගොල්ල තමන්ගෙ වැඩ පිළිවෙල ප්‍රකාශ නොකරන්නෙ? කවිද ඉන්නෙ ජාත්‍යන්තර මටිටමත් එක්ක හරි හරියට වැඩ කරන්න පුලුවන්? මානව විද්‍යා PhD තියන NGO ස්පර්ශ කරන මාගමුන් එක්ක රාජ්‍ය/මුදල් ප්‍රතිපත්ති හදන්න පුලුවන්ද? ඒක ඇවිල්ල බෝමිබ හදනව වගේ පෝස්ටර් ගහනව වගෙ පෙළපාලිි යනව වගෙ කියල හිතනව ඇති. දැන් උඩ පිළ ලෝක වටෙි යනව Diplomatic pass port තියාගෙන. මුං කරන්නෙත් අරැං කරන ටිකමයි රැවටුනොත් අබ සරණම තමයි. මුං උවිදුගෙ නමට වෙවිලනව.
මෙයා හොරු අල්ලන විදිහ විතරක් නොවෙයි කිව්වා ලෝකේ මිනිස්සු ඇතිඋනේ අවුරුදු අලකශයකට පෙර බුද්දාගම ඇතිඋනේ අවුරුදු 2500 කට පෙර . අවුරුදු 2500 කට පෙර ඇති උන බුද්දාගම අවුරුදු ලක්ෂයක් පැරණි මිනිස්කම විනාස කළා කියලා කියනවා. මේ ගොබ්බයා දන්නේ නැතුව ඇති අවුරුදු ලක්ෂයක් පැරණි මිනිසුන්ට මිනිස්කම දුන්නේ ආගම් වලින් කියලා විශේෂයෙන් බුද්දාගමින් කියලා. මොහු හොඳ නරක වෙන් කර හඳුනා ගන්න ඉගෙන ගත්තේ ලෙනින්ගෙන් වෙන්න ඇති. මොවුන් තමයි 1965 සිට මිනිසුන්ගේ සිත්වලට ඊර් ෂාව , ක්‍රෝධය වෛරය ඇතුල් කලේ. මොවුන් ජාතියක්, ජන්මයක්, සංස්කෘතියක් නැති ජාතියක්.
අනිවාර්යෙන්
අවුරුදු ලක්ෂයකට පෙර බිහිඋන මිනිස් වර්ගයා ගැනයි අවුරුදු 2500 පෙර බිහිවූන බුද්දාගම ගැනයි මාර බණක් කිවා. එක ඇසුවානම් මොවුනට බලය ගියොත් අපිටත් ආගම අබිං කියන සංකල්පය ඇතුල් කරනවා. බුද්දාගම පාච්චල් කර කතාකල මෙගොයියාට මම කියනවා පුලුවන නම් මුස්ලිම් ආගමත් විවේචනය කරන්න රැස්වීම වල කියලා.