ආණ්ඩුවට ලැබුණු ජන වරමේ උණුසුම යාමටත් පෙර වංචාවක් කළ හොරුන්ට දඬුවම් කිරීමට පැමිණි ආණ්ඩුවට දැන් එය කළ නොහැකිවී ඇතැයි බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විවාදයට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (24) පැවසීය.
‘මේ සැබෑ ගනුදෙනුව වසන් කරමින් සිටිනවා. වංචනිකයන් සොයාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කර අදාළ පාඩුව පියවාගැනීම වෙනුවට ඔවුන් ආරක්ෂා කරමින් වංචාව යට ගසමින් බැඳුම්කර ගනුදෙනුව යටගැසීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.‘ යැයි ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මොනවට අහනවද මෙයාලගේ කතා (නි)
හොරාට දඬුවම් කරන්න හොඳයි කියාගෙන භාරදීපු අය දැන් බොරුවට හොරගල් අහුලනවා. (බ)
ඉතුරුවුණු ක්ලේමෝ එකක්වත් නැද්ද? අම්මපා මට එන තරහක්! (නි)
ටෝනි, ඔබ ලංකාවේ නොසිටින නිසා නොදන්නා දේවල් කතා නොකර සිටියොත් හොඳයි. රට බේරා නිදහස අරන් දුන් කෙනාට හොරා කියලා කරගත් හරිය හොඳටම ඇති.මොකක්ද අද අපිට ලැබුන වෙනස. කොස් කොළ ක්රෝටන් කොළ කන්න වෙන එකද? (නි)
මහා ලොකුමට කිව්වේ රනිල්ලා හොරකම් කරන්නේ නැහැ කියලා. හොරකම් කළත් එකයි, කරන අය හංගන එකත් එකයි. මහා ලොකු කතාව තිබුනට කරපු එක දෙයක්වත් තියෙනවද මේ අවුරුදු දෙකට? (නි)
ලංකාවේ ඉන්න මිනිස්සු හරිම මෝඩයි. දේපල හොරකම් කළත් තමන්ගේ පක්ෂය දිනවන්න හිතන මෝඩ මිනිස්සු. එ්කට හේතුව මිනිසුන්ගේ වහල් මානසික මට්ටම. මිනිසුන්ගේ හැටියට තමයි නායකයන් ලැබෙන්නේ. මිනිස්සු බුද්ධිමත් නැහැ. ඉතින් කවදාවත් ලංකාවට ගොඩ එන්න බැහැ (නි)
"කළ නොහැකිවී ඇතැයි " කියන වචනය දාල දෙපැත්තම සමබර කරගෙන ලස්සනට මෙහෙ රගපානව වගේ නෙවේ අන්න අයර්ලන්තේ ඔබතුමාගේ නිවසට බදු ගෙවන්න ලියුම ඇවිල්ල. (බ)
මොවුන් පෙරටත් වැඩ හොරකම් කරනවා රුපියල් බිලියන ගණනින්. අපට රටක් ඉතුරු වේවිද මේ යන විදියට ? ජේවීපී එකෙත් මේවට වග කියන්න ඕනේ (බ)
ඒක දන්නා නිසා තමයි අපි ගෙනාපු නායකයන් දෙපලගේ අදහසක් වත් බලන්න යන්නේ නැත්තේ. පිලිපීනයේ ජනාධිපතිගේ කතාවක් බලන්න ලක්ෂ 23 කට වැඩ අන්තර්ජාලය පිරද්දී අපේ නායකයෝ දෙන්නගේ අදහස් බලන්නේ 250 කට අඩුවෙන්.ඒ ජනාධිපතිවරණයේදී වුන පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉස්ට කරමින් ජනතා ප්රසාදය දිනාගෙන සිටින නිසයි.අපේ අය ජනතා ප්රසාදය නැති කරගෙන නිසයි. (බ)
කට්ටිය සල්ලි බෙදා ගත්තා . මුළු ලංකාවේම මිනිස්සු ඒක දන්නවා .(බ)
සිරිසේන - වික්රමසිංහ - පන්නමු (බ)
බැඳුම්කර වංචාව තුලින් රුපියල් කෝටි 1500 කට වැඩ දුෂණයක් සිද්ධ වුනා.අනිවාර්යෙන්ම දැඩි දඩුවම් ලබා දෙන්නම වෙනවා.ඒ මුදල් නැවත ජනතා සතු කරන්නම වෙනවා.දඩුවම් දෙනවා වෙනුවට කල් මැරීම තුලින් ජනතාව ගොනාට අන්දන්න ලැබෙන්නේ නැහැ. (බ)
ජනවරමේ උණුසුම ගිහින් හුගක් කල් පසුගිය මැතිවරණයෙන් කිසිම පක්ෂයකට ආණ්ඩුවක් පිහිටන්න ජන වරමක් ලැබුනේ නැ සියල්ලෝම පරාදයි පරාජිතයන් පිරිසක් විධායකයේ බලෙන් ගෙනයන රජයක් දැන් තියන්නේ කණගාටුවට කාරණාව විධායකයට නාස්ලනුවක් දාලයි තියන්නේ හේතුව විධායකය බලයට ගෙනාවේ නාස්ලනුව දමලාමය බැංකු මංකොල්ලයේ හොරු අල්ලන්න රටේ බලගතු කෙනෙක් නැ රට අරාජික වෙලයි තියන්නේ (බ)
ඇයි මේ කියන කෙනාගේ අදායම් බලන්න වෙනවා .අයර්ලන්තයේ තියෙන ගේ ගැන.ජනතා මුදල් වලින් බදුත් ගෙනාවා.කොහෙන්ද දන්නේ නැ අයර්ලන්තෙන් ගෙවල් ගන්න සල්ලි නේද ඉන්නේ උපාසකයෝ වගේ (බ)
ඉඳුනිල් ප්රියන්ත, සිරිසේන-වික්රමසිංහ පන්නලා ආයෙමත් අර රට කාපු පවුල් පාලනේටද ආවඩන්නේ..? ලංකාවේ දේශපාලුවන් මොකා ආවත්, අඩුවැඩි වශයෙන් රට කනවා. අඩුම තරමින්, ජනතාවටවත් සැනසීමෙන් ඉන්න දුන්නේ නැහැනේ පහුගිය ආණ්ඩුවෙන්. එනිසා,උන්ට වඩා මුන් කමක් නැහැ. (බ)
ඔයාලා පසුගිය අවුරුදු විසිහයේ 'ට්රයල් ' තුනක් කළා, චන්ද්රිකා, මහින්ද සහ මෛත්රී දාලා. ඔන්න පුතා ඊළඟ පාර නම් 'ට්රයල්‘ බැහැ. නියම මිනිහා පත්කර ගන්න ඕනෑ. (බ)
ඒකාලේ හොරු නම් ටිකක් හොරකම් කළාට රටටත් දෙයක් කළා. උන්ට දඩුවම් දෙන්න ආපු එවුන් අමු අමුවේ හොරා කනවා රටට කෙලවුනත් කමක් නෑ කියලා. උන්ට සුර සැප, අපිට කොස් කොළ, ක්රෝටන් කොළ. (බ)
අපේ රටේ ප්රධාන පක්ෂ දෙකම එකයි. මේක තාම අපේ මිනිසුන්ට තේරුම් ගන්න බැහැනේ. (නි)