ඌව පළාත් සභාවට අලුතින් තේරී පත් වු විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානෙය්දී අද (07) දිවුරුම් දුන්හ.
එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලෙය් නායක කරු ජයසුරිය,මහ ලේකම් තිස්ස අත්තනායක,පාර්ලිමේන්තු කබීර් හෂිම්,රුවන් විජයවර්ධන ,සහ ජාතික සංවිධායක දයා ගමගේ යන මහත්වරු මෙම අවස්ථාවට එක් වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම එක්සත් ජාතික පාක්ෂිකයෙක්. හරින් කියන්නේ තරුණ දේශපාලකයෙක්. ඔහු ඡන්දෙට දානකොට තිබුණු උණුසුම දිනුවට පස්සේ ටික ටික ඇල්මැරිලා. මේ දිවුරුම්දීමේදීත් ඒක පේනවා. බාල පටු මේසයක්. බයවෙලා වගේ ඉන්න නායකයෝ. හරින්ගේම උනන්දුවෙන් වේදිකාවට නග්ගපු නියෝජ්‍ය නායක උප නායක උපලේකම් මෙහි නැහැ. හරින්ට මේවා තේරුම් යා යුතුයි. (අ)
කෝ අනේ ගත්ත මනාප ලියපු බෝඩ් එක. ඒක පිටේ නැහැනේ..අපරාදේ ..එ්කත් ගහගෙන දිවුරුම් දෙන්න තිබුනේ.. දැන් පේනවනේ පක්ෂේ දිනවන්නේ නැතුව මනාප ගත්තට වැඩක් නැහැ කියල.. අන්තිමයත් එකයි..පලවෙනියත් එකයි. (නදී)
බොහොම සන්තෝෂයි! (නි)
ඔබ යන මඟ හරි හරීන් (නි)
සුබ පැතුම් හරීන්! (නි)
හරින් ඇතුළු සියලු දෙනාටම සුබ පතනවා! (නි)
හරීන්, අපි ඔබට ආදරෙයි. ඌවට,බදුල්ලට වැඩක් කරන්න අදම පටන්ගන්න. (නි)
හරින් ඔබට ජයවේවා (නදී)
මෙතන දෙවැනි පින්තුරය දැක්කම මට හරීන් විපක්ෂ නායක තුමා ගැන සතුටකුත් පක්ෂයේ ඉහළම දෙන්නගේ සියුම් බලාපොරොත්තුව දැක්කම දුකකුත් ඇතිවෙනවා. අත් දෙක එකතු කරලා ආචාර කලාම මේ නායකයෝ හිතන්නේ ඒක වැඳීමක් කියලයි. දෙන්නගේ මුහුණ බලනකොට ඇතුළ පෙනෙනවා. (නදී)
අපෙන් උණුසුම් සුබ පැතුම්! (නි)
හරීන් මැති තුමනි ඔබට සුබ අනාගතයක්, ඔබ ලද ජය විශිෂ්ට ජයග්ග්‍රහණයක්. (නදී)
හරීන් වගේ දක්ෂ,හොඳ පුද්ගලයෙක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ. මම නම් හිතන්නේ පළාත් සභාවට නොයා ඉන්නයි තිබුනේ. හරීන් ලොකු තැනක ඉන්න ඕනෑ පුද්ගලයෙක්. වැඩයි, අවංකකමයි ඕනෑ. (නි)
ඔබතුමාට සුභ පතනවා! ඔබතුමාට මෙතරම් මනාප සංඛ්‍යාවක් ලැබුනේ,පොදු ජනතාව සමඟ පොඩි මිනිසෙක් ලෙස එදා පටන් සිටි නිසයි. ඔලුව උදුමවාගත්,බොරු ෂෝකාරයින්ට ජනතාව රැවටුණු යුගය අහවරයි. ඔබතුමාගේ මැතිවරණය නිසා කළ ලොකුම ජයග්‍රහණය නම් කැඩීගිය පක්ෂයේ සමගියයි. ඉදිරියටත් රැක ගනිත්වා! (නි)
ජයගමන ඇරඹුන වගයි. ජය වේවා! (නි)
හරින්, ඔබ හරි. හරිහරියට වැඩකරලා ඌවෙන් හයියක් ගත්තොත් එක්සත් ජාතික පක්ෂයට හරියට හරි යනවා. හරීන්, ඔබ හරි හපනා (නි)
හරින්, ඔබට දේශපාලනයේ තව ඉදිරියට යාමට පසුගිය දා ලද ජය ඉණිමගක් යැයි නො සිතන්න. එය ඔබට ඉදිරියට යාමට විවර කර දුන් දොරොටුවක් පමණි. එයින් ඇතුල්වන ඔබට විවිධ වේදිකාවල් මෙන්ම දේශපාලනයේ "ඔස්තාර්ලා" දැකීමටද හැකිවනු ඇත. කිසිවිටෙක ඔබ කාගේ හෝ "සරනං ගච්චාමි" නොවන්න. ඔබ විසින්ම තව තව ප්‍රගුණ කල යුතු, ස්වයං අධ්‍යයනයක යෙදිය යුතු දේශීය සහ ජාත්‍යාන්තර දේ බොහෝ ඇති බව තේරුම් ගන්න. ඔබට ඇති උගත්කම ඒ සඳහා හොඳටම ප්‍රමාණවත් බව මම දනිමි. තවමත් නිල තල ගෙන "වැඩ කරන්නට" කාලය පැමිණ නැත. එය ඔබ අභියසට එන්නේ තව වසර දහයකින් යැයි සිතන්න. එවිට ඔබ මුහුකුරා ගිය පරිනත දේශපාලකයෙකු වී සිටිනු ඇත. ඔබට ජය පතමි. (නදී)
සජිත් මාරුවෙලා ගිහිල්ලා වගෙයි (නදී)
ජයවේවා හරීන්! (නි)
කෝ අනේ ගත්ත මනාප ලියපු බෝඩ් එක ..එක පිටේ නැහැනේ..අපරාදේ ..එකත් ගහගෙන දිවුරුම් දෙන්න තිබුනේ.. දැන් පේනවනේ පක්ෂේ දිනවන්නේ නැතුව මනාප ගත්තට වැඩක් නැහැ කියල.. අන්තිමයත් එකයි..පලවෙනියත් එකයි.(අ)
සුබ ගමනක් වේවා ..... ලංකා මාතාවට ජයවේවා (නදී)
බන්දුල පෙරේරා පව්, ගොන් කතා කිය කියා ඉරිසියාවේ පුපුරනවා. (නදී)