බන්ධනාගාර රැඳැවියන්ට  තම ඥාතීන් සමඟ අදහස් හුවමාරු  කර ගැනීම සඳහා දුරකතන ඇමැතුම් ලබා ගැනීමේ මධ්‍යස්ථානයන් වැලිකඩ බන්ධනාගාරයේදී අද (15) විවෘත විය.

බන්ධනාගාර පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු වු මේ සේවාව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය එක්ව පවත්වයි.

රැඳැවියන්  අටදෙනකුට එකම මොහොතේ දුරකථන ඇමැතුම්  ගැනීමට හැකිවන පරිදි දුරකතන කුටි අටක් මෙහි ස්ථාපිත කැර ඇත.

සිය අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසු රැඳැවියන්ට දුරකතන ඇමැතුම් ලබා ගත හැකයි. සියළු දුරකතන සංවාද මෙන්ම සිසිටිවී කැමරා තාක්ෂණය ඔස්සේ ද රැඳවියන් නිරික්ෂණය කිරීම සහා වෙනම විශේෂ  මෙහෙයුම් මැදිරියක් ද මෙම සේවයට අයත්ය.

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර,ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරුද මේ අවස්ථාවට එක් වුහ.

RDS_5046 RDS_5063 RDS_5076a RDS_5090  RDS_5114 RDS_5131