ශ්‍රී ලංකා හරිත පක්ෂයේ ලියාපදිංචිය අවලංගු කිරීමට ජාතික මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.
නිසි කලට පක්ෂයේ වාර්ෂික ගිණුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන් එම පක්ෂයේ ලියාපදිංචිය අවලංගු කළ බව මැතිවරණ කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඩ් මහතා කියයි.
මේ අතර 2016 වසර සඳහා පක්ෂ 63 ක් යළිත් ලියාපදිංචි කර ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බව ද ඔහු සඳහන් කළේය. එම පක්ෂ ලියාපදිංචිය අලුත් කිරීම සඳහා ඔවුන්ගේ වාර්ෂික ගිණුම් ප්‍රකාශ ජනවාරි 31 වන දිනට පෙර යොමු කරන ලෙස උපදෙස් දුන් බවද මාධ්‍ය ප්‍රකාශක පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාජිකයන් නැති පක්ෂයකට කොහේ තියන වාර්ෂික ගිණුමද ? ලොකු පක්ෂ දෙකෙන් එකකට කඩේ යන්න අටවගත්ත පක්ෂ මේවා.(අ)
පවා දෙන්නෝ ගොඩට ගිය අනිත් පවා දෙන්නා. ඊලග ඡන්දෙදි දෙන්නම් පුතෝ ඇප නැති වෙන්න අපි ඡන්දේ.(අ)