ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ දෙමටගොඩ දී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී අයුතු ලෙස සිරකර තබාගත් බව කියන සිද්ධියක් ගැන පාර්ලිමේන්තු මන්තී්රනි හිරුණීකා පේ‍්‍රමචන්ද්‍ර හා ඇගේ පෞද්ගලික ආරක්ෂකයින් ඇතුළු සැකකරුවන් නව දෙනාට ඇප දීමට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි එස් රණවක මහත්මිය නියෝග කළාය.
රුපියල් 50000 ක බැගින් මුදල් ඇප ද රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇපයක් ද නියම විය. විදේශ ගමන් බලපත්‍ර ද තහනම් කැරිණි.
නඩු විභාගය ජනවාරි 10 සහ 11 යන දෙදින පැවැත්වීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තා වගේම නැති වේ ද දුව ? (බ)
හිරුනිකාත් බලනකොට හරි චණ්ඩියෙක් වෙලානේ (නි)
අනේ හැබෑට හිරුණිකාත් ඉතා ඉක්මණින් ජනප්‍රිය චරිතයක් වුණ හැටි? (නි)
කාන්තාවක් වෙලත් මෙහෙම හැසිරෙන එක කාන්තා අපිටත් නින්දාවක් (නි)
මේ නෝනත් විපක්ෂයේ හිටියා නම් බලන්න තිබුනා වෙන්නේ මොකක්ද කියලා. මේකට තමයි කියන්නේ යහපාලනේ කියලා. (නි)
මට නම් මේ ගැන පුදුමයක් නැහැ (නි)
වාහනෙන් ගිහින් පැහැර ගත්තහම, අරගෙන ඇවිල්ලා අඩම්තේට්ටම් කළාම ඇප ලැබෙනවා. හිටපු ඇමති ලේකම් වාහනයක් අනවශ්‍ය විදියට පාවිච්චි කළා කියලා එෆ්සීඅයිඩී එකෙන් කිව්වම ඇප ලැබෙන්න නැහැ. (නි)
කරදරයන් නොවෙන්න නම් යහපාලනයට පක්ෂව ඉන්න වෙනවා කියන එකයි දැන්නම් තේරෙන්නේ. (නි)
ඉහතින් දැක්වෙන ප්‍රතිචාර බොහොමයක් නීතිය නොදැන කියන ඒවා කියලයි මම නම් හිතන්නේ. (නි)
ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ. බුදු සරණින් හිරුට වරදින්නෙ නැහැ කවදාවත් (නි)
වත්සලා කියන්න වගේ හිරුනිකාට වරදින්නේ නැහැ. (ර)
කාගෙවත් වැරදි නොවෙයි. මේවා හැමෝටම හොඳ පාඩම්. (ර)
මට නම් හිතාගන්න බෑ මේ නෝනා මිනිසුන්ව ඉස්සුවා කියලා. (හේ)
මේවා නිකන් විහිළු වැඩ , බොරු නියෝග නැතුව ඔන්න ඔය නඩුව නිදොස් කොට නිදහස් කරන්න , දැන් කියලත් එ්කේ වෙනසක් නැනේ ?? (බ)