දෙමටගොඩ දී පුද්ගලයකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරි අතර ලබන 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය වෙනුවෙන් හිරේ වුණත් යන්න සූදානම් බව හිරුණිකා ඔප්පු කළා නේද? (නි)
ඇය සිනහවෙන්නේ ජනතාවටද, නීතියටද ,එහෙම නැත්නම් රජයටද? රට විතරක් නොවෙයි මුළු ලෝකයම දැනගෙන හිටියා ඕක ඔහොම වෙයි කියලා. එක දවසක්වත් රක්ෂිත බන්ධනාගාර ගතනොකළ එකට ස්තුතියි. මොකද නැත්නම් එයා නිකම්ම වීරවරියක් වෙනවා. (නි)
ආයෙත් නම් ඔහොම දේවල් කරන්න එපා (නි)
මේකද ඒ කියපු යහපාලනය? (නි)
අනේ ඉතින් ගෙදර ගියානේ! ඒ ඇති අපිට (නි)
හිරුණිකා මිනීමරලා නෙමෙයිනෙ. ඉතින් රටේ නීතියට අනුව ඇප ලැබීම වරදක් නෙමෙයි (නි)
නුඹේ හිනාවේ හරිම ව්‍යාජ බවක් මට පෙනෙනවා හිරුණිකා (නි)
චිත්‍රපටියක කොටසක් වාගේ තමයි හිනාවෙන් නම් පෙනෙන්නේ!!! (නි)
හිරු, ආයේ ඔයවගේ දේවල් කරන්න එපා හොඳේ.... (නි)
දිරියෙන් නැඟීසිටින්න දුවේ (නි)
ඔබතුමියට එල්ලවන මේ අපහාස වලට, එදිරිවාදිකම් වලට නොසැළී සිටින්න. ජය වේවා!! (නි)
යහපාලන විහිළු අපිට දැන් ඇතිවෙලා (නි)
මෙයා නීති ශිෂ්‍යාවක් වෙලා, නීතිඥයෙක් වෙලා මේ කරන දේවල් හරිද? (නි)
තාමත් යහපාලනයට හුණුගාන සිරිමල්ලා වගේ අය ඉන්නවනේ දෙයියනේ? (නි)
හිරුණිකා, නිර්භීතව පෙරට යන්න. (නි)
රූපා, එයා හිරේ ගියෙත් නැහැ. එහෙමහරි ආවේ යහපාලනය වෙනුවෙන් නෙමෙයි කළ වැරදි වැඩේ වෙනුවෙන්! (නි)
මම දැන සිටියා අත්අඩංගුවට ගත්තා කිවුවම, එවෙලේම ඇපපිට නිදහස් වන බව (නි)
ඇයි මෙය බිම බලාගෙන ලැජ්ජාවෙන් වගේ? බලය තිබුන පළියට නීතිය අතට ගන්න හොඳ නැහැ. (නි)
වැරදි කර වීරයන් වීමේ පැරණි ක්‍රමයේ නව පිටපත... (නි)
අපරාදේ කියලා හිතුනා එයාව අරගෙන යන්න ආ රජයේ වාහන වල ඉන්ධන ටික (නි)
වැඩිය උඩ පනින්න ගියොත් බිමට වැටෙන්න වෙනවා (නි)
හැමදෙයටම යහපාලනය සහ වෙනස ගාවාගන්න එක වැරදි බව මගේ අදහසයි. (නි)
එන්නත් කලින් ඇප ලැබිලා! (නි)
මෙයාගේ පස්සෙන් යන අයත් ඉන්නවනේ? (නි)
නියම හිනාව නේද? (නි)
ලැජ්ජා නැතුව හිනා වෙනවනේ? අසාධාරණයට හඬ නඟලා ජනතා කරපිටින් ඇවිල්ලා ඒ මිස්සුන්ටම කොකා පෙන්නනවා (නි)
නියමයිනේ! මටත් මෙහෙම ඇප ලැබෙයිද බලන්න මේ වගේ දෙයක් කරන්න හිතෙනවා (නි)
ඔයාලා දන්නවද? සිනහව කියන්නේ හොඳ ආභරණයක් (නි)
ජයවේවා හිරූ! (නි)
රටේ අනෙක් අයටත් ඔය වගේ දේවල් වලට ඇප දෙනවද? අපේ රටේ එකම වරදට නීති දෙකක් තිබෙන බව පැහැදිලිවම අපිට පෙනෙනවා (නි)
දැන් වැරදි කළ හැමෝම උසාවි යන්නේ එන්නේ මහා ලොකු වීරකමක් කළ අය වගේ (නි)
නියමයි. අත්අඩංගුවට ගන්නතුරු කෑගහපු කට්ටියගේ කටවල් වැහේවි දැන්වත්. (නි)
සමහරු උසාවියට එන්නේ රිදී රැයක් වැඩසටහනක සම්මානයක් ගන්න වගේ (නි)
අත්අඩංගුවට ගත්තද? ඇපත් ලැබිලා. ඒක හොඳයි (නි)
අනුන්ගේ පවුල් එකතුකරන්න ගිහින් වෙච්චදෙයක් , දැන්වත් පාඩමක් ඉගෙනගත්තොත් (අ
නියමයි! ගියා, ගත්තා, ආවා. (නි)
යහපාලනය හොඳයි නේද? වෙනස සැපද? (නි)
මේ සමච්චල් හිනාව දාන්නේ යහපාලනයක් බලාපොරොත්තුවෙන් ඡන්දය දුන් ඡන්දදායකයන්ටද? (නි)
මම නම් මේ ගැන පුදුම වෙන්නේ නැහැ. හැබැයි අහිංසක දුප්පත් කෙනෙක්, කෙසෙල් කැනක් හොරෙන් කැපුවොත්, එහෙම නැත්නම් දුප්පත් පාසල් යන දරුවෙක් ඉස්කොලේ යන්න අවශ්‍ය පැන්සලක් ගන්න අල්ලපු වැටේ වැටිලා තිබුන පොල් ගෙඩි 4 ක් හොරකම් කළා නම් මොකද වෙන්නේ කියලා අපිට නම් රහසක් නොවෙයි. නඩුත් ඒගොල්ලන්ගෙ, බඩුත් ඒගොල්ලන්ගෙයි. අපි අසරණ වෙලා නොවෙයි, අපිව අසරණ කරලාත් නොවෙයි, අපිම අපිව අසරණ කරගෙනයි ඉන්නේ. (නි)
ඔන්න නීතිය අකුරටම! (නි)
අත්අඩංගුවට ගන්න කලින්ම ඇපත් දීලද? (නි)
රටට උදාර මෙහෙවරක් කල මහා වීරවරියක් වගේ හිනා වේවි යන හැටි දැක්කම අපිට මහා ආඩම්බරක් දැනෙනවා යහ පලනයට ජයම වේවා (අ)
අපි බලාගෙන ඉන්නවා මොනවද වෙන්නේ කියලා. බලමු (නි)
කලින් හැමෝම කිවුවා වගේ ඔය උදවියට ඇප සහ සැප දෙකම ලැබෙනවා. ඒත් ඉදිරියට ජනමතය නම් නොලැබේවි. (නි)
කොහොමද අද ඇප දෙන්නේ? සෙනසුරාදා දිනවල සාමාන්‍ය මනුස්සයක් අත්අඩංගුවට ගත්තොත් ඒ මනුස්සයා සඳුදා දක්වා රිමාන්ඩ් කරනවා. යහපාලනයට ඒවා අදාළ නැද්ද? (නි)
මේ වගේ කීප දෙනෙක්ම ඉන්නවා අපේ බුද්ධිමත් ඡන්ද දායකයන් පත් කරලා එවපු.එක පක්ෂෙක නෙවේ පක්ෂ දෙකේම.අනේ මෙහෙමත් රටක් (අ)
ඉක්මනින්ම ඇප දීල එලියට දැම්මේ ඇති (අ)
දැන් හරි, එයා බබා ,(අ)
හිරුණිකා අත්අඩංගුවට ගත් ගමන්ම ඇප ලැබිලානේ! (නි)
එයට සියලු දෙවි දෙවතුන්ගේ ආරක්ෂාව ලැබේවා (අ)
මෙයාගේ වෙනස ඇපදිමෙන් පසු වෙනත් අය වගේ මාධ්‍ය සාකච්ඡා නොතැබීමයි(අ)
කවුරු හරි දන්නා කෙනක් මට කියනවද - සුදු වැන් වලින් ආපු කව්රු හරි රීමාන්ඩ් කරලා හරි ඇප දීල හරි තියෙනවද ? බොරුවට හැමදේටම වැරිදි කියන්න එපා . යහපාලනය වෙනස දකින්න.(අ)
බුද්ධිමත් ජනතාවගේ ඡන්දයෙන් ආ අයට දොස් කියන්න එපා (නි)
දැන් සුදු වෑන් නැහැනේ, කළු ඩිපෙන්ඩර්නේ එන්නේ (නි)
අපිට නම් මේවා පුදුමයක් නෙමෙයි (නි)
අපි ගියා නම් ඇප ලැබෙයිද? (නි)
යහපාලනය මෙයද ...? (නි)
ඒ මොකද හිරුණිකාට විශේෂ සැළකිලි. ගත්ත ගමන් ඇප? සාමාන්‍ය කෙනෙක් කළා නම් කෙළින්ම හිරගෙදර. යහපාලනය මේකද? (නි)
මේකටත් අපේ කට්ටියට මහින්දව හරි ගෝඨාව හරි කොහොමහරි පටලවාගන්න බැරිවෙන්න ඇති (නි)
හිනාවෙන්නේ හිනානොවී බැරිකමට (නි)
හොඳ පූර්වාදර්ශයක්. (නි)
මේ අර යහපාලනයක් ගැන නැහෙන්න හැදුව අය නේද? නියමයි තමයි. (නි)
දේශපාලනය කරද්දී ඔහොම තමයි හිරු නංගියෝ (නි)
හිරුණිකා දැක්කහම මට නම් වැරැද්දක් ඇතත් චෝදනා කරන්න හිතෙන්නේ නැහැ (නි)
මන්ත්‍රීතුමිය කොච්චර බයවෙලාද? (නි)
අපිට මෙයා ගැන තිබුණ පහන් හැඟීම දැන්නම් ඇත්තමෙ නැහැ (නි)
අවඥාවෙන් හිනාවෙන බවකුයි මට නම් පෙනෙන්නේ (නි)
රටේ නීතිය කොහොමත් දේශපාලුවන්ට එක විදියකුත්, රටේ සාමාන්‍ය ජනතාවට වෙනස් විදියකිනුත් සිදුවෙන බව ඕනෑතරම් නිදසුන් දෙන්න පුළුවන්. යාලු හොරුන්ව බේරාගන්න එක මෙතරම් කල් හැම ආණ්ඩුවකින්ම සිදුවුණා.අනික ලංකාවේ විතරයි හොරුන්ට, මිනීමරුවන්ට, වංචාකාරයන්ට, මාල කඩන්නන්ට, ස්ත්‍රී දුෂකයන්ට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වෙලා තියෙන්නේ. මිනිසුන්ගේ නුගත්කම එයින්ම පෙනෙනවා (නි)
වැටත් නියරත් ගොයම් කා නම් , කාට පවසම් ඒ අමාරුව.........එච්චරයි කියන්න තියෙන්නේ (නි)
යහපාලනේ වෙනස නියමෙට තේරෙනවා දැන් (නි)
ඕක තමයි ඉතින් මහ ලොකුවට කියවන ලංකාවේ නීතිය (නි)
කවුරුහරි දන්නා කෙනෙක් මට කියනවද සුදු වෑන් වලින් ඇවිල්ලා අරගෙන ගිය අඩුතරමින් 5 දෙනෙකුගේවත් නම්. (නි)
අන්තිමට එපත් නැති වුනේ ජනතාවට, මේ නාටක කවද වෙනකම් බලා ඉන්නද මන්දා (කෞ)
දේශපාලනේ ඉන්න කට්ටිය හැමෝම වගේ උසාවියෙන් එළියට එනකොට එන්නේ වීරයෝ වගේ නේද? (නි)
ප්‍රනාන්දු මහත්තයට පහුගිය කාලෙත් ඔහොම දැනුනද? නැත්නම් අලුතෙන්ද ඔහොම දැනෙන්න පටන්ගත්තේ? (නි)
සිරිමල්ට හොඳ ප්‍රතිචාර දෙකක් ලැබුනා නේද? දැන් පිළිතුරු දෙන්නකෝ. (නි)
මාගේ දැනීමේ හැටියට මෙතුමිය දෙසැම්බර් 21 දින කරන ලද පැහැරගැනීමට ජනවාරි 9 වෙනිදා ඇප සහිතව ගෙදර යාම සතුටට කරුණකි. මෙම ප්‍රශ්නය කොටදෙනියාව පොලිසිය විසින් විමර්ශනය කෙරුවේ නම් කුමක් සිදුවේද? ලංකා පොලිසියේ කාර්යක්ෂමබාවයට මගේ ස්තුතිය! (නි)
සිරිමල් අහපු නිසා ලියන්නේ. සුදු වෑන් වලින් අරන් ගියේ නමගිය අපරාධකාරයෝ. ඒත් පෙර වැරදි සොයාබලා. එහෙම නොවුණ කෙනෙක් ගෙනිච්චා නම් මෙහි ලියන්න අපිට බලාගන්න (නි)
දැන්නම් කිරි කළයට ගොම මුසුවෙලා ඉවරයි (නි)
අනේ මොකටද අපි මේවට උත්තර දෙන්නේ? (නි)
දැන් අඩුගානේ මෙයාලව උසාවියකට ඇප දෙන්න හරි ගෙනියන්න පුළුවන්. ඉස්සර විරුද්ධව කතා කළොත් වෙන දේ දන්නවනේ! (නි)