“අපි දන්නවා සිකුරාදා දිනවල පොලීසියට එන්න කිවුවොත් පොලිසියට යන්න බයයි. ප්‍රශ්න කිරීම් අවසන් වෙද්දී සවස තුන පැන්නොත් ඇප ගන්න විදියක් නෑ. “
“අහෝ පුදුමයකි සෙනසුරාදා දවසෙත් රෙජිසිටාර් කාර්යයාලය වැඩ. ඇප ලබා දෙන්න කට්ටිය වැඩ. අපිට හරි ආඩම්බරයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ලොව කෙටිම කාලයක් තුළ ඇප ලැබූ තැනැත්තිය බව ලෝක වාර්තාවක් තිබ්බා.”
පිවිතුරු හෙළ උරුමයේ නැයක උදය ගම්මන්පිල මහතා පිටකෝට්ටේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධය හමුවකදී එසේ කීවේය.
තවදුරටත් ගම්මන්පිල මහතා කියා සිටියේ
“සමහර ඇමතිවරුන් ප්‍රජාතන්ත්‍රවාදීව කළු කොඩි ඔසවන්නැයි කියද්දී ඒ වෙනුවට ජාතික කොඩිය ඔසවන ලෙස කිව්වා. හැබැයි රාජිත ඇමතිතුමා කිව්වේ කළු කොඩි ඔසවන්න ආවොත් අපිත් ඒකට ප්‍රතික්‍රියා කරනවා කියලා.”
“ඒ වගේම තලතා ඇමතිනිය කිව්වා අපේ ජනාධිපතිතුමා බලයට පත් වුන දවසේ අපි කාටවත් කළුකොඩි දාන්න දෙන්නෙ නෑ කියලා. හරීන් ප්‍රනාන්දු ඇමතිතුමා කියනවා කළුකොඩි ඔසවන අයට සුදුකොඩිත් උස්සගන්න වෙයි කියලා.”
“රටේ භීෂණ සංස්කෘතිය නිසාම වැඩි පිරිසක් ෆේස්බුක් කළුකොඩි එසෙව්වා.සමහරු කියනවා ඒකාබදිධ විපක්ෂයේ මිත්‍රයින් එකතුවුනේ නෑ කියලා.”
“සන්ධානේ දෙවනියාට වැඩිම මනාප ගත්ත ප්‍රසන්න රණතුංග, විමල් වීරවංශ මේ සියලු දෙනාම ජනවාරි 08 වැනිදා තමන්ගේ ෆේස්බුක් හැඳුනුම් පින්තූර කළුකොඩි බවට පත් කළා.”





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදේ හතයි තිහට විදේශ ගමන් බලපත්‍ර ගැනීම ලෝක වාර්තාවක් නොවෙයිද ? සඟසතු වාහන බලපත්‍ර හොරෙන් විකිණීම ලෝක වාර්තාවක් නොවෙයිද ? (බ)
හිරුනිකට පමණක් නොවෙයි විමල් විරවන්ශටත් උදේ 7 වෙනකොට අලුත් පාස්පෝර්ට් එකක් නිකුත්කළ. (කෞ)
ඒ ගමන හිරුණිකා අල්ලගත්තද? (නි)
මෙන්න බොලේ මෙදා පාර මේ මහත්තයා, හිරුණිකා නෝනගේ කරපිටින් යන්න යනවා. මාර කතාවක්නේ කියන්නේ (නි)
ඔබතුමා හිරුනිකා වගේ වයසින් අඩු කාන්තාවක් විවේචනය කරනවා හැමදාම. ඔබතුමාගේ වයසේ පිරිමි මැති ඇමති වරු කරන වැරදි විවේචනය කරන්නේ නැත්තේ ඒවා වැඩක් නැති නිසාද.(කෞ)
නයට කහින දේශපාලුවෝ (කෞ)
සමහරු මේ බීෂණ ආන්ඩුවට බයේ කලු අමුඩ, යට ඈදුම් ඈදගෙන හිටියා. මම ඒ බව හොදටම දන්නවා මොකද මම පුද්ගලිකවම ඒ බව සොයා බෑලුවා. (කෞ)
යහපාලනයේ උපරිමයටම බුක්ති විඳින්නේ මේ ගොල්ල, දැන් ඕනෑනම දෙයක් කියන්න නිදහස. ඉස්සර සමහරුන්ගේ නම කියන්නත් ජනමාධ්‍ය බයයි (කෞ)
කතාව ඇත්ත. බලය තියෙන කොට කවුරුත් ඔහොම තමයි. බලේ ඇති මිනිහාට මොලේ නැහැ කියන්නේ බොරු. (කෞ)
තාම හොරු එළියේ , ගිය ආණ්ඩුවේ හොරු අල්ලන්න යහ පාලනය බය වෙලා ,හිරුනික ගැන දොඩවන්නේ හොරු අල්ලනවට බය වෙච්ච උදවිය (කෞ)
ගම්මන්පිලගේ සිඟිති අතල් ........ (කෞ)
මට නම් පෙනෙන්නේ මේ ආණ්ඩුවේ ලොක්කන්ටම තේරෙන්නේ නැහැ ඒ අය මේ මොනවද කරන්නේ කියල. හැම තැනම, හැම එකම අවුල් කරගෙන. මෙහෙම කොහොමද රට ඉදිරියට යන්නේ. අරෙහෙ කොටස් වෙළෙඳපල කඩා වැටෙනවා. කෝ විදෙස ආයෝජකයෝ.?(කෞ)
සැරින් සැරේ මාධ්‍ය සාකච්ඡා තිය තියා වැඩක් නැති වල්පල් කියව කියවා ඉන්නෙ නැතුව රටකට වැඩක් ඇති දෙයක් ඔය මොළෙන් කරන්න අදහසක් ඇත්තෙම නැද්ද ? (බ)
ගම්මන්පිලගේ ඒ දවස් වල වැහිලා තිබුන කට දැන් අරින්න හම්බවෙලා හින්දා ඔහේ කියවනවා. ඇප කෙසේවෙතත් අත්අඩංගුව ගත් කෙනෙක් ඒ කාලේ හිටියේ නැති එක ලෝක වාර්තාවක් නෙමයිද දන්නෙ නැහැ. (නි)
ඔබත් මුහුණු පොතේ කළුකොඩි දමා ලෝක වාර්තාවක් තැබුවා (ම)
හිරුනිකා යහපාලනයට අාවේ ඔය ටික කරන්න තමා (බ)
රතුපස්වල වතුර වෙනුවට වෙඩි දීල හත් අට දෙනෙක් මරනකොට , මරන්න අණ දීපු ලොක්කන්ට උසස්වීම් දෙනකොට මෙයා ඉන්න ඇත්තේ ඕස්ට්‍රේලියා වෙන්නැති නේද? දැන් බයිලා ගහනව (බ)
දැන් අර ඕස්ට්‍රේලියාවේ ආයෝජකයා අන්තර් ජාතික වරෙන්තු එක්ක නඩු දැම්මොත් තමන්ටත් ලෝක වාර්තා තියන්න වේවි. (කෞ)
අම්මෝ ඇති යන්තන් ....පක්ෂෙට තව දෙන්නෙක් හොයා ගෙන..මන් හිතුවේ මෙයයි මධු මාධවයි විතරයි කියලා (කෞ)
මේ පක්ෂයේ ඉන්නේ මේ තුන්දෙනා පමණද? (නි)
කලින් හිටපු අය හොද නැති නිසා නේ යහපලානේ අවේ. දැන් බැලුවම සංවර්ධනයකුත් නැ. ආර්ථිකේ අන්තිමයි අද කොටස් වෙළදපොල පහලටම ගිය. අල්ලපු හොරෙකුත් නැ. (කෞ)
අනිත් මිනුස්සුන්ගේත් වටිනා කාලය නාස්ති කරන , තමන්ට වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති හිස් මිනිසෙක් ., (කෞ)
උදේ හතයි තිහට විදේශ ගමන් බලපත්‍ර ගැනීම ලෝක වාර්තාවක් නොවෙයිද ? සඟසතු වාහන බලපත්‍ර හොරෙන් විකිණීම ලෝක වාර්තාවක් නොවෙයිද ?(අ)