ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ දෙමටගොඩ දී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී අයුතු ලෙස සිරකර තබාගත් බව කියන සිද්ධියක් ගැන පාර්ලිමේන්තු මන්තී‍්‍රනි හිරුණීකා පේ‍්‍රමචන්ද්‍ර සහ ඇගේ පෞද්ගලික ආරක්ෂකයින් ඇතුළු සැකකරුවන් නව දෙනා සම්බන්ධයෙන් ඉදිරියට ගතයුතු පියවර පිළිබදව නිතිපති උපදෙස් මෙතෙක් ලැබී නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද (18) අධිකරණයට දැනුම් දුන්නේය.
නඩුවේ උදෘත ගොනුව ඉකුත් 2015. 12. 29 වැනිදින අංක ඩී පී 1/265/215 යටතේ නිතිපතිවරයා වෙත යොමු කර ඇති අතර, මෙම සැකකරුවන් නව දෙනා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නෛතික පියවරයන් සම්න්ධයෙන් මෙතෙක් නිතීපතිවරයා විසින් උපදෙස් ලබා දී නැතැයි ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය දවස්වල සිද්ද වෙච්ච දේවල් දිහා බලනකොට මේක ඉතාම සුළු සිද්ධියක් නේ. (ම)
යහ පාලනේ කෑවේ මේ වගේ අය තමයි (අ)
හිරුනිකා ගැන කතා නොකරන තරමටම හොදයි....(බ)
පොඩ්ඩක් ඉන්න නීති උපදෙස් ලැබෙයි මේ ආණ්ඩුව ගෙදර ගිහින් ඊලග ආණ්ඩුව ආපු දාට.(ම)
නීතිපති උපදෙස් පතා යවලා තියෙන එකම නඩුව මේක නෙවෙයි.පක්ෂ විපක්ෂ ගොඩක් අයගේ නඩු යවලා තියෙනවා. ලංකාවේ නඩු පරක්කු වෙන එක සාමාන්‍ය දෙයක් වෙලා.(ම)
දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ!! (නි)
අනේ ඉතින් මේ කාලේ නඩුව නීතිපතිට හරි ගිහිල්ල කියල ආරංචි වෙනවා, ඊට පෙර මොකවත්ම ආරංචි වුනේ නැනේ වෙච්ච දේවල් වලට (බ)
මේ වගේ අයයි රටට යහපාලනය ඇතිකළේ. මොවුන් රටට ආදර්ශයක් (නි)
විරුද්ධ පක්ෂයට යන්න යනවා කියලා ප්‍රචාරයක් දැම්මා නම් එදාට පසුවදාම උපදෙස් ලැබෙනවා සෙනසුරාදා ඉරිදා වුණත්. අපි මෙහෙම කියන්නේ පසුගිය කාලේ වුණ දේවල් ඇහින් දැක්ක නිසයි (නි)
මේවා ස්වාභාවිකයි. කලබල නොවෙන්න. වසර 4ක්වත් යාවි. (නි)
ඔය කියන්නෙ ඒ පිළිබඳව කිසිදු ඉදිරි පියවරක් ගන්නෙ නැහැ කියන එකනෙ. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියලා අපි කියන්නේ මේවට තමයි. (නි)
ලැබෙන්නෙත් නැතිවෙයි (නි)