දෙමටගොඩ දී පුද්ගලයකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් ප්‍රකාශයක් ලියාගන්නා බව රහස් පොලිසිය කියයි. එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසු ඇය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩුත් එයාලගේ නඩුත් එයාලගේ (නි)
අත්අඩංගුවට ගත්තහම කියනවා නඩුත් එයාගේ බඩුත් එයාගේ කියලා. නොගෙන හිටියහම අහනවා මේකද යහපාලනය කියලා. දැන් මොකක්ද කරන්න ඕනෑ? (නි)
කුමාර් කියන කතාව හරි (නි)
පව් හිරුණිකා. අනුන්ට උදවු කරන්න ගිහින් කරදරේ වැටුනා. එයාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. (නි)
හිනාවෙනවද මේවට අඬනවද කියලා තේරෙන්නේ නැහැ (නි)
යහපාලනයක් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නත් ඔලුවක් ඕනෑ කුමාර් (නි)
හිරුණිකා ඔය සිද්ධිය වුණ වෙලාවේම අත්අඩංගුවට ගත්තේ නැතුව ජනමාධ්‍ය ඒ ගැන හොයනකොට මිනිස්සු ඒ ගැන විවේචනය කරනකොට අත්අංඩංගුවට ගැනීමද යහපාලනය? (නි)
තිලංග, ප්‍රශ්නය තියෙන්නේ මෙයාට ඇපදෙනවද නැද්ද කියන එක නොවෙයි. (නි)
කට්ටිය මෙතන විකාර කියවනවා. අන්න අරයා උසාවියෙන් ගෙදරත් ගිහින්. කොහොමද සැමට එක සමාන නීතිය? (නි)
රටේ මිනිස්සු කෑගහපු නිසා එහෙම කරන්න වුණාට බලමු සාධාරණය ඉටුවෙයිද කියලා. බලමු නිකන් ප්‍රකාශය විතරක් අරන් ගෙදර එයිද, නැත්නම් නඩු වැටේවිද කියලා. (නි)
ජනතා වීරවරියක්. (නි)
දැන් යහපාලනය මනින මිනුම් දණ්ඩ ඒකද.? කාවහරි අල්ලලා හිරේ දැම්මහම යහපාලනය. දැන් අපේ රටේ හැටියට මේ වගේ පරපුරක් බිහිනොවුණොත් තමා පුදුමේ (නි)
පහුගිය සමයේ සිදුවූ වංචා, දූෂණ, හොර මගඩි සියල්ල විමර්ශන අවසන් කරලා තාම ඒවට කිසිම නිර්දේශයක් නැහැ. (නි)
අත්අඩංගුවට ගත්තා නම් " මාංචු..? මෙයා නිකම්ම අත වන වනානේ යන්නේ. (නි)
තාත්ත මරපු එකා උස්සන්ද බැරි වුණානේ. ඔවුන් ඔක්කොම කරන්නේ බොරුව (අ)
රටේ ජනදිපතිට හැම මන්ත්‍රී කෙනෙක් ළඟටවෙලා ඉන්න බැ. මන්ත්‍රීන් පුද්ගලිකව කරන වැරදි වලට යහ පාලනයට දොස් කියන්න එපා . නමුත් වැරදි කරන අයට තරාතිරම නොබලා දඩුවම් දෙන්න ඕන. යහපාලනය කියන්නේ ඒකයි,(අ)
මෙයා මහින්දට ගෑවුණු කෙනෙක් වුණා නම්අත් අඩංගුවට ගන්නේ සිද්ධිය වු දවසෙමයි. යහපාලානේ වෙනස ඒකයි (අ)
මේක යහපාලනයද? රටේ බහුතරය නැඟූ විරෝධතාවය මැද කිසිවක් කරගන්න බැරිවු නිසා ජනතාවට පෙන්වීමට පමණක් කරනා සංදර්ශනයක කොටසක්ද මේ? ඉදිරියේදී සිදුවන ප්‍රතිඵල අප බලාසිටිමු (නි)
දහම් මහත්තයෝ, එයාලගේ කට්ටිය මේ විදිහට අහුවෙන්න වැඩ කරන්නේ නැහැ. (නි)
මහින්ද ඉන්න කාලේ නීතිය හරියටම ඉටුවුණා වගෙයි දේශපාලන අනාථයෝ කතා කරන්නේ. මේ වගේ මිනිස්සු ඉන්නතුරු මේ රට හදනවා බොරු. මහින්ද කළ දේවල් එළියට එද්දී මහින්දවාදින්ට පිස්සු හැදෙනවා. වනැවදුනු නීතියක් තිබුන රටේ මෙහෙමහරි නිතිය ක්‍රියාත්මකවීම ගැන සතුටු වෙන්න ඕනෑ. (නි)
2015 ට ඉස්සර පැහැරගෙන ගිය අය ආයෙත් ආවෙ නැහැ. පැහැරගත් අය ඇල්ලුවෙත් නැහැ. පැහැරගත්තෙත් ඉහළම අයගේ ඕඩර් වලට. අද රටේ එහෙම දෙයක් නැති නිසා කියන්න දෙයක් නැතුව ඔහේ මොනවාහරි කියනවා. (නි)
කට උත්තරයක් අරගෙන උසාවියට දාලා ඇපපිට නිදහස් කළා කියයිද? වෙන කෙනක් කළා නම් මෙලහට දවස් 14 ක් හිරේත් දාලා (නි)
මෙහෙම දෙයක් වුණේ රටේ යහපාලනයක් ස්ථාපිතවෙලා තිබුන නිසා බව ඇත්ත. ඒත් මාධ්‍ය බලපෑමක් නොතිබුනා නම් සිදු නොවෙන්නත් තිබුණා. (නි)
තුන්වෙනි තට්ටුවෙන් වැටුණු මිනිහත් මැරිලා තියෙනේ කැපුම් තුවාල වලින්. ඉතින් මේක මොකක්ද? (නි)
ගල හොඳ නම් අඹරන කහ මක්වේද කියලා පරණ කතාවක් තිබෙනවා නේද? (නි)
ඉස්සර මෙහෙම වුණා නම් පැමිණිලි කළ කෙනා මෙලහට අත්අඩංගුවේ (නි)
කසාදයක් ජෝඩු කරනකොටත් අනෙක් පාර්ශවයේ පවුල් පසුබිම සොයාබලන එකේ වැරැද්දක් නැහැ කියලා හිතෙන්නේ මෙන්න මේ වෙලාවට. (නි)
මීටපස්සේ සාමාන්‍ය අපිව අත්අඩංගුවට ගනිද්දීත් නීතිපති උපදෙස් ගන්නවද? (නි)
කටඋත්තර ගන්න හරි අත්අඩංගුවට ගන්නවානේ. ඉස්සර සමහර මැඩම්ලාගෙන් කටඋත්තර ගන්න බංගලාවට යන්න වුණා. හැබැයි ඔන්න අසනීප වුණා කියලා නම් අපිට අහන්න ඉඩතියන්න එපා. අර තිරිහන් වුණ ගමන් බලපත්‍ර තිබෙන මැඩම් තවමත් එහෙමමයි. (නි)
බවලතුන් ගෘහ පාලනය පටන්ගන්නත් කලින් දේශපාලනයට යනකොට මෙහෙම වෙනවා. (නි)
ඉස්සර ආණ්ඩුව කාලේ වුණ දේවල් මෙයට අදාළ නැහැ. ඇය දඬුවම් ලැබියයුතු වරදක් කර තිබෙන නිසා දඬුවම් ලැබිය යුතුයි. මෙතන අදහස් දාන කීප දෙනෙකුට, අසාද්ට වගේ, අතීතයෙන් එළියට එන්න බැරි ලෙඩක් තිබෙනවා. (නි)
දහම්ට හිතට අමාරු වගේ පොඩ්ඩක් ප්‍රමාද වුණාට නේද? එයා ඇප මත නිදහස් වුණා. දැන් තවත් හිතට අමාරු ඇති (නි)
අසාද්, වල්වැදුණු නීතිය තිබුනේ කොටියාගේ කාලේ. අනිත් කාරණය තමයි මිනිස්සු මේ ආණ්ඩුව බලයට පත්කළේ මහින්ද කළා කියන ඒවා කරන්න නෙමෙයි. යහපාලනයකට. දැන් තියන්න ජනමත සමීක්ෂණයක්. තේරෙයි එතකොට ජනතා මතය ඔය කියන එකද වෙන එකක්ද කියලා. (නි)
යහපාලනය හොඳයි නේද? (නි)
ෂෙහාන්, අර ඇඹිලිපිටියේ සිද්ධිය නියමයි නේද? දැන් නීතිය, යුක්තිය හරියට ක්‍රියාත්මකයි නේද? (නි)
ඔන්න ඔය හැමෝම කෑගහන නිසා පොඩ්ඩක් අරගෙන ගිහිල්ල ඉස්පිරිතාලයකට ඇතුලත් කරලා ගෙදර එවන්න.(අ)
ඔය දැන් කටයුතු කෙරෙන්නේ නියමෙටම! (නි)
දහම්., හිරුනිකාට ඇප ලැබුන(අ)
හිරුනිකා හොද වෙලාවට යහපාලනෙට ගියේ මහින්ද පිලේ හිටියා නම් මෙලහට (අ)
වැරදි කරන හැමෝම ඇතුළට දාන්න ඕනෑ. ඒකේ තර්කයක් නැහැ. එත් මිනීමරපු අය එළියේ. ඒකයි දුක. හිරුණිකාගේ තාත්තා මරපු අය තාමත් නිදැල්ලේ. (නි)
අසාද්, සමීර කියන කතා හරි. වැරදි තියනවා තමයි. ඒත් අන්තිමට ටිකක් හරි හොඳ කවුද කියලා ජනතාව තේරුම් ගතයුතුයි. (නි)
කුමාර්ගේ කතාව අවලංගුවෙලා 08 වෙනිදට අවුරුද්දයි. (නි)
නොසැළී ඉදිරියට යන්න දියණිය! (නි)
දැන්නම් මෙහෙම දෙයක් නැවත කරන්න දෙපාරක් හිතන්නේ නැතිවෙයි (නි)
නිර්භීතව ප්‍රශ්න වලට මුහුණ දෙන්න (නි)
මෙන්න යහපාලනය.... දැනුත් අරගොල්ලෝ කළු කොඩි උස්සයිද? (නි)
අද මේවට සමහරු කෑ ගැහුවාට මේ සියළු වැරදි පටන් ගන්නකොට එයාලත් ඒ ආණ්ඩුවේ ඇමතිලා නේද? (නි)